සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම විසින් www.sles.lk සිය වෙබ් අඩවිය ජනගත කරයි
මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රමුඛතම පෞද්ගලික සමාගමක් ලෙස සලසි ලංකා (පුද් ) සමාගම හැදින්විය හැකිය. 2000 වසරේ සිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත මෙම ආයතනය 2017 වසරේදී CIDA ආයතනය විසින් පිරිනමනු ලබන කන්ස්ට්‍රක්ෂන් එක්සලන්ස් සම්මානයද හිමි කර ගත් සමාගමකි.
සලසි ලංකා (පුද්) සමාගම විසින් කර්මාන්ත සඳහා ඉංජිනේරු සේවා සැපයීම අරමුණු කර ගනිමින් 2009 දී සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම සංස්ථාපිත කරන ලද අතර එම සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපෘති රැසකටම සිය දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයක් වේ. මෙම සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම මගින් ඉටු කරනු ලබන ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සේවා පිළිබදව වඩාත් හොදින් මෙරට ජනතාවට අවබෝධයක් ලබා දීම සදහා එහි නව වෙබ් අඩවිය www.sles.lk ලෙස 2024 දෙසැම්බර් මස 11 වැනි දින කොළඹ,මරදානේ,ආංක 44 ලිපිනයේ පිහිටි සලසි ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
මෙම සුවිශේෂ හා සාඩම්බර අවස්ථාවේදී අදහස් දැක්වූ සලසි ලංකා (පුද්) සමාගමේ හා සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගමේ සභාපති යූ.ඒ.පාදුක්ක මහතා සදහන් කළේ තම සමාගම සමග කටයුතු කරන පාරිභෝගික ජනතාවට හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට තම සමාගම් සම්බන්ධව නිවරැදිම හා නවතම ඉදිකිරීම් කටයුතු වල තත්ත්වය පිළිබදව දැන ගැනීම සදහා අවස්ථාව ලබා දීම මෙම www.sles.lk වෙබ් අඩවිය හදුන්වා දීමේ මූලික අරමුණ වූ බවයි. එමෙන්ම ආයතනය වෙත පමිණීමෙන් තොරව පාරිභෝගිකයින්ට තම සමාගම් හී සේවා ලබා ගැනීමටත්,මීට පෙර සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගම සම්බන්ධවී කටයුතු කළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපෘති පිළිබදව දැන ගැනීමටත්, තම සමාගම විසින් අලෙවි කරන විවිධ අයිතම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් මෙම වෙබ් අඩවිය හරහා හැකියාව ලැබෙන බවද පාදුක්ක මහතා මෙහිදී පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට සලසි ලංකා ව්‍යාපාර සමූහය සමග ඉතාම සමීපව ව්‍යාපාර කටයුතු හී නිරත වන Ardex – Quickseal Singapore Company හී කලාපීය ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකරු Teresa Lim (තෙරේසා ලිම්) මහත්මිය සමග සලසි ලංකා (පුද්) සමාගමේ හා සලසි ලංකා ඉංජිනියරින් සර්විසස් (පුද්) සමාගමේ ඉහළ කළමණාකාරීත්වයේ නිලධාරීහූ පිරිසක්ද සහභාගී වූහ

