73 Avenue Realtors නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07 දී විවෘත වෙයි
COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය කරන සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනසකට ලක් කිරීමේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට මේ සමඟ 73 Avenue Realtors ආයතනයට හැකි විය.
2020 වසරේදී අර්ෂාද් මොහිදීන් සහ අක්‍රම් මොහිදීන් විසින් 73 Avenue Realtors ආරම්භ කරනු ලැබුවේ සාම්ප්‍රදායික ලෙස නිවාස සහ ඉඩම් නැරඹීම නවතා තිබූ අභියෝගාත්මක කාලයක වීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා වී තිබීම සහ දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වූ පාරිභෝගිකයන්ට ඒවා වෙත සෘජුවම ගොස් පරීක්ෂා කිරීමට නොහැකි වීම නිසා, සාම්ප්‍රදායික දේපළ වෙළෙඳාම් ක්‍රමවේදය කාලයට ගැලපෙන ලෙස වෙනස් කිරීමට සමාගම මෙහිදී පියවර ගන්නා ලදී.
එහිදී ඔවුන් වෙළෙඳපල සාමාන්‍යකරණයට පත්වන තෙක් බලා නොසිට 73 Avenue හරහා දේපළ අලෙවිකරණය සඳහා නවතම ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. එසේම ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ තාක්ෂණය හඳුන්වා දෙමින්, ගැනුම්කරුවන්ට ඕනෑම තැනක සිට දේපළ පරීක්ෂා කිරීමට සහ තක්සේරු කිරීමට ඔවුන් අවස්ථාව සලසා දෙන ලදී. කෙටි කාලයක් තුළ, සුඛෝපභෝගී දේපළ අලෙවිය, කුලියට දීම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් වෙළෙඳපල තුළ කැපී පෙනෙන සන්නාමයක් ගොඩනැඟීමට ඔවුන්ට හැකි විය. එහිදී ඔවුන් තාක්ෂණය, ගුණාත්මක තොරතුරු සහ එක් එක් පාරිභෝගිකයාට වෙන්වූ සුවිශේෂී සේවාවන් ලබාදීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.
අද වන විට මෙම සමාගම, ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපලවල සිටින ඉහළ ආදායම්ලාභී පාරිභෝගිකයන් වෙනුවෙන් සේවය සපයන, 15 දෙනෙකුගෙන් යුත් දේපළ උපදේශක කණ්ඩායමකින් ශක්තිමත් වී ඇත. මීට අමතරව, සමාගමේ අරමුණු ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ද ව්‍යාප්ත වෙමින් ඩුබායි හි දී සිය මෙහෙයුම් ආරම්භ කර ඇති 73Avenue ඕස්ටේ්‍රලියාව, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් සමඟ ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ගොඩනඟා ගැනීමටද කටයුතු කර ඇත. මෙමඟින් නිර්මාණය කර ඇති පුළුල් ජාත්‍යන්තර ජාලය හරහා ශ්‍රී ලාංකික ආයෝජකයන්ට විදේශීය දේපළ අවස්ථා සමඟ සම්බන්ධ වීමට මඟ පෑදෙන අතරම, ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යාමට ද අවස්ථාව සැලසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 73Avenue Realtors හි සම නිර්මාතෘ අර්ෂාද් මොහිදීන් මහතා සඳහන් කර සිටියේ “දේපළ වෙළඳාම යනු හුදෙක් ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීම හෝ විකිණීම පමණක් නොව පාරිභෝගිකයන්ගේ සැබෑ අවශ්‍යතා ඉටුකර දීමයි. ආරම්භයේ පටන් මේ ක්ෂේත්‍රය තුළ වෙනසක් කිරීමේ අරමුණින් කටයුතු කළ අප කොවිඩ් වසංගත කාලයේදී සංචාරය කිරීමට අපහසු පිරිස් වෙත ඉතා පහසුවෙන් දේපළ දැකබලා ගැනීමට හැකි වන පරිදි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අභියෝග කරමින් නව මානයන් විවර කිරීමට සමත් වුණා.” යනුවෙනි.
කොළඹ වඩාත්ම ප්‍රසිද්ධ හා ඉහළම පිළිගැනීමක් සහික ප්‍රදේශයක පිහිටා තිබෙන මෙම නව කාර්යාලය තුලින් පාරිභෝගිකයන් වෙත වඩාත් පුළුල් මෙන්ම ඉහළම මට්ටමේ සේවාවක් සලසාදීමට 73Avenue Realtors අරමුණු කොට ගෙන ඇත.

