December 22, 2024
South Asian Business Excellence Awards 2023හි දී DIMO Coastline Pvt Ltd සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

South Asian Business Excellence Awards 2023හි දී DIMO Coastline Pvt Ltd සම්මානයෙන් පිදුම් ලබයි

Dec 21, 2023

DIMO සහ මාලදිවයිනේ පිහිටි Coastline Investments අතර හවුල් ව්‍යාපාරයක් වන DIMO Coastline Pvt Ltd පසුගියදා 7වන වරටත් පවත්වනු ලැබූ South Asian Business Excellence Awards හිදී ‘Best Support Services in the Maritime Industry’ සම්මානයෙන් පිදුම් ලැබීය. JEN Maldives Malé by Shangri-La හිදී පැවැත්වුණු මෙම සම්මාන උළෙල තුළින් නාවික අංශයට DIMO Coastline හි සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කෙරුණි.

DIMO Coastline මාලදිවයිනේ නිවාඩු නිකේතන සහ අනෙකුත් ආයතන සඳහා සමුද්‍ර යාත්‍රා නඩත්තු කිරීම සහ ඉංජිනේරු සේවා සැපයීම යන කටයුතු වල ප්‍රධාන වශයෙන් නියැලෙයි. සමාගම සිය නවීනතම නැව් තටාකාංගනය තිලෆුෂි දූපතේ පවත්වාගෙන යන අතර යාත්‍රා අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු එහි සිදුකරයි.

DIMO හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “මෙම සම්මානය නාවික ඉංජිනේරු අංශයේ විශිෂ්ටත්වය සඳහා DIMO Coastline හි කැපවීම යළිත් යළිත් තහවුරු කරනවා. මෙම හවුල් ව්‍යාපාරය හරහා දේශසීමාවෙන් ඔබ්බට යමින් ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට අපට හැකියාව ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම පිළිගැනීම, මාලදිවයිනේ පමණක් නොව දකුණු ආසියානු කලාපය තුළද සිය ව්‍යාපාර ඉහළ නැංවීමට DIMO Coastline වෙත ලැබුණු දිරිගැන්වීමක්”

DIMO Coastline සැමවිටම සිය පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යාන්තර පුහුණුවක් සහ සේවා පළපුරුද්දක් සහිත ඉංජිනේරුවරුන් සිය සේවයේ යොදවා තිබේ. 2017 දී ආරම්භ කරන ලද DIMO Coastline Pvt Ltd, සංචාරක කර්මාන්තයේ ඉංජිනේරු අංශය තුළ ඇති අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් මාලදිවයිනේ පිහිටි සංචාරක නිකේතන රැසකට සිය සේවාවන් සපයනු ලබයි. ඉදිරියේදී, මාලදිවයින් වෙළඳපොළ තුළ වායු සමීකරණ, විවිධ විදුලි සේවා සහ අලුත්වැඩියා සේවාවන්  ආරම්භ කරමින් සිය මෙහෙයුම් පුළුල් කිරීමට DIMO Coastline සැලසුම් කරයි.

DIMO Coastline,  නාවික සහ ඉංජිනේරු විසඳුම් සැපයීමෙහිලා වඩාත් සුදුසු තේරීම ලෙස හඳුන්වා දිය හැකිය. උසස් තාක්‍ෂණික දැනුම සහ ජාත්‍යන්තර අත්දැකීම් මඟින් පුළුල් පරාසයක විශේෂඥ සේවා රැසක් සමාගම පිරිනමයි.

2 Comments

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

  • Your article helped me a lot, is there any more related content? Thanks!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *