Salesforce සමාගම සිය ප්‍රථම “Innovation Day” කොළඹදී පවත්වමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කරයි
Salesforce සමාගම ලොව අංක 1 Agentic CRM සමාගම වන අතර, සිය ප්‍රථම “Salesforce Innovation Day Colombo” සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන බව අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාව කෙරෙහි ඇති සිය ආයෝජන කැපවීම තවදුරටත් පුළුල් කරමින්,දේශීය ව්‍යාපාර අතර කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ භාවිතය වේගවත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
මෙම සමුළුව සඳහා ව්‍යාපාරික නායකයින්, පාරිභෝගිකයින්, සහකරුවන් සහ තාක්ෂණික වෘත්තිකයින් 200 කට අධික පිරිසක් එක්වීමට නියමිතය.
AI තාක්ෂණය, සම්බන්ධිත දත්ත (connected data) සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (intelligent automation) උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවල ගෝලීය තරගකාරීත්වය වර්ධනය කිරීම, නිෂ්පාදනශීලීතාව ඉහළ නැංවීම සහ නව ව්‍යාපාරික අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරේ.
මෙරට ඩිජිටල් පරිවර්තනයට නායකත්වය සපයන විවිධ ව්‍යාපාර, ඖෂධ, සිල්ලර වෙළඳාම සහ පාරිභෝගික භාණ්ඩ (FMCG) ඇතුළු ප්රමුඛ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් රැසක් මෙම වැඩසටහන සඳහා දේශකයින් ලෙස එක්වීමට නියමිතය. මෙරට ප්රමුඛ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන මෙම ප්රවීණයන්ගේ සහභාගීත්වය හරහා, AI තාක්ෂණය සහ ඩිජිටල් මෙවලම් සාර්ථකව ව්‍යාපාරික ක්‍රියාවලීන්ට සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවේ.
John Keells Holdings PLC හි සමූහ ප්‍රධාන තොරතුරු නිලධාරී (EVP & Group CIO) රමේෂ් ෂන්මුගනාදන්, Keells Supermarkets හි ඕම්නි කොමර්ස්, ඩිජිටල් සහ ලෝයල්ටි ප්‍රධානී (Head of Omni Commerce, Digital & Loyalty) නිරේෂ් මුතු රත්නනන්දන් සහ Dilmah Ceylon Tea Company PLC හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී යශෝධා සූරියකීර්ති යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනේ ප්‍රධාන දේශකයින් ලෙස අදහස් දැක්වීමට නියමිතය.
තවද, Deloitte හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් පාරිභෝගික අංශ ප්‍රධානී (Customer Leader – Sri Lanka & Maldives) හරේෂ් පෙරේරා සහ Altria Consulting (Pvt) Ltd සමාගමේ විකුණුම් අධ්යක්ෂ චාමිකර පෙරේරා යන මහත්වරුන් සහකාර සහ උපදේශක නියෝජිතයින් ලෙස මෙම වැඩසටහනට එක්වෙති. Salesforce සමාගමේ සහකරුවෙකු මෙන්ම පාරිභෝගිකයෙකු ලෙස Altria Consulting සමාගම ලැබූ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ඔවුන් සිය දැනුම, අවබෝධය සහ අදහස් මෙහිදී බෙදාගැනීමට නියමිතය.
නායකත්ව සංවාද, සජීවී ප්‍රදර්ශන (live demos) සහ සැබෑ පාරිභෝගික අත්දැකීම් ඔස්සේ, Innovation Day Colombo වැඩසටහන ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට AI තාක්ෂණය පරීක්ෂණ මට්ටමෙන් ප්‍රායෝගික භාවිතය දක්වා ගෙන යාමට අවශ්‍ය අවබෝධය ලබාදෙනු ඇත. විකුණුම්, සේවා, අලෙවිකරණ සහ වාණිජ අංශයන්හි AI තාක්ෂණය වගකීම්සහගතව යොදාගැනීමේ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
“ශ්‍රී ලංකාව සතු ශක්තිමත් ව්‍යවසායකත්ව සංස්කෘතිය, ඩිජිටල් කුසලතා සහ නවෝත්පාදනයට ඇති සූදානම රටේ ව්‍යාපාරික අනාගතයට ශක්තිමත් පදනමක් සපයනවා,” යනුවෙන් Salesforce ඉන්දියා සහ ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂිකා මන්කිරන් චවුහාන් පැවසුවාය. “Innovation Day Colombo සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාව පිළිබඳ අපගේ විශ්වාසය මෙන්ම, සියලුම ව්‍යාපාරවලට දිගුකාලීනව සහාය වීමට ඇති අපගේ කැපවීමද තවදුරටත් තහවුරු වෙනවා. විශ්වාසනීය AI සහ දත්ත තාක්ෂණය, දේශීය කුසලතා සහ ශක්තිමත් පරිසර පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලාංකේය ආයතනවලට තම පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ රටේ ආර්ථිකයට වැඩි වටිනාකමක් නිර්මාණය කිරීමට සහාය වීමට අපි බලාපොරොත්තු වෙනවා.”
කුසලතා සංවර්ධනය, ආරම්භක ව්‍යාපාර, සහකාර ජාල සබඳතා සහ ව්‍යවසාය පරිවර්තනය උදෙසා Salesforce සමාගම ශ්‍රී ලංකාව තුළ තහවුරු කරන දිගුකාලීන කැපවීමේ තවත් එක් පියවරක් ලෙස මෙවර Innovation Day පැවැත්වේ.
- ඩිජිටල් කුසලතා සංවර්ධනය: Trailhead, Agentblazer ඉගෙනුම් වැඩසටහන්, කාර්ය මණ්ඩල සහකරුවන් සහ Trailblazer Community හරහා Salesforce සමාගම සිසුන්ට, වෘත්තිකයින්ට සහ නව වෘත්තීය ක්ෂේත්‍ර වෙත පිවිසෙන පුද්ගලයින්ට රැකියා වෙළඳපොළට අදාළ ඩිජිටල් කුසලතා වර්ධනය කරගැනීමට සහාය ලබාදෙයි. Salesforce හි සහාය ලබන වැඩසටහන් හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ AI ඉගෙනුම්ලාභීන් රැසක් පුහුණුව ලබා ඇත.
- ආරම්භක ව්‍යාපාර බලගැන්වීම: දේශීය ව්‍යවසායකත්වය තවදුරටත් දිරිගැන්වීම සඳහා Salesforce සමාගම 2026 ජනවාරි මාසයේදී සිය Startup Program වැඩසටහන ශ්‍රී ලංකාවට ව්‍යාප්ත කළේය. මෙමගින් දේශීය ව්‍යවසායකයින්ට AI බලගැන්වූ තාක්ෂණය, ප්‍රජා සහයෝගය සහ ඒකාබද්ධ වෙළඳපොළ අවස්ථා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි. එම ව්‍යාප්තිය, ඉන්දියාව සහ සිංගප්පූරුව පුරා විහිදී ඇති 435කට අධික කලාපීය ආරම්භක ව්‍යාපාර ප්‍රජාවක ශක්තිය මත ගොඩනැගී ඇති අතර, එයට AI කේන්ද්‍ර කරගත් Startups 230කට අධික සංඛ්‍යාවක්ද ඇතුළත් වේ.
- සහකාර පද්ධතිය ශක්තිමත් කිරීම: Salesforce සමඟ එක්ව කටයුතු කරන Altria Consulting (Pvt) Ltd, Deloitte, John Keells IT (ප්රමුඛ අනුග්‍රාහක), Mawkish Technologies සහ Teardrop AI යන උපදේශක සහකරුවන්, පරිවර්තන කළමනාකරණ දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ පළපුරුද්ද හරහා ව්‍යවසායන්ට සිය AI අරමුණු සාර්ථකව ක්‍රියාවට නැංවීමට මගපෙන්වති.
- පාරිභෝගික පරිවර්තනය මෙහෙයවීම: ශ්‍රී ලංකාවේ ප්රමුඛ ආයතන වන Keells Supermarkets, සහ Dilmah Ceylon Tea Company PLC ඇතුළු සමාගම් රැසක් Salesforce තාක්ෂණය භාවිත කරමින් සිය පාරිභෝගික සබඳතා සහ ඩිජිටල් මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. විකුණුම්, සේවා, අලෙවිකරණ සහ වාණිජ අංශ පුරා මෙම පරිවර්තනය සිදු වෙමින් පවතී.
මෙම සියලු වැඩසටහන් එක්ව, Salesforce සමාගම ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිවර්තනයට සහාය දක්වන සමාගමක් පමණක් නොව, රටේ දිගුකාලීන ඩිජිටල් සහ ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සහය වන විශ්වාසනීය සහකරුවෙකු ලෙසද තහවුරු කරයි.

