
සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka සම්මානයෙන් පිදුම් ලබයි
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.
හෙළඋඩකන්ද හෙළ වෙද පරම්පරාවෙන් උරුම වූ වෙදකම ප්‍රගුණ කර හෙළඋඩ මනින්නලාගේ අන්දිරිස් වෙද මහතා වින්නඹු මාතාවක වූ සිය බිරිඳ සමඟ හෙළඋඩකන්ද හෙළ වෙද ගෙදර ඇරඹීමත් සමඟ සංජීවනී හෙළ ඔසු නාමයට අඩිතාලම වැටිණි. 1960දී හෙළඋඩ මනින්නලාගේ සුවනේරිස් මහතා සංජීවනී ආයුර්වේද සන්නාමය දියත් කළේය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලි. ප. අංක 5150 යටතේ විශේෂ විෂ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචිය ලබා සිටි ඔහු ලි. ප. අංක 12492 යටතේ ලියාපදිංචි සර්වාංග ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස කැඩුම් බිඳුම්, සර්ප විෂ ඇතුළු සර්වාංග වෙදකම සිදු කළේය. ඉන් අනතුරුව සංජීවනී ආයුර්වේද සමාගමේ හිමිකරුවකු බවට පත් වූ හෙළඋඩ මනින්නලාගේ ඤාණරත්න මහතා සිය නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ආයුර්වේද ඖෂධ වර්ග දිවයින පුරා ව්‍යාප්ත කළේය. 1992දී එම ආයුර්වේද නිෂ්පාදනාගාරයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හිමි විය. එම පරපුරේ සිව් වැනි පරපුර නියෝජනය කරන ඉංජිනේරුවකු වන සමාගමේ වර්තමාන හිමිකරු හෙළඋඩ මනින්නලාගේ දුලාන්ජන් සමීර සඳකැලුම් මහතා සංජීවනී සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගියේය. නිරෝගිමත් කායික මානසික ජීවන රටාවකට මඟ සළසන සංජීවනී ශ්‍රීමත් මදන මෝදකය, වැඩි වේලාවක් පවතින ලිංගික ශක්තිය හා වින්දනය මෙන්ම නීරෝගීභාවය ඇති කරන කාමේශ්වරී රසායනය, ලිංගේන්ද්‍රිය කුඩා වීම මඟ හරවා ලිංගික ශක්තිය වර්ධනය කරමින් ලිංගික සෞඛ්‍යය සුරකින අශ්වගන්ධ තෛලය ආදිය ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රමුඛ වේ. එසේම ඒ අතරට අරිෂ්‍ට, ආසව, කල්ක, චූර්ණ, මෝදක, ක්වාථ වර්ග හා තෙල් වර්ග රැසක්ද අයත් වේ. සංජීවනී ආයුර්වේද අලෙවිසැල M23 වන් ගෝල් ෆේස්හි පිහිටා ඇත. www.sanjeewanieayurveda.com වෙබ් අඩවියෙන්ද ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගත හැකිය.
2 Comments
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?