October 18, 2024
Mahanama Car Sales වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස Pinnacleසම්මාන දිනයි
පුවත්

Mahanama Car Sales වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස Pinnacleසම්මාන දිනයි

Feb 4, 2024

මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී මහානාම කාර් සේල්ස් අධිපති සසිඳු මහානාම මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2014දී කුඩා පරිමාණයෙන් ඇරඹූ මහානාම කාර් සේල්ස් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. නිසි නඩත්තුවකින් තොරව අත්හැර දමා ඇති වාහන නියම අමතර කොටස් යොදා ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීම ඔවුන්ගේ මූලික ව්‍යාපාරය වේ. පාරිභෝගිකයන්ට වඩාත් හොඳ වාහන සපයන මහානාම කාර් සේල්ස් අනතුරු සහ ස්වභාවික ආපදා නිසා නැවත ධාවනයට සුදුසු තත්ත්වයට පත් කළ නොහැකි වාහන කිසිදු විටෙක අලුත්වැඩියා නොකරයි.

වාහන ආනයනයද සිදු කරන එම ආයතනය වෙනත් කිසිදු ආයතනයක් ආනයනය නොකළ වාහන පවා මෙරටට ආනයනය කර තිබේ. වාහන අලුත්වැඩියා කර වෙළෙඳපොළට නිකුත් කිරීම හා ආනයනයට අමතරව වාහනයක් අලෙවි කිරීමට හෝ මිල දී ගැනීමට, ලීසිං හා රක්ෂණ පහසුකම් ලබා ගැනීමට, අමතර කොටස් සපයා ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාද මහානාම කාර් සේල්ස් වෙතින් සැපයේ. ඒ අතරින් සමහර සේවා සඳහා කිසිදු මුදලක් අය නොකිරීමද සුවිශේෂය. මහානාම සමූහ ව්‍යාපාරයට අයත් ආයතන සංඛ්‍යාව 25කට අධිකය. මහානාම කාර් සේල්ස්, මහානාම හාඩ්වෙයාර්, මහානාම ඉන්ටීරියර්ස්, මහානාම එන්ටප්‍රයිසස්, සෙවන් ජෙම්ස්, Muscle by Mahanama, එම් ස්ටුඩියෝ, ඉඳුවර සර්විස් ස්ටේෂන් සහ ATI ඔටෝ කෙයාර් ඒ අතරින් ප්‍රධාන වේ. පසුගිය කාලයේදී පැවති ආර්ථික අර්බුදය සහ වාහන ආනයන තහනම වැනි අභියෝග මධ්‍යයේ බොහෝ ව්‍යාපාර පසුබෑමකට ලක් වූ පසුබිමක මහානාම කාර් සේල්ස් සියලු අභියෝගවලට මුහුණ දෙමින් සමාජ සත්කාරක වැඩසටහන්ද දියත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *