රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටුව පත් කරමින් ඩොලර් බිලියනයක දේශීය අගය එකතු කිරීමේ ඉලක්කයකට අවධානය යොමු කරයි
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය 2026/27 වර්ෂය සඳහා සිය නව විධායක කමිටු සමාජිකයින් ලෙස නොයොන් ලංකා පුද්ගලික සමාගමේ හුස්නි සලේ මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස යලිත් වරක් පත් කර ගන්නා ලදි. මෙම පත් කිරීම පසුගිය 25වන දින හිල්ටන් හෝටලයේදී පැවති රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ මහ සභා රැස්වීමේදී සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලන්ගමුව, ශ්‍රී ලංකා අපනයන සංව¾ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ (FAAMA) සාමාජිකයින් , ක්ෂේත්රයේ ප්‍රමුඛයන් සහ රජයේ නියෝජිතයන් එක් කළ මෙම අවස්ථාව, සංගමය මෙතෙක් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳ ආපසු හැරී බැලීමටත්, ඉදිරි වසර සඳහා ප්‍රමුඛතා සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් වැදගත් වේදිකාවක් සපයා දුන්නේය.
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය, මෙරට ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්රය නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තිකයින්ගේ සංගමය වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සමාජිකත්වය දරනු ලබයි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ අභිනව සභාපතිවරයාට සුබපැතුම් එක් කරමින් “ අභීනවයෙන් පත් වූ සභාපතිවරයා සහ නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකාවේ දේශීය රෙදි පිලි නිෂ්පාදනය සහ ඇඟලුම් උපාංග සැපයුම් දාමය ශක්තිමත් කිරීමට සහ 2030 වර්ෂය සඳහා වන ඉලක්ක වෙත මෙම ව්‍යාපාරික අංශය ගෙන යනු ඇති බව මගේ දැඩි විශ්වාසයයි” යනුවෙන් පැවසීය.
ඩොලර් බිලියනයක ආදායම් අවස්ථාවන්
ගෙවුණු වසර පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් සලී මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ක්ෂේත්රය වාර්ෂිකව උපයන ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ අපනයන ආදායමෙන්, රෙදිපිළි හා ඇඟලුම් උපාංග කර්මාන්තයේ දායකත්වය ඇමෙරිකානු ඩොලර් මිලියන 800ත් බිලියන 1ත් අතර වන බවයි. කෙසේ වෙතත්, මෙම කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවල සැලකිය යුතු කොටසක් තවමත් විදේශයන්ගෙන් ආනයනය කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
“මෙරට ඇඟලුම් අපනයන ආදායම දැනට පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 5 සිට 2030 වනවිට බිලියන 8 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කර ඇති පසුබිමක, දේශීයව සපයාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ නව වෙළෙඳ අවස්ථාවක් පවතිනවා,” යැයි ඔහු පැවසීය.
“අපගේ කර්මාන්තය මුහුණ දෙන අභියෝග බොහොමයක් එක් සමාගමකට, සංගමයකට හෝ ආයතනයකට තනිව විසඳිය නොහැකියි. ඒ සඳහා සමස්ත ක¾මාන්තයම සාමුහිකව ක්‍රියාමාර්ගයකට එළැඹිම අත්‍යාවශ්‍ය කරුණක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.
පසුගිය වසර පුරා රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ ශ්‍රී ලංකා අපනයන සංව¾ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව 2030 වර්ෂය සඳහා ඉලක්ක කරගත් පොදු ඇඟලුම් කර්මාන්ත උපායමා¾ගයක් සකස් කිරීම සඳහා කටයුතු කර තිබේ.
ඒ යටතේ ප්රමුඛ ඇඟලුම් නිෂ්පාදකයන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමටත්, බදු සහ අපනයන නියාමන සම්බන්ධයෙන් සම්මන්ත්රණ සංවිධානය කිරීමටත් සංගමය පියවර ගෙන ඇත. තාක්ෂණික කුසලතා සංව¾ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතනය සමඟද රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය ( FAAMA) කටයුතු කර තිබේ.
SVAT ක්‍රමය අහෝසි කිරීම සහ විදේශ මුදල් ගෙවීම් සඳහා පනවා ඇති සීමාවන් ඇතුළු සාමාජිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනයන්ගේ අවධානයට යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 30% කට වැඩි දායකත්වයක් ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබෙන අතර, එහි වාර්ෂික අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5කට ආසන්න බව ශ්‍රී ලංකා අපනයන සංව¾ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉල්ලුම දුර්වලවීමත් සමඟ මේ වසරේ අපනයන ක්රියාකාරීත්වයේ යම් පසුබෑමක් දක්නට ලැබුණද, ඉදිරියේදී සාමාන්‍ය අපනයන වර්ධනය 7% ක පමණ මට්ටමක, සහ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6% ක පමණ මට්ටමක ද පවතිනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න වටිනාකමකින් යුතු රෙදිපිළි ආනයනය කරන බැවින්, එය දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළෙඳ අවස්ථාවක් බව ශ්‍රී ලංකා අපනයන සංව¾ධන මණ්ඩලය (EDB) පෙන්වා දෙයි.
“මෙම කර්මාන්තවල දේශීය නිෂ්පාදනය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි වුවහොත්, විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත්, සමස්ත ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්රය වඩාත් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා,” යැයි එහි නියෝජිතයා පැවසීය.
යුරෝපා සංගමය විසින් පනවනු ලබන නව සහ වඩාත් දැඩි නියාමන අවශ්‍යතා හේතුවෙන්, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අනුකූලතා පිරිවැය ඉහළ යන බව අපනයන සංවර්ධන මණ්ඩලය ද පිළිගන්නා කරුණකි.
“ශ්‍රී ලාංකික අපනයනකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව චක්‍රීය ආර්ථික ක්‍රමවේද, අඩු කාබන් නිෂ්පාදනය සහ වඩාත් විශ්වාසදායක සැපයුම් දාම සොයාබැලීමේ හැකියාව යොදා ගන්නේ නම්, තරගකරුවන්ගෙන් වෙනස්වී ශක්තිමත් වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාගැනීමට හැකි වනු ඇත,” යැයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න වටිනාකමකින් යුතු රෙදිපිළි ආනයනය කරන බැවින්, එය දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළෙඳ අවස්ථාවක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පෙන්වා දෙයි.
“මෙම දේශීය කර්මාන්තවලට අවශ්‍ය සහාය ලබාදී ඒවා ශක්තිමත් කිරීමට හැකි වුවහොත්, විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත්, සමස්ත රෙදිපිළි සහ ඇඟලුම් ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වෙනවා,” යනුවෙන් එම සංගමයේ නියෝජිතවරයා පැවසීය.
මේ අතර යුරෝපා සංගමයේ නියාමන සහ අනුකූලතා අවශ්‍යතා දැඩිවීමත් සමඟ, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවද අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
“ශ්‍රී ලාංකික අපනයනකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව චක්‍රීය නිෂ්පාදන ක්‍රමවේද, අඩු කාබන් නිෂ්පාදනය සහ නිෂ්පාදන හා සැපයුම් දාමය වඩාත් හොඳින් සොයාගත හැකි ක්‍රමවේද අනුගමනය කරන්නේ නම්, තරගකාරී රටවලින් වෙනස්වී වඩාත් ශක්තිමත් වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබාගැනීමට අපට හැකි වනු ඇත,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
වීඩියෝ පණිවුඩයක් මගින් රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ නව විධායක කමිටුවට සුබපැතුම් එක් කළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති දුමින්ද හුලංගමුව මහතා සඳහන් කළේ, මෙරට ඇඟලුම් කර්මාන්තයේ සිරස් ඒකාබද්ධතාවය එහි වැදගත් උපායමා¾ගික වාසියක් බවයි.
“රෙදිපිළි සහ ඇඟලුම් උපාංග නිෂ්පාදකයන් සමස්ත වටිනාකම් දාමයටම සැපයුම් ලබා දෙමින් අපගේ කර්මාන්තය සිරස්ව ඒකාබද්ධ වී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
දැනට පවතින මට්ටමෙන් දේශීය මූලාශ්‍රවලින් අමුද්‍රව්‍ය සහ උපාංග සපයා ගැනීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නව විධායක කමිටුව ඉදිරියේදී හමුවීමටද අපේක්ෂාවෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
වෙනසක ඇරඹුම
“අප මුහුණ දෙන අභියෝග හඳුනාගෙන ඒවා අවබෝධ කර ගැනීම සඳහා අප විශාල කාලයක් වැය කර තිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ සාමූහික ක්‍රියාමාර්ග වෙත යොමුවීමයි,” යනුවෙන් යළි තේරී පත් වූ සභාපතිවරයා පැවසීය. වෙනස්කම් පිළිගෙන ඒවාට අනුගත වීමට සූදානම් වන ලෙසද ඔහු සාමාජිකයන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
“පවතින්නේ ශක්තිමත්ම හෝ වේගවත්ම ජීවීන් නොව, වෙනස්කම්වලට වඩාත් හොඳින් අනුගත විය හැකි අයයි” යන ප්‍රකට අදහස සිහිපත් කළ ඔහු, රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයට මෙන්ම සමස්ත කර්මාන්තයටද මෙය සැලකිය යුතු වෙනස්කම් සිදුවන තීරණාත්මක අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ සංගමයේ 20206/27 වර්ෂයට අදාලව පත් වූ විධායක සභාව හුස්නි සලේ සභාපති – නොයොන් ලංකා පුද්ගලික සමාගම, උපසභාපතිවරුන් ලෙස නිරෝශන් සමරසිංහ ස්ට්‍රෙච්ලයින් සහ ශාහිඩ් සංගානී ඩයිනවොශ් ලිමිටඩ්, ලේකම් – ශෙහාන් ඔලගසේගරම් කොම්පෙරලි කන්සල්ටන්සි පුද්ගලික සමාගම, භාණ්ඩාගාරික ලෙස ඇන්ට්ලර් ෆැබ්රික් ප්‍රින්ටර්ස් හි සුරංග ගාල්ලගේ යන මහත්වරුන් පත් වූහ. විධායක කමිටු සාමාජිකයින් ලෙස ජානක නානායක්කාර ටී.ජේ ලංකා පී.එල්.සී, හරින් ගේබ්‍රියල් ඇමරිකත් ඇන්ඩ් ඊෆර්ඩ් පුද්ගලික සමාගම, ජොනා ගෝ බෙස්ට් පැසිපික් ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගම, බෘනෝ ප්‍රනාන්දු ෂෝ ටු ෂෝ පුද්ගලික සමාගම, රුවන් මුදල්පත්, ඕෂන් ලංකා පුද්ගලික සමාගම සහ යසන්ත සූරියප්පෙරුම, විල්කින් ස්පෙන්ස් පැකේජින් පුද්ගලික සමාගම සහ වාසු විජේගුණවර්ධන ප්‍රයිම් ඉන්ටිමේට් ලංකා පුද්ගලික සමාගම යන ආයතනයන්ගෙන් පත් කර ගන්නා ලදි.

