August 1, 2026
Blue Lanka Tours ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී ප්‍රජා සවි බල ගැන්වීම වෙනුවෙන් ජාතික ඇගැයීමක් දිනයි
පුවත්

Blue Lanka Tours ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී ප්‍රජා සවි බල ගැන්වීම වෙනුවෙන් ජාතික ඇගැයීමක් දිනයි

Aug 1, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජාතික සම්මාන උළෙල Ceylon Institute of Builders (CIOB) විසින් 14th World Construction Symposium සමඟ එක් වී සංවිධානය කරන ලද අතර ශ්‍රී ලංකාවේ සමාජ, පරිසර හා ආර්ථික තිරසාර සංවර්ධනයට සුවිශේෂ දායකත්වයක් දුන් ආයතන හා පුද්ගලයන් ඇගැයීම එහි අරමුණ විය. Blue Lanka Tours සමාගම වසර ගණනාවක් පුරා සංචාරක කර්මාන්තය තුළ සාර්ථකත්වය ලබමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කැප වී සිටී. එහි ප්‍රධාන සමාජ සත්කාරක වැඩසටහනක් වන Blooming Smiles හරහා ගාල්ල, මොනරාගල, අනුරාධපුර, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවල ග්‍රාමීය පාසල්වල දරුවන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ සපමින් වඩා හොඳ ඉගැනුම් පරිසරයක් නිර්මාණය කිරීමට දායක වී තිබේ.

සමාගම Little Hearts Project වැඩසටහනටද සක්‍රීයව දායක වන අතර සෑම සංචාරක වෙන් කිරීමකින්ම ඇමෙරිකානු ඩොලර් 10 බැගින් පරිත්‍යාග කරමින් උපතින් හෘද රෝග ඇති දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට සහාය දෙයි. 2026 ජූනි වන විට මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 1.29කට අධික මුදලක් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ගංවතුර ආපදා සහන කටයුතු සඳහා ගලවා ගැනීමේ බෝට්ටු පරිත්‍යාග කිරීම, ග්‍රාමීය විහාරස්ථාන හා ඒ අවට ප්‍රජාවට සහාය දෙන ‘අපි යමු පන්සල්’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ දිවයින පුරා විවිධ සමාජ සුබසාධන වැඩසටහන් සඳහා දායකත්වය දැක්වීම තුළින්ද Blue Lanka Tours සමාජ වගකීම් ඉටු කරමින් සිටී. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ Blue Lanka Tours කළමනාකරණ අධ්‍යක්ෂ දිනේෂ් එන්. පෙරේරා මහතා පැවසුවේ සමාජයට යහපතක් කිරීම සමාගමේ මූලික වටිනාකමක් බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ දුෂ්කර අවස්ථාවලදී ජනතාවට සහාය වීම ව්‍යාපාර ආයතනවල වගකීමක් බව තමන් විශ්වාස කරන බවත්ය. මෙම සම්මානය සමාගමේ කාර්ය මණ්ඩලය, ව්‍යාපාර හවුල්කරුවන් සහ තම සේවා තෝරා ගත් සංචාරකයන් සියලු දෙනාටම හිමි ගෞරවයක් බවද ඔහු සඳහන් කළේය. වගකීම් සහිත සංචාරක සේවා හා උසස් තත්ත්වයේ සංචාරක අත්දැකීම් සැපැයීම වෙනුවෙන් ජාත්‍යන්තර ඇගැයීම් රැසක් දිනා ඇති Blue Lanka Tours සංචාරක කර්මාන්තය හරහා රටේ ප්‍රජාවට සැබෑ ප්‍රතිලාභ හිමි කර දීමේ සිය දැක්ම තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාමට මෙම සම්මානය නව ශක්තියක් වනු ඇතැයි විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close