July 8, 2026
සියපත ෆිනෑන්ස් සිය නවතම ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කරයි
පුවත්

සියපත ෆිනෑන්ස් සිය නවතම ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කරයි

Jul 8, 2026

සියපත ෆිනෑන්ස් පීඑල්සී, දිවයින පුරා ව්‍යාප්ත සිය ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, 64 වන ශාඛාව බණ්ඩාරවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අභිනවයෙන් විවෘත කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ මනස්කාන්ත කඳුකර නගරයක් වන බණ්ඩාරවෙලහි ස්ථාපිත කර ඇති මෙම නව ශාඛාව ඔස්සේ පාරිභෝගිකයින් හට සිය අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් විශේෂිත මූල්‍ය විසඳුම් සඳහා වඩාත් පහසු හා පුළුල් ප්‍රවේශයක් මෙමඟින් ලබා දී ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි මතීෂ හේවාවිතාරණ මහතා අතින් මෙම විවාත කිරීමේ අවස්තාව උත්සවාකාරයෙන් සිදු වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රජිව් ද සිල්වා මහතාද එක්විය. තවද මෙම අවස්ථාව සඳහා බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ සිසුවියක වන, ජාතික කනිෂ්ඨ ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ බලිකා මීටර් 3,000 ඉසව්ව ජයග්‍රහණය කල ඩී. එම්. දෙව්මි තාරින්දි මෙනෙවියද එක්විය. මෙයට අමතරව සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම රථවාහන ස්ථානාධිපති කන්දසාමි මහතා, ග්‍රාම නිලධාරි එච්. එම්. සී. හේරත් මහතා, වෙළඳ සංගමයේ ලේකම් සුනන්ද රත්නායක මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ රක්ෂණ සමාගම් නියෝජිතයින් ඇතුළු සුබපතන්නන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සමඟ එක්විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි මතීෂ හේවාවිතාරණ මහතා මෙසේ අදහස් දැක්වීය. “බණ්ඩාරවෙල ජනතාව වෙත අපගේ සේවාවන් ලබාදීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. මෙම ශාඛාව විවෘත කිරීම 2026 වසරේ අපගේ ව්‍යාප්ති උපායමාර්ගික සැලසුමේ වැදගත් පියවරක් වන අතර, මෙමඟින් ශ්‍රී ලංකාව තුළ අපගේ සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමට අප සතු කැපවීම මැනවින් තහවුරු වේ. ඉදිරි වසරවලදී ද විවිධ ප්‍රජාවන් වෙත අපගේ සේවාවන් සාර්ථක අයුරින් රැගෙන යාම අපගේ අපේක්ෂාවයි.”

සියපත ෆිනෑන්ස් බණ්ඩාරවෙල ශාඛාව ඔස්සේ ගනුදෙනුකරුවන් හට ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, Fast Draft සේවාව, ෆැක්ටරින් පහසුකම් සහ සමාගම් බිල්පත් ගෙවීමේ පහසුකම වන Smart Pay ඇතුළු පුළුල් සේවාවන් රැසක් ලැබේ. විශේෂයෙන් කලාපයේ වත්මන් සමාජ ආර්ථික පසුබිම සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුතු, මැනවින් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලය, පුද්ගලයන් හට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට නම්‍යශීලි සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබාදීම වෙනුවෙන් කැපවී සිටී.

සම්පත් බැංකු සමූහයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන විශාලතම අනුබද්ධ සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, වර්තමානය වන  විට දිවයින පුරා ශාඛා 64ක ජාලයක් ඔස්සේ සාර්ථකව මෙහෙයුම් කාර්යයන් දියත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකු නොවන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇත. තවද, Fitch Ratings ආයතනය විසින් සමාගමට National Long-Term Rating of ‘A(lka)’ ශ්‍රේණිගත කිරීම Stable Outlook සමඟ ප්‍රදානය කර ඇති අතර, එය සමාගමේ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය සහ ඉදිරි වර්ධන ගමන්මඟ පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු කරයි. පසුගිය වසර 21ක පුරා, සියපත ෆිනෑන්ස් පීඑල්සී, දිවයින පුරා සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය මෙන්ම දිරියෙන් නැඟී සිටීමට වෙර දරන සැමගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීලීමට ද සුවිශේෂ දායකත්වයක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close