October 16, 2024
JAT සමාගම ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග එක් වී පින්තාරු ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි
පුවත්

JAT සමාගම ජාත්‍යන්තර පුහුණුකරුවන් සමග එක් වී පින්තාරු ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි

Sep 11, 2024

ශ්‍රී ලංකාවේ දැව ආලේපන, තීන්ත බුරුසු සහ රෝලර් සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC, මෙරට පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ‘Harris International Painter Training Programme 2024’ නමින් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. දීර්ඝ කාලයක පටන් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ ප්‍රජා සත්කාරය යටතේ මෙය ක්‍රියාවට නැංවේ. ජාත්‍යන්තර පුහුණුකරුවන් යටතේ මෙරට පින්තාරු ශිල්පීන්ට පූර්ණ තාක්ෂණික පුහුණුවක් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී ඇත. එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ තීන්ත බුරුසු, රෝලර් සහ උපාංග සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන Orkla House Care UK හි විශේෂඥයන්ගේ මගපෙන්වීම යටතේ මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වේ.  

Harris Painter Programme 2024 යටතේ දිවයින පුරා වැඩමුළු මාලාවක් සංවිධානය කෙරෙනු ඇත. මෙහි සමාරම්භක අදියර 2024 ජූනි 26 දින සිට 28 දින දක්වා JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර ඊට JAT Holdings කාර්ය මණ්ඩලය, පළපුරුදු පින්තාරු ශිල්පීන් සහ JAT Holdings අලෙවි නියෝජිත ජාලයේ සාමාජිකයන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාගී වූහ. එක්සත් රාජධානියේ Orkla House Care, L.G Harris & Co. Ltd හි ජාත්‍යන්තර වෙළඳපොළ කළමනාකරු මාර්ක් පාර් සහ එරට John Green Décor හි පුහුණු උපදේශක ජෝන් ග්‍රීන් යන මහත්වරුන් විසින් මෙම වැඩමුළු මෙහෙයවන ලදි. මෙම විශේෂඥයන් යටතේ පුහුණුව ලැබූ JAT කාර්ය මණ්ඩලය විසින් මෙහි ඉදිරි වැඩසටහන් රට පුරා පවත්වනු ඇත.

Orkla House UK යනු දීර්ඝ කාලයක පටන් සිදුකරන ලද පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඔස්සේ වෘත්තීය පින්තාරු ශිල්පීන් වෙනුවෙන් විවිධාකාර වූ නිෂ්පාදන හා විසඳුම් හඳුන්වා දෙන සමාගමකි. එම සමාගම මගින් ඉටුවන කාර්යභාරය හේතුවෙන් Harris සමාගමට ලොව පුරා වෙළඳපොළවල් වලට ඉහළම ප්‍රමිතියකින් යුත්, දිගු කල් පවතින නිෂ්පාදන සැපයීමට හැකි වී ඇත.

මෙම වැඩමුළුවලදී ප්‍රධාන වශයෙන් හැරිස් බුරුසු සහ රෝලර් නිසියාකාරව භාවිතා කරන ආකාරය මෙන්ම, මෙම උපකරණ මගින් කාලය සහ පිරිවැය ඉතිරි කරගනිමින් ඉහළම ප්‍රමිතියකින් යුතුව පින්තාරු කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් වෘත්තීය පින්තාරු ශිල්පීන්ට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදෙනු ලැබේ. මෙම දැනුමට අමතරව ඔවුන්ට වටිනා සහතිකපත් මෙන්ම, ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත නිෂ්පාදනවල සාම්පලද නොමිලේ ලබාදෙනු ඇත. සමාරම්භක වැඩමුළුවේදී JAT විසින් නව තීන්ත බුරුසු දෙකක්ද හඳුන්වා දෙන ලද අතර, පින්තාරුකරණයේ ප්‍රමිතිය කැපීපෙනෙන ලෙස වර්ධනය කරගැනීමට උපකාරී වන ආකාරයට මෙම බුරුසු සැලසුම් කර තිබේ.

“Harris Painter Training Programme 2024 යනු මෙරට පින්තාරු ශිල්පීන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද අවංක උත්සාහයක්. මෙමගින් අපට Harris නිෂ්පාදන මගින් ලැබෙන වාසි සම්බන්ධයෙන් අපගේ අලෙවිකරුවන් දැනුවත් කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මෙය මෙරට පින්තාරුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු කරමින්, පින්තාරු ශිල්පීන්ගේ සහ දැව කාර්මික ශිල්පීන්ගේ දියුණුව සාක්ෂාත් කිරීම උදෙසා ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන යටතේ අප දරන උත්සාහයට සමගාමී පියවරක්. නවීනතම තාක්ෂණය හා ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රායෝගික කුසලතා වැඩිදියුණු කිරීම ඔස්සේ පින්තාරු ශිල්පීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවන අතරම, නවෝත්පාදනය හා විශිෂ්ටත්වය තුළින් නව අවස්ථා බිහිවන පසුබිමක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.” JAT Holdings PLC ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ වෘත්තීය පින්තාරු ශිල්පීන් පිරිසක් හමු වී ඔවුන්ට මෙවැනි පුහුණුවක් ලබාදීමට හැකි වීම අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. එමෙන්ම මෙතෙක් වෙළඳපොළට නිකුත් කර නොමැති අලුත්ම නිෂ්පාදන වර්ග කිහිපයක් ඔවුන්ට හඳුන්වා දීමටත්, පින්තාරුකරණයේදී හොඳම ප්‍රතිඵල ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමටත් අපට හැකියාව ලැබුණා. වඩාත් හොඳ නිමාවක්, කාර්යක්ෂමතාවක්, පහසුවක් සහ කල්පැවැත්මක් සඳහා නිවැරදි මෙවලම් භාවිතා කරන අතරම, වැයවන මුදලට උපරිම වටිනාකමක් සහතික කරන ආකාරය පිළිබඳව මගපෙන්වීමක් ඔවුන් වෙත ලබාදීමට අප කටයුතු කළා. අපගේ අරමුණ වන්නේ ලොව පුරා පින්තාරු ශිල්පීන්ට, වඩාත් ඵලදායී ලෙස මෙන්ම තෘප්තියෙන් යුතුව තම රාජකාරිය ඉටුකිරීමට අවස්ථාව සලසා දීමයි. ශ්‍රී ලංකාව යනු සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි වෙළඳපොළක්. ඉදිරියේදීත් රටේ පින්තාරු ශිල්පීන්ට සහයෝගය ලබාදීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා JAT සමග සමීපව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” එක්සත් රාජධානියේ Orkla House Care, L.G Harris & Co. Ltd හි ජාත්‍යන්තර වෙළඳපොළ කළමනාකරු මාර්ක් පාර් මහතා පැවසී ය.

ශ්‍රී ලංකාව තුළ Harris® සන්නාමයෙන් යුත් තීන්ත බුරුසු, රෝලර් සහ වෙනත් උපකරණ නිපදවීමේ බලය හිමි එකම නිෂ්පාදන සමාගම වන්නේ JAT Holdings PLC සමාගමයි. 1928 වසරේදී ආරම්භ වූ L.G Harris & Co. සමාගම එක්සත් රාජධානියේ අංක එකේ තීන්ත බුරුදු නිෂ්පාදකයා ලෙස සැලකෙන අතර, එම සමාගම 1966 වසරේ සිටම රෝලර් සහ වෙනත් වෙවලම් නිෂ්පාදනය කරයි. Harris® තීන්ත බුරුසු සහ රෝලර් දීර්ඝ කාලයක පටන් මෙරට වෘත්තීය පින්තාරු ශිල්පීන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වෙමින් මෙරට වෙළඳපොළ ජයගැනීමට සමත් වී ඇත. Harris® තීන්ත බුරුසු සහ රෝලර් නිෂ්පාදනය කර ඇත්තේ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස මෙන්ම තෘප්තියකින් යුතුව පින්තාරුකරණය සිදුකිරීමට හැකි වන පරිද්දෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *