September 14, 2026
Coke Kottu Beat Party කටුනායක රසවත් කරයි
පුවත්

Coke Kottu Beat Party කටුනායක රසවත් කරයි

Sep 14, 2026

කෝකා-කෝලා ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන Coke Kottu Beat Party හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා කටුනායකදී නිමාව දුටුවේ අසමසම අත්දැකීමක් හා රසවත් මතයක්ද පාරිභෝගිකයින් වෙත ගෙන එමිනි. කටුනායක දේවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ රසිකයින් හට මියුරු සංගීතය, විවිධ ආහාර පාන වර්ග මෙන්ම රසවත් කොත්තු සමඟින් කොකා-කෝලා රස විඳීමටද හැකි විය. සුවිසල් ජන ගඟක් එක් වූ මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැගත් සංගීත රිද්මයන්ගෙන් සතුටු වීමට ද ඔවුන්ට අවස්ථාව උදා විය. මෙම සාර්ථකත්වය තුළින් පෙනී යන්නේ ජනතාව එකට එකතු කරමින් අමතක නොවන සුන්දර අත්දැකීම් දායාද කිරීමට කොකා-කෝලා සමාගම සතු කැපවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close