ලංකා බැංකුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ආවරණය කළ වගයි
ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව, වැලිපිටිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ සිය නවතම BOC Connect නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ආවරණය කරමින් සිය බැංකු සේවාවන්ගේ ව්‍යප්තිය සනිටුහන් කිරීමට සමත් විය. මෙම BOC Connect නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පෙර, වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ බැංකු පහසුකම් නොතිබූ අතර, මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට මූලික බැංකු කටයුතු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර දී ඇත.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙසේ පැවසීය.
” දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ආවරණය කිරීම හුදෙක් ලංකා බැංකුවේ ජයග්‍රහණයක් පමණක් ම නොව එය ජාතියේ මහා පහන් ටැඹ ලෙස අප දරන මෙහෙවර සහ වගකීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සන්ධිස්ථානය, විශ්වාසය, ස්ථාවරත්වය, මූල්‍යමය අන්තර්ගතකරණය සහ ජාතික වගකීම යන ලංකා බැංකුවේ මූලික සංකල්ප ආරක්ෂා කිරීම වෙනුවෙන් අපගේ කැප වීමට හොඳ ම උදාහරණයක්.”
“සියලු ම පුරවැසියන් සඳහා මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේ අයිතිය ලබා දිය යුතු බව ලංකා බැංකුවේ අපි සැමවිට ම විශ්වාස කරයි. අපගේ මෙහෙවර වන්නේ භූගෝලීය හෝ සමාජ-ආර්ථික පසුබිම නොසලකා ජනතාව බැංකුව සමඟ සම්බන්ධ කර ගැනීම, අවස්ථා නිර්මාණය කිරීම සහ විධිමත් මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීමයි. මෙම නව BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථානය විවෘත කිරීම තුළින් එම වගකීම අපි සාර්ථක ව ඉටු කර ඇති බව පැවසීමට පුළුවන්.”
BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථාන හරහා, ගනුදෙනුකරුවන්ට ඔවුන් ජීවත් වන ප්‍රදේශය තුළ දී ම මුදල් තැන්පතු හා ආපසු ගැනීම්, බිල්පත් ගෙවීම්, ගිණුම් ආශ්‍රිත සේවා සහ ඩිජිටල් බැංකු සේවා අත් විදීමේ හැකියාව ලබා දෙන බව ද පැවසිය යුතු ම කරුණකි.

ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි.
” දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම ආවරණය කිරීම, සෑම ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට ම බැංකු සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීම පිළිබිඹු කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. තවද BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථාන ජාලය අඛණ්ඩ ව ව්‍යාප්ත කිරීම තුළින්, අපි රට පුරා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම වගේ ම මූල්‍ය අන්තර්ගතකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් පැවසිය යුතු ම යි.”
“මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් පෙන්නුම් කරන්නේ දිවයින පුරා ජනතාවගේ විවිධ වූ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නවෝත්පාදනය, මූල්‍ය ප්‍රවේශය සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය සේවාව ඒකාබද්ධ කිරීමට ලංකා බැංකුව සතු හැකියාවයි. පුද්ගලයන් සහ ව්‍යාපාර බලගැන්වීම, ජාතික සංවර්ධනයට සහාය වීම සහ සියලු ම ශ්‍රී ලාංකිකයින් වෙත ඩිජිටල්කරණයෙන් සබැඳි ශක්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අපි නිරන්තරයෙන් කැප වෙනවා.”
ඉන්දියාව, මාලදිවයින, සීෂෙල්ස් සහ එක්සත් රාජධානිය යන රටවල ජාත්‍යන්තර නියෝජනය පවත්වාගෙන යන ලංකා බැංකුව, වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා ශාඛා, BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථාන, Digi මධ්‍යස්ථාන සහ ATM, CRM හා CDM යන්ත්‍ර ජාලය ඇතුළු පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 2,500 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. විශිෂ්ටත්වය වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීම, ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය මෙන් ම ලොව ඉහළ ම බැංකු සන්නාම 500 අතරට ශ්‍රේණිගත වීම තුළින් දෙස් විදෙස් ඇගයීමට ලක් වූ අතර, ඩිජිටල් නවෝත්පාදනය වෙනුවෙන් ලංකා බැංකුවේ නායකත්වය පිළිබිඹු කරමින්, BOC Flex යෙදුම මෑතක දී සිංගප්පූරුවේ පැවති Digital CX සම්මාන උළෙලේ දී සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය.
රටේ ඉහළ ම ලාභයක් වාර්තා කරන සහ ජාතික බදු ආදායමට විශාලතම දායකත්වයක් ලබා දෙන ලංකා බැංකුව, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර, ව්‍යවසායකයින්, ප්‍රජා කණ්ඩායම් සහ පුද්ගලයින් ආදී වශයෙන් දිවයිනේ පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් සහයෝගය ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලංකා බැංකුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දශක ගණනාවක් පුරා රටේ ආර්ථික උච්චාවචන, ජාතික අභියෝග සහ අවිනිශ්චිත කාල පරිච්ඡේද පුරා ලංකා බැංකුව, සිය ශක්තිමත් භාවය සහ ස්ථාවරත්වය මැනෙවින් විදහා දක්වා ඇත. දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331ම ආවරණය කරමින්, තිරසාර ජාතික සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වී සිටී.

