September 30, 2026
කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී
පුවත්

කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී

Sep 30, 2026

ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි-

ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා සමාගම SLIM DIGIS 2.6 හිදී සිය Real Magic ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් Best Use of Experiential & On-Ground Digital Amplification සම්මානය දිනා ගැනීමටද සමත් විය.

මෙරට පරම්පරා ගණනාවක පවුලේ හමුවීම්, උත්සව සැමරුම්, එදිනෙදා ආහාර වේල් සහ සුපුරුදු මතකයන් රැසක් සමඟ අඛණ්ඩව බැඳී පවතින සන්නාමයක් වන කොකා කෝලා සිය 65 වැනි සංවත්සරය වෙනුවෙන් සමාගම දියත් කර ඇති ‘Thank You for Always Picking Coca-Cola’ ජාතික ප්‍රචාරක වැඩසටහන හරහා පාරිභෝගිකයා සමඟ වන දිගුකාලීන සමීප සබඳතාවය සිය ගමනේ ප්‍රධාන කේන්ද්‍රය බවට පෙන්වා දී තිබේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා හි ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා “අප ශ්‍රී ලංකාව තුළ වසර 65ක් සනිටුහන් කරන මෙම මොහොතේ මෙම සම්මානයන්ගෙන් පිදුම් ලැබීම අපට සුවිශේෂී වටිනාකමක් ගෙන දෙනවා. මෙරට පරම්පරා ගණනාවක් අඛණ්ඩව කොකා-කෝලා තෝරාගෙන තිබෙන අතර ඔවුන් අප කෙරෙහි තබා ඇති ඒ නොසැලෙන විශ්වාසය පිළිබඳව අපි ස්තුති වන්ත එසේම වෙළෙඳපොළ තුළ අපගේ වත්මන් වටිනාකම රඳවා ගැනීමට නම් පාරිභෝගිකයන් සමඟ අප සම්බන්ධ වන ආකාරය නිරන්තරයෙන් වැඩි දියුණු කළ යුතුයි. මෙම සම්මාන උලෙළයන්හි අප ලැබූ ඇගයීම් හරහා, අප සතු දිගුකාලීන සමීප සබඳතාවය මෙන්ම වර්තමාන පාරිභෝගිකයාට වඩාත් ගැලපෙන ඩිජිටල් අත්දැකීම් නිර්මාණය කිරීම පිළිබඳ අපගේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙන් පැවසීය.

මෙරට තුළ වසර හැටකට අධික ඉතිහාසයක් ඇති සන්නාමයක්  ලෙස, කොකා-කෝලා සමාගම නැවත ‘Most Popular Beverage Brand of the Year’ ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම පාරිභෝගිකයාට ඇති හුරුපුරුදුකමට පමණක් එහා ගිය කරුණකි. අලුත් පරම්පරාවන් සන්නාමයන් හඳුනාගන්නා, අත්විඳින සහ ඒවා සමඟ සම්බන්ධ වන ආකාරයන්ට අනුකූලව කොකා-කෝලා සන්නාමය හැඩගැසෙමින් පාරිභෝගික තේරීම අඛණ්ඩව දිනා ගැනීමට දක්වන හැකියාව මේ තුලින් මනාව පිළිබිඹු වේ.

සමස්තයක් ලෙස ගත් කල, Calin Popular Awards සහ SLIM DIGIS සම්මාන උළෙල තුලින් කොකා-කොලා සමාගමේ සාර්ථකත්වය මනාව විදහා දක්වයි. එහිදී ශ්‍රී ලාංකේය ජනතාව තවමත් සිය ප්‍රධානතම තේරීම ලෙස අඛණ්ඩව භාවිත කරන පානයක් වීම සහ පාරිභෝගිකයා සමඟ නවතම අයුරකින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට මග පාදන සන්නාමයක් වීම කොකා-කෝලා හට මහත් ගෞරවයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close