August 1, 2026
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
පුවත්

Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි

Aug 1, 2026

ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 හා Sri Lanka Property Excellence Award 2026 යන සම්මාන තුනෙන් පිදුම් ලැබූ අතර ඉඩම් සංවර්ධනය, නව්‍ය දේපොළ ආයෝජන විසඳුම්, පාරිභෝගික විශ්වාසය හා වෘත්තීයමය සේවා ප්‍රමිති වෙනුවෙන් සිදු කළ කැපවීම මෙම සම්මාන හරහා ඇගැයීමට ලක් විය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුගත් විතානගේ මහතාගේ නායකත්වය යටතේ Pitch Capital Properties සමාගම දේශීය හා විදේශීය ආයෝජකයන්ට නීත්‍යනුකූලව සුරක්ෂිත, උපායමාර්ගික වශයෙන් වටිනාකම් සහිත සහ දිගු කාලීන ආයෝජන ප්‍රතිලාභ දෙන ඉඩම් ව්‍යාපෘති හඳුන්වා දීම තුළින් විශ්වාසනීය සන්නාමයක් බවට පත් වී තිබේ.

සමාගමේ වර්ධනයේ ප්‍රධාන අංශයක් ලෙස සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති කැපී පෙනේ. මේ වන විට දෙවුන්දර, හිරිකැටිය හා මිදිගම යන ජනප්‍රිය වෙරළබඩ සංචාරක ගමනාන්තවල සංචාරක ඉඩම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන Pitch Capital Properties සිය නවතම සංචාරක ඉඩම් ව්‍යාපෘතිය අරුගම්බේ ප්‍රදේශයේ හඳුන්වා දී තිබේ.

මෙම ප්‍රදේශ බුටික් හෝටල්, නිවාඩු නිකේතන, විලා, ආපන ශාලා, සර්ෆින් ආශ්‍රිත ව්‍යාපාර හා වෙනත් ආගන්තුක සත්කාරක ව්‍යාපාර සඳහා ඉහළ ආයෝජන හැකියාවක් සහිත සංචාරක කේන්ද්‍ර ලෙස ප්‍රසිද්ධියට පත්.වී ඇත. සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ මෙම ප්‍රදේශවල ඉඩම්වල වටිනාකම දිගු කාලීනව ඉහළ යනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි. මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් කළමනාකරණ අධ්‍යක්ෂ සුගත් විතානගේ මහතා සඳහන් කළේ මෙම සම්මාන ත්‍රිත්වය සමාගම කෙරෙහි පාරිභෝගිකයන්, ආයෝජකයන්, ව්‍යාපාර හවුල්කරුවන් හා අනෙකුත් පාර්ශ්ව තබා ඇති විශ්වාසය පිළිබඳ පිළිගැනීමක් බවයි. එමෙන්ම සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයභාවය හා උසස් ප්‍රමිති පවත්වා ගෙන යාම මෙම සාර්ථකත්වයට ප්‍රධාන ශක්තියක් වූ බවද ඔහු සඳහන් කළේය. Global Laurel Excellence Awards යනු ගුණාත්මකභාවය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව හා කර්මාන්ත නායකත්වය තුළ විශිෂ්ටත්වය දක්වන ආයතන හා ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරන ජාත්‍යන්තර සම්මාන වේදිකාවකි. 2026 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගැනීම Pitch Capital Properties සමාගමේ වර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැළැකේ. ඉදිරියේදී සංචාරක හා නේවාසික ඉඩම් සංවර්ධන ව්‍යාපෘති තව දුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන ගමනාන්ත හඳුනා ගෙන ආරක්ෂිත, වටිනාකම් සහිත හා දිගු කාලීන ප්‍රතිලාභ දෙන දේපොළ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම සමාගමේ ඉලක්කය බව Pitch Capital Properties සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close