November 25, 2024
NDB WriztPay 2024 ගෝලීය බැංකුකරණ සහ මුල්‍ය සම්මාන උළෙලේ නවෝත්පාදන විශිෂ්ටතා සම්මානය දිනාගනී
පුවත්

NDB WriztPay 2024 ගෝලීය බැංකුකරණ සහ මුල්‍ය සම්මාන උළෙලේ නවෝත්පාදන විශිෂ්ටතා සම්මානය දිනාගනී

Oct 22, 2024

NDB බැංකුව සිය පෙරළිකාර හඳුන්වාදීම වන NDB WriztPay වෙනුවෙන් එක්සත් රාජධානියේ ග්ලෝබල් බෑංකින් ඇන්ඞ් ෆයිනෑන්ස් සම්මාන 2024 (Global Banking and Finance Awards 2024& හිදී ගෙවීම් සඳහා නවෝත්පාදන විශිෂ්ටත්ව සම්මානය දිනාගත් බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමිකර ගැනීම මඟින් බැංකුකරණ තාක්ෂණයේ ප්‍රමුඛයා ලෙස  මුල්‍ය සේවා අංශයේ ඩිජිටල් නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමට NDB බැංකුවේ ඇති කැපවීම ඉස්මතු කරයි.

2011 වසරේ ආරම්භයේ සිට, ග්ලෝබල් බෑංකින් ඇන්ඞ් ෆිනෑන්ස් සම්මාන උළෙල ජාත්‍යන්තර වශයෙන් මුල්‍ය අංශය තුල නවෝත්පාදන සහ මුල්‍ය විශිෂ්ඨත්වය ඇගයීමට ලක් කෙරිණි. විවිධ අංශ හරහා මුල්‍ය විශේෂඥතාව සහ අනාගත දැක්මක් සහිත උපායමාර්ග විදහා දක්වන සියලූම ප්‍රමාණයේ සමාගම් වෙනුවෙන් මෙම සම්මාන පිරි නැමිණි. නවෝත්පාදන අංශයේ විශිෂ්ටත්වයේ ජයග්‍රහණය NDB බැංකුව හිමිකරගැනීම මඟින් වත්මන් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන නවීන විසඳුම් ලබාදීමට NDB බැංකුවේ ඇති කැපවීම විදහා දක්වයි.

NDB WriztPay යනු, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දුන් ගෙවීම් අත් පලඳනාව වන අතර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මුල්‍ය කළමනාකරණය සඳහා වඩා පහසු සහ ආරක්ෂිත ක්‍රිමවේදයකි. VISA මඟින් බල ගැන්වෙන, NDB WriztPay පාරිභෝගිකයින්ගේ එදිනෙදා ගනුදෙනු වඩාත් පහසු කරන අතර පාරිභෝගිකයාගේ අතේ පැලඳි පලඳනාව ගෙවීම් යන්ත්‍රයට සමීප කිරීමෙන් ගනුදෙනුව සිදුකිරීමට හැකි වේ. මෙම නවෝත්පාදනය NDB බැංකුවේ ඩිජිටල්-මූලික කරගත් උපාය මාර්ගය පිළිබිඹු කරන අතර එය බැංකුකරණයේ සෑම අංශයකටම තාක්ෂණය ඒකාබද්ධ කිරීම, පහසුව, ආරක්ෂාව සහ සියලූ දෙනාට ප්‍ර වේශවීමේ හැකියාව සහතික කරයි.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, ‘‘අපගේ ගෙවීම් සඳහා වූ නව්‍ය හඳුන්වාදීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක් බවයි. NDB උරස WriztPay අපගේ ගනුදෙනුකරුවන්ට නවතම අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම අපගේ බලාපොරොත්තුවයි. මෙම විසඳුම, පහසුව පමණක් නොව තාක්ෂණික දියුණුවත් පිළිබිඹු වන අතර අපට හිමි වූ සම්මානය නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් වේ. මුල්‍ය කර්මාන්තයේ සීමාවන් ඉදිරියට ගෙන යාමට NDB බැංකුවේ අපි නිබඳවම කැපවී සිටිමු.’’ යනුවෙන් ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

ග්ලෝබල් බෑංකින් ඇන්ඞ් ෆයිනෑන්ස් සම්මාන උළෙල බැංකුකරණය, තාක්ෂණය, ආයතනික පාලනය, වත්කම් කළමනාකරණය සහ ආයතනික සමාජ වගකීම් ඇතුළු විවිධ කාණ්ඩවලට විහිදී යයි. NDB බැංකුව ලද මෙම ජයග්‍රහණය, පාරිභෝගිකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරන අතරම බැංකු ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් සකසන මුල්‍ය සේවාවන්හි ප්‍රමුඛයා ලෙස එම අංශයේ දියුණුව උදෙසා ක්‍රියා කිරීම වෙනුවෙන් NDB බැංකුවෙහි ඇති කැපවීම ඉස්මතු කරයි.

NDB බැංකුව සිය බැංකුකරණ සේවාවන් සඳහා ඩිජිටල් තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිතා කිරීම කෙරෙහි වැඩි අවධධානයක් යොමුකරයි. තත්වයෙන් උසස් ඩිජිටල් මෙවලම් භාවිතා කරමින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සහතික කරන බැංකුව, නවෝත්පාදනයන් ප්‍රායෝගිකත්වය සමඟ මුසු කරමින් වඩාත් නවීන අත්දැකීම් ඔවුන්වෙත් ලබාදීම වෙනුවෙන් කැපවී සිටියි.

සෑම විටම අනාගතය සමඟ බැඳුණු වඩාත් නවීන බැංකුකරණ විසඳුම් නිර්මාණය කිරීමේ පුරෝගාමීන් ලෙස NDB බැංකුව ක්‍රියා කරයි. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත, නවීන තාක්ෂණය හා බැඳුණු බැංකුකරණ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් බැංකුව නිබඳවම කැපවී සිටියි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍රවිය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

2 Comments

  • Keep up the fantastic work! Kalorifer Sobası odun, kömür, pelet gibi yakıtlarla çalışan ve ısıtma işlevi gören bir soba türüdür. Kalorifer Sobası içindeki yakıtın yanmasıyla oluşan ısıyı doğrudan çevresine yayar ve aynı zamanda suyun ısınmasını sağlar.

  • Keep up the fantastic work! Kalorifer Sobası odun, kömür, pelet gibi yakıtlarla çalışan ve ısıtma işlevi gören bir soba türüdür. Kalorifer Sobası içindeki yakıtın yanmasıyla oluşan ısıyı doğrudan çevresine yayar ve aynı zamanda suyun ısınmasını sağlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *