සියැට් වෙතින් සී සෑමට නව ජවයක් දෙන තවත් ට්රැක්ටර් ටයර් වර්ග තුනක්
දේශීය කෘෂිකාර්මික කටයුතුවල පවතින දැඩි අවශ්යතාවයක් වන මහ කන්නයේ දී සිදු කෙරෙන සී සෑමේ ක්රියාවලියේ අසීරු ලියදි හෑම නැතහොත් කුඔුර මඩ කිරීම සඳහා ම විශේෂිත වූ නව ක්රොස්-ප්ලයි ට්රැක්ටර් ටයර් වර්ග තුනක් හඳුන්වා දෙමින් සියැට් කැලණි සමාගම තම කෘෂිකාර්මික ටයර් නිෂ්පාදන පෙළ පුළුල් කර ඇත.
මෙම නව ටයර් මාදිලි තුන පසුපස රෝද සඳහා සුදුසු 16.9-28 සහ 14.9-28 යන ප්රමාණවලින් ‘AAYUSHMAAN’ ටයර් වර්ග දෙක සහ ඉදිරිපස රෝද සඳහා ‘8-18 PUDDLE XL’ ටයර් වර්ගය වේ. මේ සමඟම ශ්රී ලංකාව තුළ සියැට් හි කෘෂිකාර්මික ටයර් පරාසය ප්රමාණ නවයක් දක්වා ඉහළ යන අතර විවිධ වර්ගයේ ට්රැක්ටර් භාවිතා කරන ගොවීන්ගේ අවශ්යතා සපුරාලීමට සමාගම සතු හැකියාව තවදුරටත් ශක්තිමත් වේ.
පුළුල් පරාසයක විහිදුන ට්රැක්ටර් රථ සහ කෘෂිකාර්මික අවශ්යතා සපුරාලීම උදෙසා ම නිමැවුනු මෙම නව සියැට් කෘෂිකාර්මික ටයර් මාදිලි තුන සොනාලිකා, ටැෆේ, ජෝන් ඩියර් සහ මහින්ද්රා වැනි ජනප්රිය ට්රැක්ටර් සන්නාම සමඟ මනාව ගැලපේ.
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික මෙහෙයුම්වල යථාතත්ත්වය සලකා බලමින් මඩ සහිත තෙත් පසෙහි දී වැඩි ජවයක් සමඟ සුමට ක්රියාකාරීත්වයක් ලබා දීම සඳහා මෙම නව මාදිලි නිර්මාණය කර ඇති බව සමාගම පවසයි. ඒවායේ වැඩි දියුණු කළ ලග් ටයර් රටාව නිසා ටයරයේ රැඳෙන මඩ සහ පස් ස්වයං පිරිසිදු වීම හොඳන් සිදුවන අතර එමගින් ටයර් වඩාත් ස්ථාවරව තබා ගැනීමට සහය දෙමින් හාන ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කරයි.
පොදුවේ ගත් විට මෙම නව ටයර් මාදිලි තුනම නිර්මාණය කර ඇත්තේ ලිස්සා යාම අඩු කර, සී සෑමේ ක්රියාවලියේ දී ට්රැක්ටර්වලට එන්ජිමේ බලය වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට උපකාර කිරීම සඳහා යි. ටයර වල ඉහළ ශක්තියකින් යුත් අභ්යන්තර සැකිල්ලේ ව්යුහය මගින් ද අභියෝගාත්මක කෘෂිකාර්මික කටයුතුවලට ඔරොත්තු දීම සඳහා අවශ්ය වන ව්යුහාත්මක ශක්තිය සහ වැඩි කල්පැවැත්ම ලබා දෙයි.
දැඩි කෘෂිකාර්මික කාර්යයන් වලට භාවිතා කිරීම වෙනුවෙන් ම නිර්මාණය කර ඇති මෙම නව ටයර් මාලාව පිළිබඳ ගොවීන්ට අමතර විශ්වාසයක් ලබා දෙමින් නිෂ්පාදිත සතියේ සිට වසර තුනක වගකීම් කාලයක් හිමි වන අතර තරඟකාරී මිලකට ලබා ගත හැක.
දේශීය වෙළඳපොළෙහි වාර්ෂිකව ටයර් මිලියන 1.6කට වඩා අලෙවි කරන සියැට් 2026 දී බ්රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් 2025 සහ 2026 ශ්රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් ශ්රේණිගත කරන ලදී. සියැට් සමාගම ශ්රී ලංකාවේ මෝටර් රථ ටයර් අවශ්යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. සියැට් කැලණි හවුල් ව්යාපාරය පසුගිය දශකය තුළ ශ්රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර මෑතකදී තවත් රුපියල් බිලියන 4.5 ක ආයෝජනයට මුලපුරමින් දේශීය ආර්ථිකයට අත්යවශ්ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

