June 20, 2026
New Lloyds Products සමාගම BWIO සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

New Lloyds Products සමාගම BWIO සම්මානයෙන් පිදුම් ලබයි

Jun 20, 2026

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ නව්‍යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ තම ක්ෂේත්‍රවලට සුවිශේෂ දායකත්වයක් දෙන ආයතන ඇගැයීමට සංවිධානය කර තිබිණි. දශක හතරකට අධික ඉතිහාසයකට හිමිකම් කියන New Lloyds Products සමාගම ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීම හේතුවෙන් ජනප්‍රියත්වයට පත් වී ඇති සන්නාමයකි. නූඩ්ල්ස්, සේමියා, පපඩම්, අමාමි පපඩම්, මසාලා පපඩම්, ස්ටීම් පිටි, සෝයා සෝස්, විනාකිරි, තක්කාලි සෝස්, විවිධ ස්නැක්ස් වර්ග මෙන්ම පහසුවෙන් පිළියෙළ කළ හැකි ක්ෂණික ආහාර රැසක් නිෂ්පාදනය කරමින් සමාගම මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගෙන සිටී.

පාරිභෝගික පහසුව සහ නවෝත්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන සමාගම නව පරපුරේ ජීවන රටාවට ගැළැපෙන ආහාර නිෂ්පාදන හඳුන්වා දීම තුළින් වෙළෙඳපොළ තුළ සුවිශේෂ අනන්‍යතාවක් ගොඩ නඟා ගෙන ඇත. සමාගමේ තවත් සුවිශේෂ සේවාවක් වන්නේ එහි ජනප්‍රිය Instant Food Truck සේවාවයි. මෙම ආහාර රථ සේවාව ප්‍රදර්ශන, වෙළෙඳ ප්‍රදර්ශන, ආයතනික උත්සව, සංගීත ප්‍රසංග, පාසල් වැඩසටහන් සහ විවිධ ප්‍රජා ක්‍රියාකාරකම්වලට සහභාගී වෙමින් පාරිභෝගිකයන්ට New Lloyds අහාර නිෂ්පාදනවල රස බැලීමට අවස්ථාව උදා කරයි. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සමාගම සඳහන් කළේ මෙම සම්මානය තම සේවකයන්ගේ, බෙදා හැරීමේ නියෝජිතයන්ගේ, වෙළඳ නියෝජිතයන්ගේ සහ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ගේ කැප වීමේ ප්‍රතිඵලයක් බවයි. ඉදිරියේදී තවත් නව නිෂ්පාදන හඳුන්වා දීම, වෙළෙඳපොළ ව්‍යාප්තිය ශක්තිමත් කිරීම සහ පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අහාර නිෂ්පාදන සැපැයීමට සමාගම අවධානය යොමු කර ඇත. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් New Lloyds Products සමාගම සිදු කරන දායකත්වය නැවත වරක් තහවුරු කරන සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැළැකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close