AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ආයතනික සන්නාම කාණ්ඩයේ ආදරණීයම රක්ෂකයා ලෙසත් ජනතාව වඩාත්ම ආදරය කරන ජීවිතරක්ෂණ සන්නාමයක් ලෙසත් ඇගයීමට ලක්වේ
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත්ම ආදරය කරන ජීවිත රක්ෂණ සන්නාම අතරින් එකක් ලෙස ඇගයුමට ලක්වීම මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. PepperCube Consultants හි සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් ප්‍රදානය කරන ලද අතර මෙම සම්මානය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම තුල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
විශිෂ්ටත්වය උදෙසා වන කැපවීමත්, පාරිභෝගික අවශ්‍යතා සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඇති නොසැලෙන අධිෂ්ඨානයත් යන කරුණු AIA හි අපට, අපගේ ගමන්මග සඳහා මගපෙන්වනු ලබයි. ආයතනික සන්නාම කාණ්ඩයේ වඩාත්ම ආදරණීය රක්ෂකයා ලෙස නම් කරනු ලැබීම (PepperCube Consultants සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් 2024 වසර සඳහා ප්‍රකාශයට පත්කරන ලදී) ශ්‍රී ලාංකික ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ආදරය පිළිබඳ සාක්ෂි දරයි. එමෙන්ම එය අපගේ රක්ෂණ ඔප්පු හිමියන්හට, ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය සහ සිතේ සැනසුම සහතික කරමින් අසමසම සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට අප දරණ ප්‍රයත්නය තහවුරු කිරීමක් ද වේ.
AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා කියා සිටියේ “මෙලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ ආදරයට සහ ප්‍රසාදයට ලක්වීම අප ලද භාග්‍යයක් ලෙස මා සලකන අතර ඒ පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. මෙම ජයග්‍රහණය ඔස්සේ, අප අපගේ සේවාලාභීන් සමඟින් ගොඩනඟාගෙන ඇති ශක්තිමත් බැඳීම මෙන්ම අපගේ කණ්ඩායමේ සාමාජිකයින් ඔවුන් වෙත නොකඩවා ලබාදෙන අසමසම සේවය පිළිබිඹු කරනවා. එලෙසම අප සේවය සපයන්නා වූ ප්‍රජාව වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අප සැවොම සමානව දායක වන අතර සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම නඟා සිටුවීමටත් දායකත්වය ලබා දෙනවා. AIA වෙත ආදරය ලබා දෙමින් අප සමාගම කෙරෙහි විශ්වාසය තැබූ සැමට මගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”
අපගේ සියලුම සේවාලාභීන්හට, ඔවුන් අප වෙත දක්වන අඛණ්ඩ සහය සහ විශ්වාසය සඳහා අපි බෙහෙවින් කෘතඥ වෙමු. ඔබගේ සහයෝගය අපගේ සාර්ථකත්වය පිටුපස ඇති ශක්තිය වන අතර, ඔබ අපගෙන් අපේක්ෂා කරන්නා වූ කැපවීම හා විශිෂ්ටත්වය නොඅඩුව සපයමින් ඔබට සේවය කිරීමට අපි කැපවී සිටිමු. AIA රක්ෂණ සමාගම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සිහින සහ අභිලාෂයන් ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර, සැමට සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරමින් එක්ව අපගේ ගමන ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු.