December 23, 2024
NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමට තවදුරත් පියවර තබයි
පුවත්

NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමට තවදුරත් පියවර තබයි

Dec 11, 2024

නොවැම්බර් 21 වන දින 2024 මූල්‍ය වර්ෂය සඳහා පුළුල් හරිතාගාර වායු (Greenhouse Gas – (GHG)) තක්සේරුවක් සහ ඇඟයීමක් සිදුකිරීමට ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate fund – (SLCF)) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමෙන් NDB බැංකුව තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී.

NDB බැංකුව සිය කාබන් භාවිතාව අඩු කිරීමට සහ තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට ඇති කැපවීම ශක්තිමත් කිරීම සඳහා දකුණු ආසියාවේ පළමු ISO 14064 ප‍්‍රමිතිකරණය ලත් සංවිධානය වන SLCF සමඟ අත්වැල් බැඳගෙන ඇත. SLCF ආයතනය විසින් NDB බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය සහ ශාඛා ජාලය ආවරණය වන පරිදි කාබන් විමොචනයන් ලෙස හඳුන්වන හරිතාගාර වායු (GHG) විගණනයක් සිදුකරනු ඇත. මෙම සවිස්තරාත්මක සමාලෝචනය  සහ දැඩි ඇඟයීම් ක‍්‍රියාවලිය මඟින් ආයතනය තුළ වැඩිදියුණු කළ යුතු ක්ෂේත‍්‍ර හඳුනා ගැනීමට සහ කාබන් විමෝචනය රහිත  සංවිධානයක් වීමේ බැංකුවේ ඉලක්කයට ලඟාවීම සඳහා මෙමඟින් පිටුවහලක් ලැබෙනු ඇත.

මෙම මුලපිරීමේ තීරණාත්මක අංගය වනුයේ SLCF හි GHG විශේෂඤයින් විසින් පවත්වනු ලබන පුහුණු සැසියයි. තිරසර සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කොටගෙන කාබන් විමෝචනය අවබෝධ කරගැනීම සහ කළමනාකරණය කිරීම පිළිබඳව NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය සහ සේවක මණ්ඩලය හට දැනුම ලබාදීම මෙමඟින් සිදුකෙරේ.

මෙම මුලපිරීම, ආයතනයෙන් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම පිළිබඳව NDB බැංකුව මීට පෙර ලබාගත් ජයග‍්‍රහණයන් මත පදනම් වූවකි. මෙහිදී අවධානය යොමුකල අංශයන් අතර බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණය, වායු සමීකරණ පද්ධති ප‍්‍රශස්ථ කිරීම වැනි පරිසර හිතකාමී පිළිවෙත් සහ පාරිභෝගිකයින් බැංකු ශාඛා වෙත පැමිණීම අවම කිරීමට NDB NEOS ඇප් වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් ද කාබන් විමෝචනය තවදුරටත් අවම කිරීමේ ක‍්‍රියාවලියට ඇතුළත් වේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ ආයතනික තිරසාරත්ව කමිටුවේ සභාපති ලසන්ත දසනායක මහතා ප‍්‍රකාශ කලේ  “දේශගුණික විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ග අපගේ තිරසාර ක‍්‍රියාකාරකම් හි ඉදිරියෙන්ම සිටියි. SLCF වැනි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් සමඟ හවුල් වීමෙන් හොඳම භාවිතයන්ට අනුගත වීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීම අපගේ අරමුණයි. මෙම වසරේ GHG ඇඟයීම මඟින් අපගේ පාරිසරික බලපෑම අවම කරගැනීම සහ කාබන් භාවිතය මධ්‍යස්ථව පවත්වාගෙන යෑමට ගත යුතු ක‍්‍රියාමාර්ග සඳහා නව අවස්ථාවන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ ” යන්නයි.

NDB බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් වන කැපවීම ලෝකයේ මුළුමහත් මිනිස් සහ සත්ව ප‍්‍රජාවන්ටත් ශ‍්‍රී ලාංකීය ජාතියටත් දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ හිමි කරදීම සිය උපාය මාර්ග සැලසුමේ වැදගත් අංගයකි. දේශගුණික අභියෝගයන්වලට ක‍්‍රියාකාරීව මුහුණදීමේ එහි උත්සාහයෙන් තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා කැපවී සිටින වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස NDB බැංකුව සිය ස්ථාවරත්වය යළි තහවුරු කරයි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *