September 12, 2025
SLT-MOBITEL වෙතින් පාරිභෝගිකයන්ට වඩාත් හොඳින් ගැළපෙන ත්‍යාග පිරිනමන ‘My Super Offers’
පුවත්

SLT-MOBITEL වෙතින් පාරිභෝගිකයන්ට වඩාත් හොඳින් ගැළපෙන ත්‍යාග පිරිනමන ‘My Super Offers’

Jan 17, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL තවත් නැවුම් සංකල්පයක් ඔස්සේ ‘My Super Offers’ නමින් සුවිශේෂී ත්‍යාග වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ‘My Super Offers’ යනු පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට විශේෂ වූ ත්‍යාග පිරිනමන වැඩසටහනකි. මේ යටතේ පාරිභෝගිකයන්ගේ දුරකථන භාවිතය, ඔවුන් ජාලය සමග රැඳී සිටි කාලසීමාව සහ ඔවුන්ගේ රුචිකත්වයන්වැනි සාධක අනුව ඔවුන්ට විවිධාකාර වූ දීමනා පිරිනැමේ.

‘My Super Offers’ යටතේ SLT-MOBITEL පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පරිභෝජන රටා අනුව ඩේටා බෝනස් සහ නොමිලේ ඇමතුම් ඇතුළු දීමනා රාශියක් හිමිවන අතර, එම දීමනා මොනවාද යන්න Selfcare App තුළ දිස්වනු ඇත.

මෙම දීමනාව තුළින් රු. 100 ක රීලෝඩ් එකක් සඳහා ඩබල් බෝනස්, රු. 988 ක රීලෝඩ් එකක් සඳහා අමතර 20GB, රු. 200 ක රීලෝඩ් එකක් සඳහා ඕනෑම ජාලයකට මිනිත්තු 50 ක ඇමතුම් කාලයක් හෝ ඩේටා ප්‍රමාණය දෙගුණ වීම ඇතුළුව, කාටත් ප්‍රතිලාභ හිමිවන සුවිශේෂී දීමනා එකතුවක් ‘My Super Offers’ දීමනා එකතුවට ඇතුළත් වේ.

මීට අමතරව, ‘My Super Offers’ යටතේ පාරිභෝගිකයන්ට හිමිවන දීමනා මොනවාද යන්න පැහැදිලිව දැකගැනීමට අදාළ අලෙවිසැල් හිමියන්ටද අවස්ථාව හිමි වේ. ‘My Super Offers’ ටයිල් එක භාවිතා කරමින් පාරිභෝගිකයාගේ දුරකථන අංකය ඇතුළත් කළ විට ඔවුන්ට මෙම දීමනා දැකගත හැකිවන අතර, එමගින් වැඩි මුදලක් රීලෝඩ් කිරීම ඔස්සේ වැඩි වාසි ලබාගත හැකි ආකාරය පාරිභෝගිකයන්ට පෙන්වා දීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

‘My Super Offers’  යනු හුදෙක් පාරිභෝගිකයන්ට වාසි සලසන වැඩසටහනක් පමණක් නොව, අලෙවිසැල්වලටද සක්‍රීයව එම ත්‍යාග ක්‍රමයට දායක වීමට අවස්ථාව සලසාදෙන වැඩසටහනකි. එබැවින් එය සියලුම පාර්ශ්වයන්ට වාසි ගෙන දෙන සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

එමෙන්ම ‘My Super Offers’ යනු මෙරට දුරකථන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. පාරිභෝගිකයන්ගේ පරිශීලන රටා හඳුනාගෙන, අධිතාක්ෂණික සජීවී විශ්ලේෂණ හැකියා භාවිතා කරමින්, ඩිජිටල් යුගයේ ප්‍රතිලාභ සෘජුවම දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන් වෙත සමීප කරවීමට SLT-MOBITEL සමත් වී තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගැන්වීමේ ප්‍රතිඥාව අනුව, පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන පුරෝගාමී ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීමට SLT-MOBITEL දිගින් දිගටම පියවර ගනිමින් සිටී. ‘My Super Offers’ යනු පාරිභෝගිකයන් සක්‍රීයව සම්බන්ධ කරගන්නා අතරම ඔවුන්ට නව ක්‍රම ඔස්සේ ත්‍යාග පිරිනැමීම සඳහා තැබූ තවත් පෙරළිකාරී පියවරකි.

#7123# ඩයල් කිරීම මගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් හෝ Self Care app හි ‘My Super Offers’ යටතේ Quick Actions වෙත පිවිසීම මගින් පාරිභෝගිකයන්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. එමෙන්ම රීලෝඩ් කිරීමේදී අදාළ අලෙවිසැල් වෙතින් විමසීමෙන්ද ඔවුන්ට වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි වනු ඇත.

3 Comments

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

  • Dry Cleaning in New York city by Sparkly Maid NYC

  • We pay $10 for a google review and We are looking for partnerships with other businesses for Google Review Exchange. Please contact us for more information!
    Business Name: Sparkly Maid NYC Cleaning Services
    Address: 447 Broadway 2nd floor #523, New York, NY 10013, United States
    Phone Number: +1 646-585-3515
    Website: https://maps.app.goo.gl/u9iJ9RnactaMEEie8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close