October 16, 2024
ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි
පුවත්

ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි

Sep 9, 2024

ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයක් පැවැත්වීය. ලොව පුරා කීර්තිමත් විශ්වවිද්‍යාල විසින් පිළිගනු ලබන ඉතා කීර්තිමත් කැනේඩියානු සුදුසුකමක් වන ඔන්ටාරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාව (OSSD) ISC Education ආයතනයේ සිසුන් වෙත ප්‍රදානය කළ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව මෙම ක්‍රීඩා උත්සවය පවත්වනු ලැබිණි. එසේම, ISC Education විසින් අඛණ්ඩව තුන්වන වසරටත් පවත්වන බෙලරුසියානු උපාධිධාරී සංගමයේ වාර්ෂික සුහද හමුව අගෝස්තු 10 වැනි දින සවස ගාලුමුවදොර හෝටලයේදී පවත්වනු ලැබේ. මෙය අතීත, වර්තමාන සහ අනාගත බෙලරුසියානු උපාධිධාරීන්ට එකිනෙකා දැන හඳුනා ගැනීම සහ එකිනෙකා අතර සබඳතා ගොඩනංවා ගැනීමටත් මගපෙන්වීම ලබාගැනීමටත් ඉඩ සලසන අවස්ථාවක් වේ. අධ්‍යාපන ජයග්‍රහණ ලබාගන්නට මාස ගණනක් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු එළඹෙන විනෝදයෙන් පිරුණු මේ සිදුවීම් ISC හි සිසුන් අතර උද්යෝගයක් සහ අපෙක්ෂාවන් නිර්මාණය කරයි.

ISC Education තම සිසුන් සඳහා විදේශ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශය ලබාගෙන ඇති බැවින්, සිසුන් වෙනුවෙන් නව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරදීමට එම ආයතනයට හැකිය. ISC Education ආයතනයේ සිසුන් විදේශරටවල අධ්‍යන ආයතනවලට ඇතුළත් වීමේ ඉහළ සාර්ථකත්ව අනුපාතය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ISC Education කැනේඩියානු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ලොව පුරා පිළිගැනීමක් සහිත, විශ්ව විද්‍යාල 500කට අධික සංඛ්‍යාවක් විසින් පිළිගෙන ඇති, ඔන්ටාරියෝ ද්විතීයික පාසල් ඩිප්ලෝමාව (OSSD) ලබාදීමට කටයුතු කරන බැවිනි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ අ.පො.ස. උසස් පෙළ (උ.පෙළ) ට එය සමාන වේ. තවද, OSSD Science Pathway ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් (SLMC) පිළිගැනීමක් ලබා ඇති අතර, එය ලන්ඩන් කේම්බ්‍රිජ් සහ Edexcel A/L සුදුසුකම්වලට සමාන සුදුසුකමක් ලෙස ස්ථානගත කර ඇත.

ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ ISC Education ආයතනය සතු පුළුල් අත්දැකීම් සහ ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ ඇති හවුල්කාරිත්වය තුළ ශ්‍රී ලාංකික සිසුන්ට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැලේසියාව සහ බෙලරුස් වැනි රටවල අධ්‍යාපනය ලැබීමේ සිහින සාක්ෂාත් කර ගැනීමට හැකි වේ. පුහුණු ගුරුවරුන්, සහ සිසුන්ට අවශ්‍ය පහසුකම් සහිත ISC Education ආයතනය කොළඹ නගරයේ මධ්‍යයෙහි පිහිටා ඇත. කොළඹ, මඩකලපුව, කල්මුණේ සහ යාපනය නගරවල ඇති අධ්‍යයන ශාඛා සමඟින් නිවැරදි විශ්වවිද්‍යාලය සහ වැඩසටහන තෝරා ගැනීමේ සිට ඇතුළත් වීමේ පරීක්ෂණ සඳහා සූදානම් වීම, වීසා අයදුම්පත් සම්පූර්ණ කිරීම සහ ශිෂ්‍යත්ව ලබා ගැනීම දක්වා සියළුම කටයුතු සඳහා සහය සහ මගපෙන්වීම ලබාදීමට කැපවී සිටී. විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සෑම සිසුවෙකුම ISC විශ්වාසදායී සහකරුවෙකු ලෙස තෝරාගත හැකිය. අපගේ සේවාවන් සහ ඔබේ අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *