October 16, 2024
2024 භාව ප‍්‍රසංගය සමඟ සිසුන්ගේ උසස් කලා සෞන්දර්යයක් ඔප්නැංවීමට සහ වර්ණවත් කිරීම සඳහා NDB බැංකුව බම්බලපිටිය ශාන්ත පීතර් විදුහල සමඟ අත්වැල් බැඳගනී.
පුවත්

2024 භාව ප‍්‍රසංගය සමඟ සිසුන්ගේ උසස් කලා සෞන්දර්යයක් ඔප්නැංවීමට සහ වර්ණවත් කිරීම සඳහා NDB බැංකුව බම්බලපිටිය ශාන්ත පීතර් විදුහල සමඟ අත්වැල් බැඳගනී.

Oct 11, 2024

පසුගිය අගෝස්තු මසදී BMICH රංග ශාලාව සංගීතයෙන් සහ නර්ථනයෙන් ඒකාලෝක කළ කීර්තිමත්  “භාව” සංගීත සන්ද්‍යාව සඳහා ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වශයෙන් ශාන්ත පීතර විද්‍යාලය සමඟ අත්වැල් බැඳගත් බව NDB බැංකුව ඉතා සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. විද්‍යාලීය පෙරදිග සංගීත කණ්ඩායම සහ විද්‍යාලීය ගීතිකා කණ්ඩායම මෙම සංගීත සන්ද්‍යාව වර්ණවත් කළ අතර තරුණ කලාකරුවන් සඳහා සිය කලාත්මක හැකියාව සහ සංස්කෘතික සම්ප‍්‍රදායන් කෙරෙහි ඇති ඇල්ම ප‍්‍රදර්ශණය කිරීම සඳහා මෙම සංගීත ප‍්‍රසංගය මහඟු තෝතැන්නක් විය.

ශාන්ත පීතර විද්‍යාලයේ  “භාව” ප‍්‍රසංගයල එහි භාව ප‍්‍රකාශනයන් ඉතා ගැඹුරින් සංකේතවත් කරන අතර ප‍්‍රජා මූලික කරගත් සංස්කෘතික හා තරුණ මුලපිරීම් සඳහා NDB බැංකුවෙහි අඛණ්ඩ සහාය මැනවින් ප‍්‍රදර්ශණය කරමින්, තාරුණ්‍යයේ දක්ෂතාවන් වර්ධනය කළ හැකි අවස්ථාවන් නිර්මාණය කිරීමෙහිලා බැංකුවේ ඇති කැපවීම මෙමඟින් අවධාරණය කරයි.

එහිදී අදහස් දක්වමින් NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ප‍්‍රකාශ කර සිටියේ  “භාව” ප‍්‍රසංගය සඳහා සහාය දැක්වීමෙන් පිළිබිඹු කරන්නේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ දක්ශතාවයන් හඳුනා ගැනීමට සහ අභිබවා යෑමට ඉඩ සලසා දෙමින් ඔවුන්ව සවිබල ගැන්වීමෙහි කොටසක් ලෙසයි. අපගේ තරුණ තරුණියන් නවෝත්පාදනයන් සහ නායකත්වය ලබා දීමේ ඇති හැකියාව පිළිබඳ අප විශ්වාස කරන අතර ඔවුන්ගේ හැකියාවන් පමණක් නොව ඔවුන්ගේ අනාගතයද පෝෂණය කිරීමට අප බලාපොරොත්තු වෙමු. තරුණ්‍ය සවිමත් සමාජයක පදනම වන හෙයින් තරුණ්‍ය වෙනුවෙන් අයෝජනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව එදිරිසිංහ මහතා තව දුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

  “භාව” වැනි ප‍්‍රසංගයක් සඳහා NDB බැංකුවේ සහයෝගය හුදෙක් හවුල්කාරිත්වයෙන් ඔබ්බට යමින් සමස්තයක් ලෙස තාරුණ්‍යයේ  හැකියාවන් පෝෂණය කිරීමෙහිලා NDB බැංකුවේ ඇති කැපවීම පිළිඹිබු කරයි. මෙම සහයෝගීතාවයෙන් NDB බැංකුව තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණයන් වඩාත් පහසුවෙන් සහ සුරක්ෂිතව සිදු කරගැනීමට NDB බැංකුව විසින් ලබා දෙන පහසුකම් හඳුන්වා දීමට අරමුණු කරයි.

තරුණ තරුණියන්ගේ අනාගත අභිවෘද්ධිය උදා කරගැනීම සඳහා ඔවුන්ව ඉතිරි කිරීම් සහ මූල්‍ය සැලසුම් උදෙසා දිරිමත් කිරීමට පහසුකම් සලසා දෙමින්, තරුණ්‍යයේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහාම සකස්කර ඇති NDB බැංකුවේ ZEE ගිණුම සහ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම වැනි NDB බැංකුවේ නව්‍යකරණ බැංකුකරණ විසඳුම් හඳුන්වා දීමට මෙම ප‍්‍රසංගය මඟින් NDB බැංකුව හට අවස්ත්ථාව උදාවිය.

තාරුණ්‍ය මූලික කරගත් මුලපිරීම් සඳහා NDB බැංකුව විසින් අඛණ්ඩ සහයෝගය ලබා දෙන අතර  “භාව” ප‍්‍රසංගය ශ‍්‍රී ලංකාවේ යෞවනය සඳහා සුභවාදී අනාගතයක් නිර්මාණය කිරීමෙහිලා NDB බැංකුවේ කැපවීම පිළිබඳ කදිම නිදසුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *