
ලංකා බැංකුව, ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත් නිකුත් කරයි
මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරයි. මෙවර එක්සත් ජාතීන්ගේ කාන්තා දින තේමාව වී ඇත්තේ ‘කාන්තාවන් සඳහා ආයෝජනය කිරීමෙන් ප්‍රගතිය වේගවත් කරයි’ යන්නයි. මෙහි මූලික අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගොඩනංවමින් ලොව පුරා සියලුම කාන්තාවන්ට නව ලොව අභියෝග ජය ගැනීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීමයි.
ඒ අනුව යමින් නව තාක්ෂණය සපිරි බැංකුකරණ අත්දැකීම් සැම විට ම ජනතාවට හඳුන්වා දෙන ලංකා බැංකුව දිරිය වනිතාවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ‘කාන්තා රන් ගිණුම් ඉතුරුම් සහතික පත්’ තිළිණ කරයි.

මෙම ඉතුරුම් සහතික පත් රුපියල් 25,000, 50,000, 100,000, 250,000 සහ 500,000 යන මුහුණත් වටිනාකම්වලින් ලබාගත හැකි අතර, මේ සඳහා වාර්ෂිකව ආකර්ෂණීය පොලී අනුපාතයක් පිරිනැමීමටත්, ඉතුරුම් සහතික පත්වල ඉතිරි කරන ගනුදෙනුකරුවන්ට වටිනා ත්‍යාග ලබා දීමටත් ලංකා බැංකුව කටයුතු යොදා ඇත. ලංකා බැංකුව මෙරට අංක 1 බැංකු සන්නාමය ලෙස, දිවයින පුරා ශාඛා 653ක් සමඟින් ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 2000 ඉක්ම වූ ජාලයකින් සමන්විත වන අතර, දිවයිනේ සිවු කොණ විසිරී සිටින දිරිය කතුන්ගේ මූල්‍යමය අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් නිරතුරුවම කැප වී සිටියි. සෑම වයස් මට්ටමකම පුද්ගලයින්ට සරිලන නිමැවුම් රැසක් සමගින් සේවය සලසන ලංකා බැංකුව, ලොව නවතම තාක්ෂණය සමගින් මාර්ගගත බැංකු කරණය මගින් මෙන් ම B App, SmartPay වැනි ජංගම දුරකථන යෙදවුම් හරහා ද BOC Connect වැනි නියෝජිත සේවා හරහා ද ගනුදෙනුකරුවන් වෙත සමීප වෙමින් කාර්යක්ෂම බැංකු කරණ අත්දැකීමක් ලබා දීමට කටයුතු කරයි. එමෙන් ම ‘දිවි උදාන’ වැනි සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම මෙන් ම ‘BOC මිතුරු’ වැනි ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම හරහා ද දේශීය ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට ලංකා බැංකුව උර දෙයි.
සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක්, රුපියල් 500,000ක උපරිමයකට යටත් ව ගිණුමේ අවම ශේෂය මෙන් දස ගුණයක (පූර්ණ අකර්මණ්‍යතා ඇතුළත් ව වයස අවුරුදු 60 දක්වා හිමි වන) ජීවිත රක්ෂණාවරණයක්, ජාත්‍යන්තර ව භාවිත කළ හැකි Debit / Credit කාඩ් පත්, අන්තර්ජාල බැංකු පහසුකම්, ගිණුම් ශේෂයෙන් 90%ක් දක්වා තැන්පතු මත ක්ෂණික ණය පහසුකම් මෙන් ම සහන පොලී අනුපාත යටතේ රන් සුරැකුම් ණය මුදල් ආදී ප්රතිලාභ රැසක් සමඟ ඩිජිටල් බැංකු කරණයේ නව්‍ය අත්දැකීම් විඳ ගැනීමට ලංකා බැංකුවේ කාන්තා රන් ගිණුම සමඟ එක් වන්නැ’යි ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (අයකරගැනීම් – පළාත්) රොෂෙල් ප්‍රනාන්දු මහත්මිය සුවහසක් ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙත ආරාධනය කරයි.
1 Comment
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me? https://www.binance.com/hu/register?ref=FIHEGIZ8