October 22, 2024
4K තාක්ෂණය,AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය
පුවත්

4K තාක්ෂණය,AirSlim නිමාව හා Knox ආරක්ෂාව සමඟින් අසමසම අත්දැකීමක් එක් කරන සැම්සුන් Crystal 4K Dynamic රූපවාහිනිය

Oct 19, 2024

2024 Crystal 4K Dynamic රූපවාහිනිය සමඟින් යළිත් වරක් මෙරට පාරිභෝගිකයාගේ විනෝදාස්වාදය අරුත් ගන්වන්නට සැම්සුන් කටයුතු කර ඇත්තේ නව්‍යකරණ තාක්ෂණයේ මහිමය ඔවුන් ඉදිරියට ගෙන එමිනි. 4K තාක්ෂණය, AirSlim නිමාව, සුවිශේෂී Crystal වර්ණ හා Knox Security වැනි විශේෂාංගවලින් සැදුම්ලත් මෙම නවතම Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇත්තේ ආකර්ෂණීය වර්ණ රටා, වැඩිදියුණු කළ ශබ්ද තාක්ෂණය හා ඉහළ ආරක්ෂාවද සමඟිනි.

වඩා සුපැහැදිලි රූප රාමු නරඹන්නා වෙත ගෙන ඒමෙන් පමණක් නොනැවතී නව්‍ය තාක්ෂණයේ එකතුවක් ලෙස පාරිභෝගිකයාට අසමසම අත්දැකීමක් ලබා දීමට සමත් මෙම නවතම රූපවාහීනී පෙළ ඕනෑම පරිසරයකට ගැලපෙන අයුරින් සකස් කර තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් එහි ඇති AirSlim නිමාව ඊට සුවිසල් පිටිවහලක් වනු ඇති අතර ඒ සමඟ වන ශබ්ද රසය හා 4K තාක්ෂණය හේතුවෙන් ක්‍රීඩා තරඟ, සංගීත ප්‍රසංග හෝ චිත්‍රපටි නරඹන්නන් හට සිත් සේ ඒවායෙහි රසය විඳ ගැනීමේ අවස්ථාව උදා කර දෙනු නිසැකය.

වැඩි දියුණු කළ විශේෂාංගයන් සමඟින් එන 4K තාක්ෂණය

Crystal 4K Dynamic රූපවාහිනියෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වයක් ලෙස වැඩි දියුණු කළ 4K තාක්ෂණය සඳහන් කළ හැකිය. සුපැහැදිලි රූප රාමු නොමැතිව රූපවාහිනියක් නැරඹීම සැබෑ රස වින්දනයට බාධාවකි. මෙම තාක්ෂණය තුළින් සුපැහැදිලි හා ආකර්ෂණීය රූප රාමු නරඹන්නා වෙත ගෙන ඒම සඳහා resolution ඉහළ නංවනු ලබන්නේ සැබෑ රස වින්දනයක් ඔවුන් වෙත ගෙන එමිනි. 4K තාක්ෂණයේ ගුණාත්මකභාවය Crystal 4K Dynamic රූපවාහිනියේ සුවිශේෂී සාධකයක් වන්නේ එබැවිනි.

දහස් ගණනින් සැදුම්ලත් සුවිශේෂී Crystal වර්ණ

වෛවර්ණ රූපවාහිනී අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් විශාල පරාසයක විහිදුණු වර්ණ රටාවන් රූපවාහිනී තිරය මතින් දැක ගැනීමේ අවස්ථාව නරඹන්නාට ලබා දෙන සුවිශේෂී Crystal වර්ණ තාක්ෂණය හේතුවෙන් රූපවාහිනී රස වින්දනයේ ඉදිරි පියවරක් සනිටුහන් කරන්නකි. phosphor තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙය රූපවාහිනී තිරය මත දිස්වන රූපවල ජීවමාන වර්ණයන් තවත් ඉහළ නංවමින් නරඹන්නා ඉදිරියට ගෙන එයි. නිල්වන් සාගරය, හිරු බැස යන අපරදිග අහස වැනි අලංකාර දසුන් විවිධ වර්ණයන්ගෙන් පොහොසත්ව වාර්තා චිත්‍රපට, ක්‍රීඩා තරඟ ඇතුළු බොහෝ දේ ඔබ වෙත ගෙන ඒමට Crystal 4K Dynamic රූපවාහිනිය සමත් වනු ඇත.

වඩා සුසිනිඳු නවතම AirSlim නිමාව

නිවසට අලංකාරයක් එක් කරනුයේ රූපවාහිනියේ නිමාවයි. නවතම AirSlim නිමාවෙන් යුත් Crystal 4K Dynamic රූපවාහිනිය සතු සුමට හා තුනී බව නිසාම එය ඕනෑම ස්ථානයක පහසුවෙන් තබා ගනිමින් අඛණ්ඩ රස වින්දනයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ සිහින් නිමාවකින් යුතු වුවද අග්‍රගන්‍ය තාක්ෂණයෙන් යුත් නිෂ්පාදනයක් ලෙස අසමසම රස වින්දනයක් ලබා දීමට හැකි වීමයි.

ඔබේ දත්තවල ආරක්ෂාව සනිටුහන් කරන Knox Security

ඩිජිටල් යුගයේ නිෂ්පාදනයක කාර්යක්ෂමතාව මෙන්ම එහි ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. Knox Security වෙතින් සිදු වන්නේ ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමයි. ඔබ අන්තර්ගතයන් ක්‍රියාත්මක කළද, ඒ වෙනුවෙන් හඬ විධානයන් භාවිත කළද ඔබේ පුද්ගලිකත්වය සමඟ රූපවාහිනිය බැඳී පවතී. රූපවාහිනියක් ලෙස මෙන් පමණක් නොව ඔබේ නිවසේ විනෝදාස්වාද කේන්ද්‍රය ලෙස ඊට නිසි ආරක්ෂාවක් ලබා දිය යුත්තේ එහෙයිනි.

නිමක් නැති අන්තර්ගතයක් ඔබට ලබා දෙන Samsung TV Plus

ඔබට අවශ්‍ය වැඩසටහන් අවශ්‍ය පරිදි නැරඹීමේ අයිතිය ඔබ සතුය. ඒ නිදහස ඔබට ලබා දෙන්නේ Samsung TV Plus විශේෂාංගයයි. නරඹන්නාගේ අවශ්‍යතාවය අනුව අමතර දෘඪාංග යොදා ගැනීමකින් තොරව පුළුල් පරාසයක් වෙත පිවිසීමේ හැකියාව මේ තුළින් උදා වන අතර තමන් කැමති ප්‍රවෘත්ති, සඟරාමය වැඩසටහන්, ක්‍රීඩා තරඟ, චිත්‍රපටි වැනි ඕනෑම විශේෂාංගයක් අවශ්‍ය විටෙකදී නැරඹීමට හැකි වේ.

සුමිහිරි ශබ්ද රසයක් වෙනුවෙන් වූ Q-Symphony තාක්ෂණය

Crystal 4K Dynamic රූපවාහිනියේ ඇති ස්පීකර් හා ඊට සම්බන්ධ soundbar යන දෙකම එකම මොහොතේ ක්‍රියා කිරීම තුළින් සවනට මිහිරක් එක් කරනු ලබන්නේ මෙතෙක් පැවති එක් උපාංගයක් ක්‍රියා කිරීමේදී අනෙක් උපාංගය ක්‍රියා විරහිත වීමේ දුෂ්කරතාව මග හරිමිනි. පද්ධති දෙකම එකවර ක්‍රියාත්මක වීම හේතුවෙන් සිනමා ශාලා අත්දැකීමකට සමාන ශ්‍රවණ අත්දැකීමක් ලබා ගැනීමට Q-Symphony විශේෂාගංය තුළින් පාරිභෝගිකයාට හැකි වේ. ඇසට දකින දේ සවනින් අසමින් සැබෑ ආනන්දයක් විඳගැනීමට එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.

පරිසර හිතකාමී නව්‍යකරණ SolarCell දුරස්ථ පාලකය

තිරසාරත්වය වෙනුවේ සැම්සුන්හි කැපවීම මනාව පෙන්නුම් කරන SolarCell දුරස්ථ පාලකය පරිසර හිතකාමී උපාංගයකි. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති එය හිරු එළියෙන් හෝ ගෘහස්ථ ආලෝකය භාවිතයෙන් ආරෝපණය කළ හැකි වීම විශේෂත්වයකි. නව තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට මෙන්ම පරිසරයට ආදරය කරන පාරිභෝගිකයින්ට මෙම SolarCell දුරස්ථ පාලකය කදිම අත්දැකීමක් වනු ඇත.

අනුවර්තන ශබ්දය හා OTS Lite සමඟින් ආකර්ෂණීය ශබ්ද රසයක්

නවතම අනුවර්තන ශබ්ද තාක්ෂණය සහිත Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔබ නරඹන අන්තර්ගතයට ගැලපෙන ශබ්ද රටාවන් ඔබේ සවනට ගෙන එන්නේ ඔබට අසමසම ශබ්ද රසයක් ගෙන එමිනි. ත්‍රිමාණ ශ්‍රවණ අත්දැකීමක් උරුම කර දෙන Object Tracking Sound Lite (OTS Lite) සමඟ එම ස්ථානයේ සිටින ආකාරයේ සජීවී ශබ්ද අත්දැකීමක් ලබා දීමට සමත් වේ.

Hands-Free පහසුකම සහිත Multi Voice Assistant

Bixby සහ Amazon Alexa වෙනුවෙන් නිර්මාණය කරන ලද Multi Voice Assistant තාක්ෂණය  Crystal 4K Dynamic රූපවාහිනී පෙළෙහි තවත් සුවිශේෂී විශේෂාංගයක් වේ. එහිදී ඔබේ හඬ විධාන භාවිතයෙන් රූපවාහිනී සහ smart home උපාංග පහසුවෙන් පාලනය කිරීමේ අවස්ථාව සලසා දෙයි. රූපවාහිනී නාලිකාව වෙනස් කිරීමට පමණක් නොව කාලගුණය පරීක්ෂා කිරීමටද මෙම පහසුකම ඔබට වැදගත් වනු ඇත.

සෑම විටම නිසි රූප රාමු ලබාදෙන Crystal Processor 4K

නිසි වර්ණ හා වැඩිදියුණු කළ රූප රාමු ලබා දෙන 4K Crystal Processor එකකින් සමන්විත මෙම Crystal 4K Dynamic රූපවාහිනී පෙළ නිරන්තරයෙන් නරඹන්නාට ජීවමාන පෙනුමෙන් යුත් රූප රාමු ලබා දීමට කටයුතු කරන්නේ ඔවුන්ට මනා රස වින්දනයක් එක් කරමිනි. අදාළ රූප රාමුවලට ගැළපෙන ආකාරයෙන් සිදුවන වර්ණ වෙනස්කම් හේතුවෙන් ඔබේ ඇස් ඉදිරිපස සුන්දර දසුන් පෙලක් දැක ගැනීමට ඔබට හැකි වනු ඇත.

ආකර්ෂණීය හා සුවිශේෂී රූපරාමු ගෙන එන HDR සහ Contrast Enhancer

Crystal 4K Dynamic රූපවාහිනිය සතු HDR තාක්ෂණය හා Contrast Enhancer තුළින් රූපවාහිනී දර්ශනයන් මනාව තිරය මත දිග හරිනු ලබන්නේ දීප්තිමත් දර්ශන වඩාත් දීප්තිමත් ලෙසත් අඳුරු දර්ශන වඩාත් සවිස්තරාත්මක ලෙසත් ගෙන එමිනි. ඔබ නරඹන පරිසරය, කාලය වැනි සියලු දේ සියලු සාධකයන් සහිතව තිරයට ගෙන ඒමට එම තාක්ෂණයන් සමත් වේ.

මේ සියලු විශේෂාංගවලින් සමන්විත 2024 Crystal 4K Dynamic රූපවාහිනී ඔබේ නිවසේ ඉඩකඩට මෙන්ම අතේ ඇති මුදලට ගැලපෙන ආකාරයෙන් විවිධ ප්‍රමාණයන් මිලදී ගැනීමේ අවස්ථාවද සැම්සුන් වෙතින් උදා කර දී ඇත. ඔබට සුවිසල් අඟල් 43 හෝ වඩා විශාල අඟල් 55 තිරයන්ගෙන් යුත් Crystal 4K Dynamic රූපවාහිනී නිෂ්පාදනයන්ද ඔබට අවැසි පරිදි ලබා ගත හැකි අතර මේ සියලු දේ දිවයින පුරා විසිරුණු සැම්සුන් බලයලත් අලෙවිකරුවන්ගෙන් වගකීමක් සහිතව මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *