August 17, 2025
සජිත් බුලත්සිංහලට ‘Man of the Globe International 2024’ ජාත්‍යන්තර තරගයේ ශූරතාව
පුවත්

සජිත් බුලත්සිංහලට ‘Man of the Globe International 2024’ ජාත්‍යන්තර තරගයේ ශූරතාව

Dec 18, 2024

2024 දෙසැම්බර් 14 වැනිදා ෆිලිපීන්ස් Pampanga හි Best Western Metro Clark, Angeles City නගරයේදී පැවැති මැන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් 2024 තරගයේ ප්‍රධාන ශූරතාවය ශ්‍රී ලංකාවේ සජිත් බුලත්සිංහලට හිමිවිය. ශ්‍රී ලංකාව නියෝජනය කළ සජිත්, පළමු ස්ථානය දිනා ගැනීමත් සමග Best National Costume සහ Best in Swimwear යන Mini Titles දිනා ගනිමින් විශේෂ කැපී පේනෙන ස්ථානයක් කරා  ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් විය.

තරඟාවලියේ සියලු තරගකරුවන් අතරින් ඉදිරියට පැමිණ, ශූරතාවය දිනාගත් සජිත්, ශ්‍රී ලංකාවේ නාමය තව තවත් ඉදිරියට එසවීමට සමත්විය. දෙවන ස්ථානය දිනාගත්තේ Philippines ජාතික ජාසියෙල් සෙබල්ලෝස්  වන අතර, තෙවන ස්ථානය හිමිවුයේ  Czech Republic ජාතික ඩේවිඩ් වෙන්ක්ල් හටය.

මැන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් තරගය යනු නායකත්වය, විශ්වාසය සහ සමාජ සත්කාරකත්වය පෙන්වන පිරිමි නියෝජිතයන්ව ගෞවරවණිය ප්‍රතිමෝර්තික වේදිකාවකි. ලෝක සංස්කෘතිය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරන නායකයන් ඉස්මතු කිරීම මෙහි අරමුණයි.

“මෙය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවේ; මෙය මගේ රටේ ජයග්‍රහණයක්,” සජිත් පවසයි. “මෙවන් විශාල ජාත්‍යන්තර වේදිකාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණය ගෙන ඒම නිහතමානී ගෞරවයක්. මෙය සාර්ථක කිරීමට මට සහය වූ Santi Guarin (Franchisee & International Director – Philippines), මයුරා පෙරේරා (National Director – Sri Lanka), සහ තනුජ් ගුණවර්ධන, බ්‍රයන් කර්කෝවන්, Lovi, බුද්ධි බතික්, හේෂාන් දොන්, සැලන් හර්ෂණ, විෂ්මිත සංකල්ප, නාමල් වෙදගේ, මාගේ පවුලේ අය සහ කසුන් තරිඳු ඇතුළු කණ්ඩායමට මා ගෞරවයෙන් ස්තූතිය පිරිණමන අතර ඔවුන්ගේ මගපෙන්වීම සහ උදව් මගේ සිහිනය සැබෑවක් බවට පත් කලා.”

සජිත් ඉදිරියේදී තම සැලසුම් ගැන වැඩිදුරටත් සඳහන් කරමින් කියා සිටියේ, “මෙය අැරඹුමක් පමණි. මම මේ ජයග්‍රහණය යොදා ගනිමින් ළමයින්ට සහ ඔබ ඔබම මෙන් ජීවත් වීමට උත්සාහ කරන අයට සහය වීමට හා කැපවීමට මා සූදානම්. නව ව්‍යාපෘති තුළින් සමාජයට සැබෑම වෙනසක් ගෙන ඒමට මම කටයුතු කරන්න බලාපොරොත්තු වනවා.”

1 Comment

  • Well I really liked reading it. This information provided by you is very useful for proper planning.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close