ශ්‍රී ලංකාව වෙනුවෙන් වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කේම්බ්‍රිජ් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නව කාර්යාලයක් විවෘත කරයි
Cambridge University Press & Assessment ආයතනය, ශ්‍රී ලංකාව තුළ සිය නිල නියෝජනය තවදුරටත් ශක්තිමත් කරමින් ‘කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ලංකා (පුද්ගලික) සමාගම’ (Cambridge University Press & Assessment Lanka (Pvt) Ltd) ස්ථාපිත කර තිබේ. කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටුවන ලද නව කාර්යාලය සහ දේශීය කණ්ඩායම හරහා, ශ්‍රී ලංකාවේ පාසල්, අධ්‍යාපනඥයින් සහ ආයතන සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සිය දිගුකාලීන කැපවීම ඉදිරියට ගෙන යාමට මෙමඟින් අවස්ථාව උදා වී ඇත.
මෙම පියවර මඟින් ශ්‍රී ලංකාව කෙරෙහි කේම්බ්‍රිජ් ආයතනය දක්වන දිගුකාලීන කැපවීම සහ දේශීය හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා වන ආයෝජනය පිළිබිඹු වන අතර, දිවයින පුරා පාසල්, අධ්‍යාපනඥයින්, ආයතන, පාර්ශ්වකරුවන් සහ ප්‍රජාවන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට කේම්බ්‍රිජ් කණ්ඩායමට හැකියාව ලබාදෙයි.
කොළඹ පිහිටි මෙම නව කාර්යාලය හරහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කණ්ඩායම, කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ආයතනයේ මෙරට සියලුම මෙහෙයුම් අංශ සඳහා සහාය ලබාදෙයි. කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් (Cambridge International Education), කේම්බ්‍රිජ් ඉංග්‍රීසි (Cambridge English), ප්‍රකාශන සහ අධ්‍යයන සම්පත්, අලෙවිකරණය, පාරිභෝගික සහාය සහ මෙහෙයුම් කටයුතු එම සේවා පරාසයට ඇතුළත් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා සපුරාලීම සඳහා රජයේ ආයතන, අධ්‍යාපන ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ මෙම කණ්ඩායම සහයෝගයෙන් කටයුතු කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ආයතනයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී සහරා අන්සාරි මහත්මිය මෙසේ පැවසුවාය.
“ශ්‍රී ලංකාව තුළ අපගේ කාර්යය සෑම විටම අධ්‍යාපන ප්‍රජාව සමඟ ගොඩනඟාගත් ශක්තිමත් සබඳතා මත පදනම් වී තිබෙනවා. නව කාර්යාලය සහ දේශීය කණ්ඩායම හරහා, අපගේ පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් අවබෝධ කර ගනිමින්, පාසල්, අධ්‍යාපනඥයින් සහ ආයතන වෙත ලබාදෙන සහාය තවදුරටත් ශක්තිමත් කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙම පියවර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ අපගේ විශ්වාසය සහ මෙරට තුළ දිගුකාලීනව කටයුතු කිරීමට ඇති අපගේ කැපවීම පිළිබිඹු කරනවා.”
ජාත්‍යන්තර විෂයමාලා, වැඩසටහන් සහ සුදුසුකම්, අධ්‍යාපනික සම්පත් මෙන්ම ගුරුවරුන් සහ වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදෙමින්, කේම්බ්‍රිජ් ආයතනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ මට්ටම් නියෝජනය කරන පාසල් සහ සිසුන් වෙනුවෙන් කටයුතු කරයි. එමෙන්ම, එහි දේශීය කණ්ඩායම දිවයින පුරා පිහිටි උසස් අධ්‍යාපන ආයතන, රැකියා යෝජකයින්, රාජ්‍ය ආයතන සහ අධ්‍යාපනික පාර්ශ්වකරුවන් සමඟ සමීපව මෙරට අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරයි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කොටසක් වන කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් (Cambridge University Press & Assessment), අධ්‍යාපනය, ඇගයීම්, පර්යේෂණ සහ ප්‍රකාශන යන ක්ෂේත්‍රයන්හි පුළුල් අත්දැකීම් සහ විශේෂඥ දැනුම එක්තැන් කරයි. එහි කොටසක් වන Cambridge International Education, රටවල් 160කට අධික සංඛ්‍යාවක පාසල් 10,000කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කරමින්, ලොව පුරා සිසුන්, ගුරුවරුන් සහ පාසල් නායකයින්ගෙන් සමන්විත ගෝලීය අධ්‍යාපන ප්‍රජාවකට සහාය ලබාදෙයි.
කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් හි දකුණු ආසියානු කළමනාකාර අධ්‍යක්ෂ අරුන් රාජමණි මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
“ශ්‍රී ලංකාව යනු වසර ගණනාවක් පුරා අප සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟාගත් අධ්‍යාපනික ප්‍රජාවක් සහිත, දකුණු ආසියානු කලාපය තුළ අපගේ වැදගත්ම වෙළෙඳපොළක් වනවා. අපගේ නව දේශීය නිල නියෝජනය හරහා, කේම්බ්‍රිජ් සතු ගෝලීය අත්දැකීම් සහ විශේෂඥතාව දේශීය අවශ්‍යතා පිළිබඳ අවබෝධය සමඟ ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවන් සමඟ වඩාත් සමීපව සහ ඵලදායීව කටයුතු කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරි වසර ගණනාව පුරා මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියට අඛණ්ඩව සහාය වීමට අපි බලාපොරොත්තු වෙනවා.”
ගෙවී ගිය වසර ශ්‍රී ලංකාව තුළ කේම්බ්‍රිජ් ආයතනයේ සුවිශේෂී වර්ධනයක් සනිටුහන් කළ කාලසීමාවක් වූ අතර, එම කාලය තුළ වාර්තාගත අධ්‍යයන සම්පත් අලෙවි ප්‍රමාණයක් වාර්තා කිරීමටත්, මෙරට කේම්බ්‍රිජ් පාසල් ජාලයට නව පාසල් 10ක් එක් කර ගැනීමටත් හැකි විය. මීට අමතරව, දිවයින පුරා කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පරීක්ෂණ (Young Learners English – YLE ඇතුළුව) 50,000කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා තිබේ.
කොළඹ පිහිටි මෙම නව කාර්යාලය, ජාත්‍යන්තර අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා වැඩසටහන්, ප්‍රකාශන සහ අධ්‍යයන සම්පත් මෙන්ම රාජ්‍ය සහ ආයතනික පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතා වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින්, කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස් ඇන්ඩ් ඇසෙස්මන්ට් ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත.

