සැම්සුන්, Interbrandහි 2026 Best Global Brands ශ්‍රේණිගත කිරීම්හි අඛණ්ඩව 7 වැනි වරටත් අංක 5 ස්ථානය හිමිකර ගනියි
Interbrand ආයතනයේ 2026 Best Global Brands ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය අඛණ්ඩව හත්වන වසරටත් හිමිකර ගැනීමට Samsung Electronics සමාගම පසුගියදා සමත් විය. සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 105.2 ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති Samsung සමාගම 2020 වසරේ සිට මේ දක්වා ලොව ප්‍රමුඛතම සන්නාම 5 අතර රැඳී සිටින එකම ආසියානු සමාගම ලෙසද සඳහන් කළ හැකියි.
AI ක්ෂේත්රය තුල Samsung හිමිකරගෙන ඇති අඛණ්ඩ වර්ධනය සහ ආයෝජන මෙම ඇගයීමට හේතු වී තිබේ. AI පරිගණක චිප් නිපදවීම සහ සියලුම නිෂ්පාදන සඳහා AI අත්දැකීම් එක් කිරීම මීට ඇතුළත් වේ. එමෙන්ම, සමාගමේ සියලුම නිෂ්පාදන සහ සේවාවන් එකිනෙකට සම්බන්ධ කරමින් පාරිභෝගිකයන්ට මුල් තැන දෙන One Samsung උපායමාර්ගය ද Interbrand ආයතනයේ ඇගයීමට ලක් විය.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් Samsung සමාගමේ කළමනාකාර අධ්යක්ෂ Dongkyun Lee මහතා සඳහන් කර සිටියේ “අඛණ්ඩව වසර හතක් පුරා ලොව ප්‍රමුඛතම සන්නාම පහ අතර රැඳී සිටීම, නවෝත්පාදනය සහ පාරිභෝගික අත්දැකීම් කෙරෙහි Samsung සමාගම දක්වන අඛණ්ඩ අවධානය වෙනුවෙන් ලද සුවිශේෂී ඇගයීමක් ලෙස සඳහන් කළ හැකියි. AI, එකිනෙකට සම්බන්ධිත තාක්ෂණයන් සහ නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් අප සිදු කරන ආයෝජන මගින්, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට තාක්ෂණය වඩාත් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් කිරීමට අප තුළ ඇති කැපවීම ප්‍රදර්ශනය වනවා. නව අත්දැකීම් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ලබා දෙමින් ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිෂ්පාදන සහ සේවාවන් නිර්මාණය කිරීමේ වැදගත්කම මෙම ඇගයීම තුලින් තවදුරටත් තහවුරු වෙනවා” යනුවෙනි.
AI සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුමට ගැළපෙන පරිදි ඉහළ වටිනාකමකින් යුත් (memory products සැපයීම හරහා, Samsung සමාගමේ උපාංග විසඳුම් අංශය (Device Solutions පරිගණක චිප් කර්මාන්තය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගත්තේය. එමෙන්ම, කර්මාන්තයේ ප්‍රථම වරට නවතම HBM4 memory products මහා පරිමාණයෙන් නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ එම අංශය සුවිශේෂී තාක්ෂණික ජයග්‍රහණයක් ද හිමිකර ගනු ලැබීය.
Samsung සමාගමේ Device eXperience අංශය විසින් ජංගම දුරකථන, රූපවාහිනී සහ ගෘහ උපකරණ සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වුණු විශේෂාංග සහ එකිනෙකට සම්බන්ධිත අත්දැකීම් අඛණ්ඩව හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර Galaxy Z Fold8 එහි නවතම නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකිය. අලංකාර නිමාවකින් සහ 4:3 තිර අනුපාතයකින් යුත් මෙය, නැමිය හැකි (foldable) ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයනිහි හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමට සමත්ව ඇත.
Interbrand ආයතනය සෑම වසරකම ගෝලීය සන්නාම ඇගයීමට ලක් කරමින් ඒවායේ මූල්‍යමය සාර්ථකත්වය, පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ තීරණ කෙරෙහි සන්නාමය බලපාන ආකාරය සහ සමස්ත තරඟකාරී ශක්තිය මත පදනම්ව ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබයි. සන්නාම උපායමාර්ගය, පාරිභෝගිකයන් කෙරෙහි දක්වන සංවේදීතාව, අනන්‍යතාව, පාරිභෝගික සම්බන්ධතාව, ස්ථාවරත්වය සහ විශ්වාසය වැනි සාධක ද මෙම ඇගයීමේදී සලකා බලනු ලැබේ.

