October 18, 2024
Domino’s,Child Action Lanka හරහා දරුවන් වෙනුවෙන් ආහාරවේල් 5,000ක් පරිත්‍යාග කරයි
පුවත්

Domino’s,Child Action Lanka හරහා දරුවන් වෙනුවෙන් ආහාරවේල් 5,000ක් පරිත්‍යාග කරයි

Sep 6, 2023

ලොව විශාලතම පීසා අලෙවිසැල් ජාලය වන Domino’s සිය පානදුර අලෙවිසැල විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාව තුළ ඉක්මනින්ම අලෙවිසැල් 50 ක් විවෘත කළ පීසා අලෙවිසැල් ජාලය බවට පත් විය. මේ සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් Domino’s, Child Action Lanka හරහා දරුවන් වෙනුවෙන් ආහාරවේල් 5,000ක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. පීසා යනු දරුවන්ගේ ප්‍රියතම ආහාරයක් වන බැවින්, සිය සමාජ මෙහෙවරෙහි තවත් පියවරක් ලෙස Domino’s විසින් මෙම මෙම ප්‍රදානය සිදුකරන ලද අතර, මේ සඳහා වූ අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය විසින් 2023 අගෝස්තු 03 දින අත්සන් තබන ලදි.

“Domino’s Pizza Sri Lanka මෙවැනි පරිත්‍යාගයක් සිදුකිරීම අපට මහත් සතුටක්. මෙම ආහාරවේල් අපගේ රැකවරණය ලබන දරුවන් තුළ බලාපොරොත්තු දැල්වීමට සමත් වේවි.” Child Action Lanka නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකා ඩෙබී එදිරිසිංහ මහත්මිය පැවසුවා ය.

Child Action Lanka යනු දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීම අරමුණු කරගත් සංවිධානයකි. දරිද්‍රතාව පිටුදැකීමට නම් දරුවන්ගේ අනාගතය සමෘද්ධිමත් කළ යුතු බව Child Action Lanka විශ්වාස කරයි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය සඳහා Domino’s ප්‍රධාන නියෝජිත වන Jubilant FoodWorks Limited හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සමීර් ඛෙත්‍රපාල් මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාව තුළ Domino’s අලෙවිසැල් 50 ක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. අප උණුසුම් ලෙස පිළිගත් ශ්‍රී ලාංකික ජනතාවට අපගේ කෘතවේදීත්වය පළකිරීමට මෙය හොඳම අවස්ථාව බව අප විශ්වාස කරනවා. Child Action Lanka සමග එක් වී දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට දායක වීම අපගේ අරමුණයි.”

Domino’s Sri Lanka ආරම්භයේ පටන්ම ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබේ. COVID-19 සංචරණ සීමාවන් පැවති කාලයේදී මෙන්ම රට තුළ ඉන්ධන අර්බුදය පැවති කාලයේදී Junior Pizza Maker වැඩසටහන හරහා දරුවන් සතුටින් තැබීමට Domino’s කැපවුණු අතර, සිය පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය සේවාවන් ලබාදෙමින්, ඔවුන්ට දිගින් දිගටම නැවුම් පීසා මිලදී ගැනීමට අවස්ථාව සැලසීමටද Domino’s Sri Lanka කටයුතු කළේ ය.

“ශ්‍රී ලංකාව තුළ සීඝ්‍ර දියුණුවක් අත්කර ගැනීමට හැකි වීම මෙන්ම, සුභවාදී අනාගතයක් අප හමුවේ තිබීම අපට මහත් සතුටක්. රටේ ජනතාවට හා ආර්ථිකයට අත්වැලක් වීම සඳහා, අප භාවිතා කරන අමුද්‍රව්‍ය අතරින් 55% ක්ම දේශීයව සපයා ගන්නා අතරම, සුවිශේෂී toppings වර්ග හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට සැබෑම පීසා අත්දැකීමක් තිළිණ කිරීමට අප පියවර ගෙන තිබෙනවා. අපගේ 50 වැනි අලෙවිසැල විවෘත කිරීමත් සමග, රට පුරා තවදුරටත් ව්‍යාප්ත වෙමින්, ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා සහ වෙනත් වටිනා අවස්ථා රැසක් නිර්මාණය කරන අතරම, හොඳම පීසා අත්දැකීමක් සමගින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට කැපවීම අපගේ අරමුණයි.” Jubilant FoodWorks Sri Lanka හි මෙරට ප්‍රධානී සහ අධ්‍යක්ෂ ඉරංග ධර්මවර්ධන මහතා පැවසී ය.

පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් හා සුරක්ෂිත ආහාරපාන අත්දැකීමක් පිරිනමමින් ක්ෂේත්‍රයට නව ආදර්ශ රැසක් සැපයීමට Domino’s සමත් වී ඇත. පීසා සහ පැස්ටා නිෂ්පාදනය, එළවලු නැවත ඇසුරුම් කිරීම සහ චොකලට් ලාවා කේක් නිෂ්පාදන යන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් එහි ගබඩා සඳහා HACCP සහතිකය හිමි වී තිබීම, නිෂ්පාදනයේ සෑම අදියරකදීම උසස් ප්‍රමිතිය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා Domino’s Pizza දක්වන කැපවීමට සාක්ෂි දරයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම තුළින් ප්‍රණීත මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ආහාර වර්ග රැසක් තම පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට Domino’s Pizza සමත් වී ඇත.

ලොව රටවල් 90 කට අධික සංඛ්‍යාවක අලෙවිසැල් 20,000 කට අධික සංඛ්‍යාවක් විවෘත කර ඇති Domino’s Pizza දිනකට පාරිභෝගිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවකට සේවාවන් සපයයි. ප්‍රණීත පීසා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන Domino’s Pizza, සිය පීසා ඇණවුම් කරන පුද්ගලයන්ට විනාඩි 30 ක් ඇතුළත එම ඇණවුම් ලබාදීමට කටයුතු කරයි.

m.dominoslk.com වෙබ් අඩවිය තුළින් Domino’s පීසා ඉතාමත් පහසුවෙන් ඇණවුම් කළ හැකි අතර, එසේ නොමැතිනම් Android හෝ iOS වෙතින් බාගත කළ හැකි Domino’s Pizza Sri Lanka App හරහාද ඇණවුම් ලබාදිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *