AVI නවතම ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හි දැන් විවෘතයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී.
බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා, ඇවිදීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාශීලී ක්‍රියාකාරකම් වෙනුවෙන් සහ එදිනෙදා ගමන්බිමන් සඳහා විශේෂයෙන් සකස් කළ අනර්ඝ පාවහන් හා ස්නීකර්ස් නිපැයුම් පෙළක් AVI හඳුන්වා දී ඇත. එමෙන්ම ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් ඔබ වෙනුවෙන්ම එදිනෙදා ගමන්බිමන් සඳහා උචිත ඇඳුම් පැළඳුම් මෙන්ම ක්‍රීඩා සහ පුහුණු ඇඳුම් පැළඳුම් වර්ග රැසක් AVI සන්නාමය යටතේ මිලදී ගත හැකිය. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නැංවීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාශීලී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවට සරිලන ආකාරයෙන් AVI සන්නාමයේ පාවහන් හා ඇඳුම් පැළඳුම් පෙළ වෙළෙඳපොළට නිකුත් කෙරේ. AVI සන්නාමයේ අනගි නිපැයුම් පෙළ කලම්බු සිටි සෙන්ටර් හි ආරම්භ වූ මෙම නවතම AVI ප්‍රදර්ශනාගාරයෙන් සහ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට්, දෙහිවල, යාපනය, කිරිබත්ගොඩ, කුරුණෑගල, මාතර, මීගමුව, නුගේගොඩ, පානදුර, රත්නපුර සහ වැල්ලවත්ත ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකි අතර දීප ව්‍යාප්ත DSI Premier ප්‍රදර්ශනාගාර වෙතින් සහ තෝරාගත් DSI ප්‍රදර්ශනාගාර රැසකින් ද මිලදී ගත හැකිය.
“Mission Critical Sportswear” තේමාව පෙරදැරිව ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රය පාවහන් ප්‍රමුඛ විලාසිතාවන්ගෙන් සවිබලගන්වන AVI ජාත්‍යන්තර ප්‍රමිතියේ දේශීය විශිෂ්ඨත්වයෙන් හෙබි සන්නාමයකි. වෘත්තීය ක්‍රීඩකයන්ටත්, ආධුනික ක්‍රීඩකයන්ටත් තම තමන්ගේ ක්‍රීඩාශීලීත්වය ඔප්නංවාගැනීමෙහිලා උපකාරීවන අනගි AVI නිපැයුම් විශිෂ්ඨ ශ්‍රී ලාංකීය ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමෙහිලා තම මෙහෙවර ඉටුකරයි.
සුවිශේෂී වට්ටම් රැසක් සමග ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සාප්පු සවාරියක ආශ්වාදනීය අත්දැකීමක් ලැබීමට AVI දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය ලෙස විවෘත වූ කලම්බු සිටි සෙන්ටර් ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.
3 Comments
Ümraniye süpürge servisi garantisi Süpürgemde sorun çıktığında ilk tercihim burası. https://gorseva.org/ustaelektrikci
süpürge filtre temizliği Uygun fiyatlı kaliteli hizmet aldım. https://metaearning.pro/blogs/64/S%C3%BCp%C3%BCrge-Tamircisi
Mega888 Apk Download Original Mega888 Apk Download