X-Press Pearl නෞකා අනතුර සම්බන්ධයෙන් එල්ල වූ ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් චෝදනාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව Sigma7 විමර්ශනයෙන් අනාවරණය වෙයි
2021 වසරේදී MV X-Press Pearl නෞකාව ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් වන්දි ලබා ගැනීමට කටයුතු කිරීමේදී, බලධාරීන්ගේ ක්‍රියාමාර්ගවලට බලපෑම් කිරීම සඳහා London P&I රක්ෂණ ආයතනය හෝ එම නෞකාවේ හිමිකරුවන් වන X-Press Feeders සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දුන් බවට එල්ල වූ චෝදනාව සනාථ කිරීමට හෝ තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ස්වාධීන විමර්ශනයකින් අනාවරණය වී ඇත.
ප්රමුඛ පෙළේ ව්‍යාපාරික බුද්ධි සහ විමර්ශන ආයතනයක් වන Sigma7 Business Intelligence විසින් ‘ඇමරිකානු ඩොලර් මිලියන 250ක X-Press Pearl අල්ලස් චෝදනාව පිළිබඳ විමර්ශනය’ (An investigation into the US$250 million X-Press Pearl Bribery Allegation) නැමැති සිය විමර්ශන වාර්තාවේ ප්‍රතිඵල පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම බරපතළ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා X-Press Pearl නෞකාවේ හිමිකරුවන් වෙනුවෙන් එම නෞකාවේ රක්ෂණ ආයතනය වන London P&I විසින් මෙම විමර්ශනය සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී.
එම සම්පූර්ණ වාර්තාව fu;kska.
පසුබිම
2021 මැයි මාසයේදී MV X-Press Pearl බහාලුම් නෞකාව ගිනිගැනීමකට ලක් වූ අතර, ජුනි 2 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිලී ගියේය. මෙම අනතුර හේතුවෙන් ‘නර්ඩ්ල්ස්’ ලෙස හැඳින්වෙන ප්ලාස්ටික් කැට සහ අනෙකුත් සුන්බුන් විශාල වශයෙන් මුහුදට මුදා හැරුණි. සිද්ධියෙන් පසුව, සමුද්‍ර දූෂණය අවම කිරීම සඳහා පිරිසිදු කිරීමට විශේෂ කණ්ඩායම් යොදවනු ලැබූ අතර, පසුව ගිලී ගිය නෞකාවේ සුන්බුන්ද ඉවත් කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ කිහිපයකම නීතිමය ක්‍රියාමාර්ග සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සඳහන් දෑ ඇතුළත් විය.
● ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් – නෞකාවේ හිමිකරුවන්ට, ක්‍රියාකරුවන්ට, දේශීය නියෝජිතයාට මෙන්ම රාජ්‍ය බලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම.
● සිංගප්පූරුවේදී ශ්‍රී ලංකා රජය ගොනු කළ වන්දි ඉල්ලීම – ශ්‍රී ලංකා රජය විසින් සිංගප්පූරු අධිකරණය හමුවේ වන්දි ඉල්ලා නඩු පැවරීම.
● English Admiralty Court නඩු කටයුතු – නෞකාවේ වගකීම් සීමා කිරීමේ අයිතිය සම්බන්ධයෙන් එංගලන්තයේ Admiralty අධිකරණයේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම.
චෝදනාව
නෞකාව ගිලී යාමෙන් පසුව සහ ඊට අදාළ විවිධ නීතිමය ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින අතරතුර, 2023 අප්‍රේල් මාසයේදී එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව විසින් X-Press Pearl නෞකාව වෙනුවෙන් වන්දි ලබා ගැනීමට දරන උත්සාහයන්ට බලපෑම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම චෝදනාව පාර්ලිමේන්තුව තුළ, මාධ්‍ය වාර්තාවල සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති නඩු විභාග අතරතුරදීද නැවත නැවතත් ප්‍රකාශ විය. කෙසේ වුවද, මෙම වාර්තාවල එම මුදල් ලබාගත් බව කියන පුද්ගලයා සහ එම මුදල් ගිය ස්ථානය පිළිබඳව එකිනෙකට පරස්පර තොරතුරු ඉදිරිපත් වී තිබුණි.
විමර්ශනය
මෙම විමර්ශනයේ කොටසක් ලෙස Sigma7 Business Intelligence ආයතනය විසින් පාර්ලිමේන්තු කතා, ප්‍රසිද්ධියට පත් වී ඇති අධිකරණ වාර්තා, ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය වාර්තා මෙන්ම ණය තොරතුරු, සමාගම් හිමිකාරිත්වය, අධ්යක්ෂ ධුර සහ දේපළ හිමිකම් ආවරණය වන විශේෂිත දත්ත ගබඩා රැසක් පරීක්ෂාවට ලක් කරන ලදී.
මෙම විමර්ශනය මගින් චෝදනාවේ ආරම්භය සොයා බැලූ අතර, එය දේශපාලන ප්‍රකාශ සහ මාධ්‍ය වාර්තා හරහා සංසරණය වන විට විවිධ වාර්තා වෙනස් වූ ආකාරයද පරීක්ෂාවට ලක් කළේය. චෝදනාවට සම්බන්ධ බවට නම් කරන ලද පුද්ගලයින්ගේ පසුබිම් සහ ඔවුන් සතු බවට දන්නා වත්කම් පිළිබඳවද Sigma7 ආයතනය පර්යේෂණ කළ අතර, ඊට අදාළ බව කියන බැංකු ගිණුම් විස්තරවල නිවැරදිබවද පරීක්ෂා කළේය.
London P&I ආයතනය හෝ X-Press Pearl නෞකාවේ හිමිකරුවන් විසින් එවැනි මුදලක් ගෙවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව වාර්තාව මගින් නිගමනය කර ඇත. එමෙන්ම, මෙම චෝදනාව පදනම් වූ තොරතුරුවල බරපතළ අඩුපාඩු සහ වෙනස්කම් පවතින බවද මෙම විමර්ශනයෙන් හඳුනාගෙන තිබේ.
විමර්ශනයේ ප්‍රධාන සොයාගැනීම්
මෙම චෝදනාව ආරම්භ වී ඇත්තේ නිර්නාමික වට්ස්ඇප් පණිවිඩයකින් වන අතර එම මුල් පණිවිඩය, එය එවූ පුද්ගලයා හෝ එය පැමිණි දුරකථන අංකය කිසි දිනෙක ප්‍රසිද්ධියේ හෙළිදරව් කර නොමැත.
තවද එම ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදල එක්සත් රාජධානියේ NatWest බැංකු ගිණුමකට බැර කර ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර, එම ගිණුමේ විස්තර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද ප්‍රකාශයට පත් කර තිබුණි. කෙසේ වුවද, එම බැංකු ගිණුම් විස්තර එකිනෙකට නොගැළපුන අතර, එම ගිණුමේ නිවැරදි කළ හැකි විවිධ ආකාරයන් සකසා ඊට ඉතා සුළු මුදලක් බැර කිරීමට Sigma7 Business Intelligence ආයතනය ගත් උත්සාහයන්ද සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.
ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරුවක් එක්සත් රාජධානියේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාලන නීති යටතේ දැඩි පරීක්ෂාවකට ලක්වන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි. ඊට සම්බන්ධ පාර්ශ්වයන්, මුදල් ලැබුණු මූලාශ්‍රය සහ ගනුදෙනුවේ අරමුණ පිළිබඳ දැඩි පරීක්ෂාවන්ද ඊට ඇතුළත් වේ. මුදල් විශුද්ධිකරණයක් සිදුවන බවට දැනගත් විට හෝ එවැන්නක් පිළිබඳව සාධාරණ සැකයක් ඇති වූ විටද ඒ පිළිබඳව අදාළ බලධාරීන්ට වාර්තා කිරීමට එක්සත් රාජධානියේ බැංකු නීත්‍යානුකූලව බැඳී සිටියි.
මෙම චෝදනාවේ ඇතැම් වාර්තාවලින් පෙන්නුම් කරන්නේ, අදාළ අල්ලස් මුදල බැර වූ බව කියන ගිණුම එක්සත් රාජධානියේ NatWest බැංකු ගිණුමක සිට බහමාස් හි පිහිටි හඳුනා නොගත් බැංකු ගිණුමක් වෙත මාරු වූ බවයි. කෙසේ වුවද, ඒ සඳහා කිසිදු සත්‍යාපනය කළ හැකි බැංකු විස්තරයක් ඉදිරිපත් කර නොමැත.
මෙම අල්ලස් මුදල ලබාගත් බව කියන අතරමැදියාගේ හෝ ලබන්නාගේ අනන්‍යතාවයද වරින් වර වෙනස් විය. මුලින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ ඥාතියෙකු පිළිබඳව සඳහන් වූ අතර, පසුව ‘චාමර ගුණසේකර’ යන නම සඳහන් විය. අනතුරුව මාධ්‍ය වාර්තා මගින් ඔහුව මංජු/මංජුසිරි නිශ්ශංක ලෙස හඳුනා ගන්නා ලදී. නිශ්ශංක මහතා ප්‍රසිද්ධියේ සහ තරයේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවිය පසුව ඊට අදාළ සිය වාර්තා ඉල්ලා අස්කර ගත් අතර ඒ පිළිබඳව සමාවද අයැද සිටියේය.
අවසාන වශයෙන්, මෙම චෝදනාව ප්‍රසිද්ධියට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින් පවා එහි විශ්වාසනීයත්වය පිළිබඳව සැක පළ කර ඇත. වට්ස්ඇප් හරහා මෙම චෝදනාව මුලින්ම ලැබුණු බව පැවසූ සහ පසුව එය රාජපක්ෂ මහතා වෙත යොමු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමා එම මුල් පණිවිඩය විශ්වාස නොකළ බවයි.
මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත මර්දන අංශයේ හිටපු ප්‍රධානියාගේ ප්‍රකාශය
Sigma7 ආයතනයේ විමර්ශනය සහ එහි සොයාගැනීම්වලට පදනම් වූ ක්‍රමවේදය සමාලෝචනය කිරීමෙන් පසුව, ඵඪ ඞ–ඡරුි ඡැ්රක නෞකාව ගිලී යාමෙන් පැන නැගුණු වන්දි ක්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා London P&I ආයතනය හෝ එම නෞකාවේ හිමිකරුවන් වන X-Press Feeders සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දුන් බවට එල්ල වන චෝදනාව සනාථ කිරීමට කිසිදු විශ්වාසදායක සාක්ෂියක් නොමැති බවට වන ප්‍රධාන නිගමනය සම්පූර්ණයෙන්ම අනුමත කරමි.
මෙම වාර්තාව මගින් සිදු කරන්නේ චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නොමැති බව පෙන්වා දීම පමණක් නොවේ. පැහැදිලිවම වැරදි බැංකු ගිණුම් විස්තර, මුදල් ලබාගත් බව කියන පුද්ගලයා පිළිබඳ පරස්පර වාර්තා සහ එම මුදල් ගිය බව කියන ස්ථානය පිළිබඳ නොගැළපෙන තොරතුරු ඇතුළුව, චෝදනාව තුළම ඇති මූලික පරස්පරතා සහ නොගැළපීම් ද හෙළිදරව් කරයි. මේ සියලු සොයාගැනීම් එක්ව ගත් කල, මුල් චෝදනාවේ විශ්වාසනීයත්වය බරපතළ ලෙස බිඳ වැටේ.
එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිසියේ ත්‍රස්ත මර්දන අංශයේ හිටපු ප්‍රධානියෙකු ලෙස, බුද්ධි තොරතුරක්, චෝදනාවක් සහ තහවුරු කරන ලද සත්‍ය කරුණක් අතර ඇති තීරණාත්මක වෙනස මම හොඳින් වටහාගෙන සිටිමි. නිර්නාමික, තහවුරු නොකළ ප්‍රකාශයක් වැඩිදුර විමර්ශනයක් සඳහා සාධාරණ හේතුවක් විය හැකි නමුත්, එය කිසිසේත්ම වරදක් සිදු කළ බවට සාක්ෂියක් ලෙස සැලකිය නොහැක. එමෙන්ම, එය පාර්ලිමේන්තුව තුළ, මාධ්‍ය තුළ හෝ නිල නඩු කටයුතු අතරතුර නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් පමණක් ඊට කිසිදු අමතර විශ්වාසනීයත්වයක් හිමි නොවේ.

