June 8, 2026
AC මහගෙදර ගාල්ල නව ශාඛාව විවෘත කරයි
පුවත්

AC මහගෙදර ගාල්ල නව ශාඛාව විවෘත කරයි

Jun 8, 2026

ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වායු සමීකරණ බෙදා හැරීමේ හා සේවා සැපැයීමේ සමාගමක් වන AC මහගෙදර (පෞද්) සමාගම සිය දීප ව්‍යාප්ත සේවා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් ගාල්ලේ නව ශාඛාවක් විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීම සමාගමේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර දකුණු පළාතේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ වායු සමීකරණ විසඳුම් වඩාත් පහසුවෙන් සැපැයීමට අවස්ථාව උදා කරයි. 2023දී ඇරැඹුණු AC මහගෙදර ඉතා කෙටි කාලයකින් පාරිභෝගිකයන් 10,000කට අධික පිරිසකගේ විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වායු සමීකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. ප්‍රමුඛ පෙළේ සියලුම වායු සමීකරණ සන්නාම බෙදා හැරීම, ස්ථාපන සේවා, නඩත්තු සේවා සහ අලෙවියෙන් පසු සේවා සැපැයීම සමාගමේ විශේෂත්වයකි.

කොළඹ හා මහනුවර දැනට ක්‍රියාත්මක වන ශාඛා ජාලයට එක් වන ගාල්ල ශාඛාව මඟින් දකුණු පළාතේ පාරිභෝගිකයන්ට වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපැයීමට හැකි වන අතර ස්ථාපන හා තාක්ෂණික සහාය සඳහා ගත වන කාලයද  අඩු වනු ඇත. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා මෙසේ පැවැසීය. “අප ආරම්භයේ සිටම ගුණාත්මක නිෂ්පාදන, විශ්වාසදායක සේවා සහ පාරිභෝගික පහසුව ප්‍රමුඛ කර ගෙන කටයුතු කළා. ගාල්ල ශාඛාව විවෘත කිරීම මඟින් අපගේ සේවා ජනතාවට තව දුරටත් සමීප කරන අතරම කළාපීය ආර්ථික සංවර්ධනයටද දායකත්වයක් දීමට හැකි වනවා.” වර්තමානයේදී AC මහගෙදර සේවකයන් 150කට අධික පිරිසකට රැකියා අවස්ථා සළසා දී ඇති අතර ස්ථාපන සේවා, පුළුල් නිෂ්පාදන පරාසය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා ප්‍රවේශය හේතුවෙන් කර්මාන්තය තුළ සුවිශේෂ ස්ථානයක් හිමි කර ගෙන සිටී. වායු සමීකරණ උපාංගවලට අමතරව අමතර කොටස් හා අදාළ උපාංගද එකම වහලක් යටින් සැපැයීම සමාගමේ තවත් විශේෂත්වයකි. සමාගම මෑතකදී පැවති Diamond Excellence Awards සම්මාන උළෙලේදී වායු සමීකරණ බෙදා හැරීමේ සහ සේවා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එය සමාගමේ වෘත්තීයමය විශිෂ්ටත්වය හා ක්ෂේත්‍රයේ දිනා ගත් කීර්තිය තව දුරටත් තහවුරු කරයි. අනාගතයේදීද ශාඛා ජාලය සහ සේවා හැකියා තව දුරටත් පුළුල් කරමින් ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ නවෝත්පාදනය මත පදනම් වූ සේවා හරහා ශ්‍රී ලංකාවේ වායු සමීකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව දුරටත් ශක්තිමත් කිරීම AC මහගෙදර සමාගමේ අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close