December 26, 2024
උසස් ඩිජිටල් අලෙවිකරණ පුහුණුව සැසියක් සඳඳහා NDB බැංකුව AdX සමඟ අත්වැල් බැඳ ගනී
පුවත්

උසස් ඩිජිටල් අලෙවිකරණ පුහුණුව සැසියක් සඳඳහා NDB බැංකුව AdX සමඟ අත්වැල් බැඳ ගනී

Nov 18, 2024

සිය කාර්ය මණ්ඩලයේ ඩිජිටල් අලෙවිකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස, NDB බැංකුව මෑතකදී Roar AdX සමඟ හවුල් වී එහි කාර්ය මණ්ඩලය සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම සහයෝගීතාවයල නවීනතම ඩිජිටල් උපාය මාර්ග අනුගමනය කරමින් පුළුල් ලෙස විකාශනය වන මුල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීම උදෙසා NDB විසින් දරණ අඛණ්ඩ කැපවීමේ කොටසකි.

Meta විසින් කළමණාකරණය වන හවුල්කරුවෙකු වූ Roar AdX විසින් මෙම පුහුණුව ලබා දුන් අතර, Meta අලෙවිකරණ හා වෙළඳ දැන්වීම් තාක්ෂණය භාවිතය සඳහා උසස් මෙවලම් සහ ශිල්පීය ක්‍රම වලින් NDB හි අලෙවිකරණ කණ්ඩායම සන්නද්ධ කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී. ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ උපාය මාර්ග ප්‍රශස්ත කිරීම, ඵලදායී ප්‍රචාරණයන් නිර්මාණය කිරීම සහ ඉලක්කගත ඩිජිටල් අලෙවිකරණය හරහා වර්ධනයක් ඇති කිරීම සඳහා කාර්ය මණ්ඩලයට දැනුම ලබා දෙමින් බැංකු අංශයේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම වැඩමුළුව සකස් සකස් විණිග

NDB කාර්ය මණ්ඩලය වෙත Meta ප්‍රචාරණය පිළිබඳ ගෝලීයව භාවිතා වන හොඳම උපාය මාර්ගයන් හඳුන්වා දෙන ලද අතර, ඔවුන්ගේ ඉලක්කගත පාරිභෝගිකයින් වෙත ඵලදායි ලෙස ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම, වෙළඳ පළ තුළ වැඩි වශයෙන් පෙනී සිටීම සහ වඩා හොඳ තීරණ ගැනීම සඳහා විශ්ලේෂණයන් භාවිතා කිරීම පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙන ලදී.  මෙම පුහුණුව මඟින් ඩිජිටල් ප්‍රචාරණය සඳහා නව්‍ය ප්‍රවේශයන් අවධාරණය කරන ලද අතර, පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ බැංකු  ඩිජිටල්කරණයේ පුරෝගාමීයා වීම යන බැංකුවේ පුළුල් උපාය මාර්ගය සමඟ සමපාත වෙමින් වඩාත් ඵලදායී ව්‍යාපාර උපාය මාර්ගයන් සැකසීමට හා දියත් කිරීමට Meta කාර්ය මණ්ඩලය සවිබල ගන්වන ලදී.

මෙම හවුල්කාරිත්වය මඟින් බැංකුව තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමට NDB බැංකුව දරණ ප්‍රයත්නයන් මනාව පිළිබිඹු වන අතර, එහි අලෙවිකරණ උපාය මාර්ගයන්, ගෝලීය ප්‍රමිතීන් සපුරාලීම පමණක් නොව ඒවා ඉක්මවා යමින් සකස් වන බව සහතික කරයි. උසස් පුහුණුවකින් කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමෙන් සහ ඩිජිටල් දියුණුව සඳහා ආයෝජනය කිරීමෙන්, NDB බැංකුවල බැංකු ක්ෂේත්‍රයේ සංවර්ධනයන්හි ඉදිරියෙන්ම සිටීමට සහ ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය පවත්වා ගැනීමට සිය කැපවීම යළි යළිත් තහවුරු කරයි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුවයිග NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. විශිෂ්ටත්වය සඳහා වූ Euromoney Awards 2024 සම්මාන උළෙලේදී NDB ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර, Asian Banking and Finance Magazine 2024 මඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුකරණයේ වසරේ දේශීය  බැංකුව ලෙසත්, ශ්‍රී ලංකවේ දේශීය මුල්‍ය ව්‍යාපෘති සඳහා වන වසරේ බැංකුව ලෙසත් NDB බැංකුව සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, ප්‍රාග්ධන වෙළඳපල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසක් හා එක්ව අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයක් පිහිටුවා ඇත. තවද, ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බලගැන්වෙන අර්ථවත් මුල්‍ය හා උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා ණ්ඪ්ඹ් බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *