සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව හොරණට
ප‍්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් සිය 62 වැනි ශාඛාව හොරණ නගරයේදී පසුගියදා විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය හා ප‍්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ශාඛාව උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, මෙම අවස්ථාවට ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා, ආසියානු බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ හොරණ ගෝවින්න මහා විද්‍යාලයේ දිනුලි ගිහන්සි පෙරේරා සිසුවිය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, හොරණ පොලිස් මූලස්ථානාධිපති රංග පෙරේරා මහතා, ග‍්‍රාම නිලධාරී චමින්ද කුමාර මහතා මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හා රක්ෂණ සමාගම්වල නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
හොරණ නගරාශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. පසුගිය දශක කිහිපය තුල හොරණ ආශ‍්‍රිතව සිදුවූ ආර්ථික හා සංවර්ධන කටයුතු සමග ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇතිව තිබේ.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ මහතා අදහස් දක්වමින් ”එකිනෙකට වෙනස් වෘත්තීන් / රැකියා සිදුකරන උද්‍යෝගිමත් ජනතාවක් සිටින හොරණ නගරයට අපගේ නවතම ශාඛාව රැගෙන එන්නට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා. හොරණ නගරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට ඇපකැපවූ සියපත ෆිනෑන්ස් පළපුරුදු සුහද කාර්ය මණ්ඩලය මෙතැන් සිට ඔබේ ජීවන තත්වය ඉහල නැංවීමට අත්වැලක් වේවි.” යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම හොරණ ශාඛාව වෙතින් හොරණ ආශ‍්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා දියුණු වීමේ අභිලාශය ඇති තරුණ තරුණියන් ප‍්‍රමුඛ ජනතාවට අවශ්‍ය ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ෆැක්ටරින්, Fast Draft සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමග Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.
මෙම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් ආයතනය විසින් හොරණ ප‍්‍රදේශයේ තෝරාගත් පාසලක විශේෂ රුක් රෝපණ වැඩසටහනක් සහ ”සියපත ශිල්පාලෝක” මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් පැවැත්වීමට නියමිතය. මෙය පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය තුළින් තිරසාර මූල්‍යකරණය කෙරෙහි අවධානය යොමු කරන සමාගමේ ”සියපතෙන් මිහිකතට” ආයතනික සමාජ වගකීම් (CSR) මෙහෙයුම යටතේ ක‍්‍රියාත්මක වේ.
මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ‍්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප‍්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුවA (LK) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.

