ලංකා බැංකුව “1990 සුව සැරිය” වෙත ගිලන් රථයක් නවීකරණය කර ලබාදෙයි
ලංකා බැංකුව විසින්, දියත් කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමගාමී ව “1990 සුව සැරිය” පදනම වෙත ගිලන් රථයක් නවීකරණය කර ලබා දීම පසුගිය දා සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ඩී. ලියනගේ, සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙරට ජනතාව වෙත සුවිශේෂී සේවාවක් ඉටු කරන “1990” සේවාව සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, මේ හරහා ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සුව සැරිය සේවාව ලබා ගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම ලංකා බැංකුවේ අරමුණයි. එමෙන් ම මෙම ව්‍යාපෘතිය යටතේ ගිලන් රථයක් නවීකරණය කර මහ ජනතාවගේ සේවයට ලබා දීම, සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩ නැංවීම සඳහා ලංකා බැංකුවේ කැපවීමට උදාහරණ සපයයි.
වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින ලංකා බැංකුව, මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳ ම බැංකු 1000 අතරට නම් කෙරුණු එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021 හා 2023 වසරවල ‘වසරේ බැංකු කරු‘ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතර ව 2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.