November 22, 2024
2024 පළමු මාස හයේ දී ප‍්‍රශස්ත ලාභයක් පෙන්නුම් කිරීමට එන්ඞීබී බැංකුව සමත් වේ – බදු පූර්ව ලාභය රු. බිලියන 6.5 ඉක්මවයි
පුවත්

2024 පළමු මාස හයේ දී ප‍්‍රශස්ත ලාභයක් පෙන්නුම් කිරීමට එන්ඞීබී බැංකුව සමත් වේ – බදු පූර්ව ලාභය රු. බිලියන 6.5 ඉක්මවයි

Aug 30, 2024

නැෂනල් නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව, නොබෝ දා කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කරන ලද 2024 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා වූ මූල්‍ය කාර්යසාධනයෙන් පිළිබිඹු කර ඇති පරිදි, මෙහෙයුම් තත්ත්වයන්ගේ හිතකර භාවය අඩු ව පැවති වාතාවරණයක් යටතේ වුවද සිය ක‍්‍රමෝපායික නම්‍යශීලීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් මනාව පෙන්නුම් කිරීමට සමත් ව ඇත.  සමාලෝචිත කාලය සඳහා බැංකුවෙහි බදු පූර්ව ලාභය රු. බිලියන 6.5කි.  මූලික වශයෙන් හිතකර ශුද්ධ පොලී ආදායම මත ලද එකී ලාභය, 58%ක ආකර්ෂණීය වර්ධනයකි.  එන්ඞීබී බැංකුවේ අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතාට අනුව, එවන් වර්ධනයක් ලැබීමට හැකියාව ලැබුණේ එන්ඞීබී බැංකුවේ කාර්යමණ්ඩලය ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව මධ්‍ය-වාර ක‍්‍රමෝපාය වෙත දැඩිව අනුගත වී කටයුතු කළ නිසාවෙනි.  ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ‘මෙහිදී අපගේ ක‍්‍රමෝපාය වූයේ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර තුනක් වටා දැඩි අවධානය යොමු කිරීමයි.  එකී ක්ෂේත‍්‍ර තුන නම්අරමුදල් පිරිවැය ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගැනීම, බැංකු ගනුදෙනු හරහා ගාස්තු මත පදනම් වූ ආදායම වැඩිදියුණු කිරීම සහ ආයෝජන කළඹ වැඩිදියුණු කරගැනීමයි.  අපගේ එම ක‍්‍රමෝපාය තුළින්, ලාභදායිත්වය ඉහළ නංවා ගැනීමටත් කොටස් හිමියන්ගේ වටිනාකම් වැඩිදියුණු කිරීමටත් අපට හැකියාව සලසයි.  අප සතු සැබෑ ශක්තිය කරා ළඟා වෙමින් එය අභිභවා යාමට ද එය අපට සහය වනු ඇත.  ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඞ් විසින් අප බැංකුවේ ණයවර ශ්‍රේණිගත කිරීම A-(lka) ලෙසට තහවුරු කිරීම මගින් අප තවදුරටත් දිරිගන්වා ඇත.  මෙහෙයුම් වටපිටාව දිගින් දිගටම ස්ථාවර වෙමින් පවත්නා බැවින්, මූල්‍ය හා උපදේශන විසඳුම් වලින් පරිපූර්ණ ව, අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම ආර්ථිකයට ද නොමඳ සහය ලබාදීමට අප සූදානමින් සිටින්නෙමුයනුවෙනි.              

මූල්‍ය කාර්යසාධනය පිළිබ`ද විශ්ලේෂණය

ආදායම සහ ලාභදායී භාවය

සමාලෝචිත කාලසීමාව සඳහා සමස්ත බැංකුකරණ ආදායම රු. බිලියන 22.9ක් වශයෙන් බැංකුව වාර්තා කර ඇත.  එය 2023 වර්ෂයේ (YoY) එම කාලසීමාව හා ගත් කල, 24% ප‍්‍රබල වර්ධනයකි.  ශුද්ධ පොලී ආදායම රු. බිලියන 16.5ක එනම් 10%ක හිතකර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, අදාළ කාලසීමාව පුරාවටම පැවති අඩු පොලී අනුපාතික වටපිටාව හා සසඳන කළ එය ප‍්‍රශංසනීය ජයග‍්‍රහණයකි.   බැංකුවේ පොලී ආදායම පහළ වැටීම තැන්පතු පොත වේගවත් ලෙස ප‍්‍රතිමිලකරණය කිරීමෙන් ප‍්‍රශස්ත ලෙස කළමනාකරණය වී ඇත.  ශුද්ධ පොලී ආන්තිකය (NIM), බැංකුව අනුගත ව සිටින ක‍්‍රමෝපායයෙහි කාර්යක්ෂමතාව තහවුරු කරමින්, 2023 අවසානයෙහි පැවති තත්ත්වයට වඩා bps 29 , එනම් 4.26%ක ඉතිහාසයේ ඉහළම අගය ළඟා කරගැනීමට හැකි වී ඇත. 

සමාලෝචිත කාලය සඳහා ශුද්ධ ගාස්තු හා කොමිස් මුදල් ආදායම රු. බිලියන 3.4 කි.  එය 2023 වසරට සාපේක්ෂව 8%ක පහත වැටීමක් පෙන්නුවද, 2023 වසරේ පදනම් අගයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් බැවින් සාමාන්‍යකරණ වී ඇත.  වෙනත් මෙහෙයුම් ආදායම් යටතේශ‍්‍රී ලංකා රුපියලෙහි වටිනාකම ඉහළ යාමේ හේතුව මත විදේශ ප‍්‍රතිතක්සේරු සංචිතයේ රු. මිලියන 779ක පාඩුවක් වාර්තා වී ඇති අතර, ඒ හැරුණුකොට, අරමුදල්-නොවන අනෙකුත් ආදායම් කාණ්ඩයන් සියල්ල ද ශුද්ධ ආදායම රු. බිලියන 3.9 ක හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත.         

සමාලෝචිත කාලය සම්බන්ධයෙන් වූ අගය හානි වීමේ ගාස්තු රු. බිලියන 8.4කි.  එය 2023 වසරේ එකී කාලය හා සසඳන විට 7%ක ඉහළ යාමකි.  අගය හානිවීම (අදියර 3) ට අදියර 3 ණය අනුපාතය 2023 මූල්‍ය වර්ෂයේ 41.11% සිට 44.33% දක්වා වර්ධනය වූ අතර, අදියර 3 කාණ්ඩයේ සිදුවිය හැකි හානිවීම් දරා ගැනීමට බැංකුව ගනු ලැබූ ක‍්‍රමානුකූල පියවර ගැනීම් මෙමගින් නිරූපණය වේ.  හානි වූ ණය (අදියර 3) අනුපාතය 2023 මූල්‍ය වර්ෂයේ 8.58%ක සිට 7.68%ක් දක්වා වූ එකාකාර වර්ධනයක් ළඟා කර ගත්තේ, යළි අයකර ගැනීමේ ක‍්‍රියාවලිය වෙත මනා අවධානයකින් යුතුව බැංකුව කටයුතු කර ඇති බව පෙන්වමිනි.   

දැඩි පිරිවැය විනය සමග ආදායමෙහි සිදු කෙරුණු වැඩිදියුණුව හේතුවෙන්, සමාලෝචි කාලසීමාව සඳහා වූ පිරිවැය සහ ආදායම් අනුපාතය 34.9% වශයෙන්, ඉලක්කගත මට්ටම වූ 35.0% ඇතුළත පවත්වාගෙන යාමට හැකි විය.  කාර්ය මණ්ඩල වැටුප් වල වාර්ෂික සංශෝධනය හේතුවෙන් සේවක වියදම් වල වූ ඉහළ යාම මූලික කොටගෙන, පසුගිය වසර හා සසඳන කල 23%ක වැඩිවීමත් සමග සමස්ත මෙහෙයුම් වියදම් රු. බිලියන 8.0ක් බවට පත්විය.  වසරේ පළමු කාර්තුවේ දී මෙන්ම, කළමනාකරණය කළ හැකි පිරිවැය අඩංගු වූ වෙනත් වියදම් කාණ්ඩ වල වැඩිවීම, 9‍% YoY වශයෙන් මනාව පාලනය කරගත හැකි විය.   

බදු වල ශුද්ධ එකතුව රු. බිලියන 3.3 කි.  පශ්චාත් බදු ලාභය රු. බිලියන 3.2ක් වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. පසුගිය වසරේ අදාළ කාලය හා ගත් කල, එය 37%ක කැපී පෙනෙන වර්ධනයකි.

ශේෂ පත‍්‍ර කාර්යසාධනය, ද්‍රවශීලතාව සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් භාවය

බැංකුවේ ශේෂ පත‍්‍රය ප‍්‍රත්‍යාස්ථ භාවයෙන් හා මනා විවිධාංගකෘත භාවයෙන් යුතු විය.  2024 ජුනි මස අවසානය වන විට එම ශේෂ පත‍්‍රය රු. බිලියන 764ක් වශයෙන් පෙන්නුම් කෙරිණ.  සමස්ත වත්කම් ඇතුළත, පාරිභෝගිකයන් වෙත ලබාදුන් දළ ණය ප‍්‍රමාණය 2023 තත්ත්වය හා ගත් කල (YTD) 2%කින් එනම්, රු. බිලියන 505ක් දක්වා ඉහළ ගොස් තිබිණ.  ඒ හරහා, පසුගිය කාර්තු පහ පුරා අත්දකින්නට ලැබුණු සෘණාත්මක වර්ධන රටාවෙහි වෙනසක් ඇති විය.  එසේම, රු. බිලියන 619ක එනම්, 1%ක වැනි සුළු ප‍්‍රමාණයකින් වුවද, පාරිභෝගික තැන්පතු ඒ හා සමාන වර්ධන රටාවක් පෙන්නුම් කෙරුණි.  රුපියල් තැන්පතු 4%කින් ඉහළ නැංවිණ.  එමගින් ජංගම හා ඉතුරුම් ගිණුම් (CASA) වෙත වැඩි ප‍්‍රතිලාභ සැලසෙන අයුරින්, ජංගම සහ ඉතුරුම් තැන්පතු වල සැලකිය යුතු වැඩිදියුණුවක් පෙන්නුම් කෙරුණි.  විනිමය අනුපාතික ඉහළ යාම හේතුවෙන් විදේශ මුදල් මගින් සිදුකළ තැන්පතු 8%කින් පහත වැටුණි. 

ආයෝජක මූලික කාර්යසාධන දර්ශක සහ නියාමන අනුපාතික

2024 පළමු සය මස සඳහා කොටසක් මත සාමාන්‍ය වස්තුභාර සහ වාර්ෂික ඉපැයුම් පිළිවෙලින් 7.38ක් (සමූහය: 7.58) සහ රු. 12.52ක් (සමූහය: රු.13.67) විය.  සාමාන්‍ය වත්කම් මත බදු පූර්ව ආදායම 1.39%ක් (සමූහය: 1.50%)වූ අතර, කොටසක ශුද්ධ වත්කම් අගය රුපියල් 170.55ක් (සමූහය: රු.181.54)විය. 

නියාමන ද්‍රවශීලතා ආවරණ අනුපාතය (රුපියල්), ද්‍රවශීලතා ආවරණ අනුපාතය (සියලූ මුදල්) සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය අවම නියාමන අවශ්‍යතාව වූ 100%ට ඉහළින් පිළිවෙලින් 284.31%ක්, 262.09%ක් සහ 143.28%ක මට්ටමේ පැවතිණි.  2024 පළමු සය මස අවසානයේදී 1 වන කාණ්ඩයේ සහ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් භාවයෙහි අනුපාතය 11.09%ක් (සමූහය: 11.64%) සහ 14.83%ක් (සමූහය: 15.28) ලෙස පැවතුණි.  ඒවා පිළිවෙලින් අවම නියාමන මට්ටම් වූ 8.5% සහ 12.5% යන අගයන්ට ඉහළින් පැවතිණි.  ශේෂ පත‍්‍ර කළමනාකරණයේ දී ගන්නා ලද විචක්ෂණ පියවර හේතුවෙන්  මනා ද්‍රවශීලතාවක් සහ ප‍්‍රමාණවත් ප‍්‍රාග්ධනයක් පවත්වා ගැනීමට බැංකුවට හැකි විය.  2024 අගෝස්තු මස මුල දී කොටස් හිමියන් වෙතින් ලද අනුමැතිය සහ එකී වසර තුළ දී ලද අවශ්‍ය නියාමන අනුමැතිය ද අනුව, බේසල් 3 සම්මුතියට අනුකූල පරිදි ලැයිස්තුගත කළ, ශ්‍රේණිගත කළ, සුරක්ෂිත නොකළ, ද්විතීයික, ආපසු ගෙවනු ලබන ණයකර හරහා 2 කාණ්ඩයේ ප‍්‍රාග්ධනය රු. බිලියන 10 දක්වා ඉහළ දැමීමට බැංකුව කටයුතු කරනු ඇත.  බේසල් 3 මගපෙන්වුම් වනට අනුව, ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් භාවයෙහි අනුපාතය වැඩිදියුණු කිරීමේ සහ තවදුරටත් සවිමත් කිරීමේ අරමුණු ඇතිව අරමුදල් එක්රැස් කිරීමට නියමිතව තිබෙන්නේ, බැංකුවේ ව්‍යාපාරික ක‍්‍රියාකාරකම් ඉදිරියේ දී තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව ලැබෙන පරිදි ය.           

වත්මන් තත්ත්වය තිරසාර කාර්යසාධනයක් සමග කොටස් හිමියන්ගේ වටිනාකම වැඩිදියුණු කිරීමට බැංකුව තවදුරටත් කැපවී කටයුතු කරනු ඇත.  මධ්‍ය-වාර ක‍්‍රමෝපායය මේ සම්බන්ධයෙන් බැංකුවට මගපෙන්වනු ඇත.  සිය ව්‍යාපාරික කටයුතු වලදී එන්ඞීබී බැංකුව, අනෙකුත් සියලූම සම්බන්ධිත කොටස් හිමියන්ගේ මෙන්ම ආර්ථිකයේ ද යහ-පැවැත්ම පිළිබඳව සිය ප‍්‍රමුඛතාව ලබාදෙනු ඇත.  එහිදී, බැංකුව සතුව පවත්නා නියමාකාරයෙන් සකසන ලද වාණිජ සහ සංවර්ධන බැංකුකරණ විශේෂඥතාව සිය උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කරනු ඇත.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *