November 11, 2026
ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කරගනී
පුවත්

ආයතනික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ සහ කාන්තා ව්‍යවසායිකාවන් නඟා සිටුවීම අරමුණින් NDB බැංකුව IFC සමඟ සිය සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කරගනී

Nov 11, 2026

NDB බැංකුව, ආයතනික ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණුනින් ආයතනික මෙහෙයුම් වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම සඳහා මෙන්ම, තවදුරටත් කාන්තා ව්‍යවසායිකාවන්ගේ මුල්‍ය ශක්තිය සවිබල ගැන්වීමටත්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ පැවති දිගුකාලීන සහයෝගිතාවය තව දුරටත් වර්ධනය කර ගනු ලැබීය.

මෙම සහයෝගිතාවය තුලින්, IFC හි ගෝලීය විශේෂඥතාව සහ උපදෙස් උපයෝගී කරගනිමින් NDB හි ආයතනික මෙහෙයුම් ක්‍රියාවලින් සහ කාර්යසාධනයන් ශක්තිමත් කිරීම සුවිශේෂී කොටසක් වේ.

තවද, මෙම සහයෝගිතාවය මඟින් කාන්තා නායකත්වයෙන් යුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (WSME) කුසලතා සංවර්ධන වැඩසටහන් රට පුරා දියත් කිරීම ද  සිදුවේ. මෙහිදී, NDB හි කතුන් සඳහාම සුවිශේෂී වූ බැංකු සේවා වැඩි දියුණු කරමින්,  රට පුරා සිටින ව්‍යවසයිකාවන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමද, ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබා දීම ද, අලුත් ව්‍යාපාර අවස්ථාවන් නිර්මාණය ද, උපදේශන සේවාද මෙන්ම නව ආයෝජන අවස්ථාද  ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close