October 18, 2024
සෙලාන් ටිකිරි Supreme TV සමග එක්ව 5 වසර ශිෂ්‍යත්ව වෙනුවෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පවත්වයි
පුවත්

සෙලාන් ටිකිරි Supreme TV සමග එක්ව 5 වසර ශිෂ්‍යත්ව වෙනුවෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පවත්වයි

Sep 26, 2023

ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ ළමා ඉතුරුම් සන්නාමය සෙලාන් ටිකිරි, Supreme TV සමග එක් වී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු කළේ ය. මෙය නැවුම් ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ දරු පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීම සඳහා සෙලාන් ටිකිරි දරන උත්සාහයේ තවත් පියවරකි.

2023 ජූලි සහ අගෝස්තු මාසවලදී පවත්වන ලද මෙම සම්මන්ත්‍රණ මාලාවට දිවයින පුරා දරු දැරියන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂයන් සම්බන්ධයෙන් මෙන්ම තවත් විවිධ මාතෘකා සම්බන්ධයෙන් තම දැනුම පුළුල් කරගැනීමට එහිදී ඔවුන්ට අවස්ථාව ලැබිණි.

සාමාන්‍යයෙන් මෙවැනි වැඩසටහන් නාගරික ප්‍රදේශ කේන්ද්‍රගත කරගෙන පැවැත්වෙන නමුත් සෙලාන් ටිකිරි, Supreme TV සමග එක් ව මෙම මෙම සම්මන්ත්‍රණ මාලාව ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු කළේ ය. ඒ අනුව කන්තලයේ, ඇඹිලිපිටිය, වාරියපොළ, දඹුල්ල, මාතලේ, හික්කඩුව, පොල්ගොල්ල, මහියංගණය, නුවර එළිය සහ බදුල්ල යන ප්‍රදේශවල පාසල් සමග අත්වැල් බැඳගෙන මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වන ලදී.

මෙම සම්මන්ත්‍රණ මාලාවට දරුවන් හා දෙමාපියන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය. මෙම ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී මෙම වැඩසටහන තවදුරටත් වැඩිදියුණු කිරීමට හා පුළුල් කිරීමට සෙලාන් ටිකිරි බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *