May 11, 2026
Campaign Asia-Pacific “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත්වූ එකම ශ්‍රීලාංකිකයා ලෙස, තයලන් බාට්ල‍ට් නම් වෙයි
පුවත්

Campaign Asia-Pacific “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත්වූ එකම ශ්‍රීලාංකිකයා ලෙස, තයලන් බාට්ල‍ට් නම් වෙයි

May 11, 2026

අලෙවිකරණ, මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අනාගතය සක්‍රීයව හැඩගස්වන පළපුරුදු නායකයින්ගෙන් සමන්විත Campaign Asia-Pacific හි “50 Over Fifty 2026” ලැයිස්තුවට තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ලෙස MullenLowe Group Sri Lanka හි විධායක සභාපති තයලන් බාට්ල‍ට් මහතා නම් කර ඇත.

මෙම ලැයිස්තුව මඟින්, වෘත්තීය අත්දැකීම්, ව්‍යවසායකත්ව දැනුම, මග පෙන්වීම සහ පාලන හැකියාවන් සමඟ ක්ෂේත්‍රයට දිගුකාලීන දායකත්වයක් ලබා දී ඇති නායකයින් ඇගයීමට ලක් කරයි.

2026 ලැයිස්තුව සඳහා Asia-Pacific කලාපයේ අලෙවිකරණ ක්ෂේත්‍ර 11ක් ආවරණය කරමින් පුද්ගලයින් 37 දෙනෙකු ඇතුළත් කර ගෙන ඇති අතර, තයලන් මහතාගේ ඇතුළත් කිරීමත් සමග, ඔහු කලාපයේ වඩාත් ගෞරවනීයම වෘත්තීය නායකයින් කිහිප දෙනා අතරට එක් විය. ඒ සඳහා APAC, Landor හි සභාපති Lulu Raghavan, Data x Intelligence APAC, Edelman හි විධායක උප සභාපති Gabor Koska, Omnicom Media Australia හි කළමනාකාර අධ්‍යක්ෂ – ව්‍යාපාර පරිවර්තන Geoff Clarke, Microsoft Advertising හි කලාපීය උප සභාපති Nick Seckold සහ PHD Media හි කළමනාකාර අධ්‍යක්ෂ Amanda Palenski වැනි ප්‍රවීණයින් ද ඇතුළත්ව සිටිති.

දශක තුනකට අධික කාලයක් පුරාවට තයලන් මහතා, නිර්මාණාත්මක, මාධ්‍ය උපායමාර්ගික, ඩිජිටල් සහ ඒකාබද්ධ ව්‍යාපාර පරිවර්තනයන්ට නායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාර්යයන් රැසක් ඉටු කර තිබේ. MullenLowe Group Sri Lanka හි විධායක සභාපතිවරයා ලෙස, ඔහු නිර්මාණශීලීත්වය, මුල්‍ය විනය, දත්ත, තාක්ෂණය සහ මානව හැකියාවන් වටා ගොඩනැගි ඇති ව්‍යුහය තුළ බහුවිධ සන්නිවේදන කණ්ඩායමක් නිර්මාණය කිරීමට දක්වන ලද දායකත්වය අතිශය වැදගත් වේ.

කොවිඩ් වසංගතය, ස්වෛරී ණය අර්බුදය සහ දැවැන්ත ආර්ථික අස්ථාවරත්වයන් පැවති පසුගිය කාල වකවානුව තුළ පවා ඔහුගේ නායකත්ව හැකියාවන් විශේෂයෙන් කැපී පෙනුණි. Campaign Asia-Pacific විසින් පළ කරන ලද විශේෂාංගයේ සඳහන් වන පරිදි එවන් අසීරුතම අවස්ථාවන් මධ්‍යයේ වුව ද, MullenLowe Sri Lanka සමූහයේ අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගනිමින්, ආයතනික ව්‍යුහය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඔහු දැක්වූ දායකත්වය සුවිශාලය.

එමෙන්ම ඔහු අනාගත පරම්පරාවේ නායකත්ව කුසලතාවයන් ඔප් නැංවීම සඳහා උපදේශන හා මගපෙන්වීම් ලබා දීමටත්, ඉලක්කගත අභිලාෂයන් සහ ව්‍යවසායී චින්තනය මත පදනම් වූ සංස්කෘතියක් ගොඩනැංවීමටත් අඛණ්ඩව කැප වී සිටියි.

ඔහුට මෙම පිළිගැනීම හිමිවන්නේ, කෘත්‍රිම බුද්ධිය, පාරිභෝගික චර්යාවන් වෙනස්වීම් සහ සන්නිවේදන වේදිකා අකර්මන්‍ය වීම් හේතුවෙන් සමස්ත සන්නිවේදන ක්ෂේත්‍රයම ඉතා වේගයෙන් පරිවර්තනය වන අවදියකදී ය. එවන් පසුබිමක අනාගත අනුවර්තනයන්ට හැඩ ගැසෙමින්, දූරදර්ශී අයුරින් ආයතනික ව්‍යුහයන් ගොඩනැගීමට සමත් වූ ඔහුගේ පළපුරුදු නායකත්වය මෙමගින් වඩාත් ඉස්මතු කෙරේ.

තරුණ පරපුරට පමණක් අවධානය යොමු කරමින් පැවති දිගුකාලීන ප්‍රවණතාවයට අභියෝගයක් ලෙස ආරම්භ කරන ලද Campaign Asia-Pacific හි “50 Over Fifty” මුලපිරීම හරහා වයස අවුරුදු පනහ ඉක්මවා සිටින නමුත්, අලෙවිකරණ, සන්නිවේදන සහ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල අනාගතය හැඩගස්වන කර්මාන්ත නායකයින් අගයනු ලබයි. සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින කර්මාන්ත ක්ෂේත්‍රයක් තුළ ආයතනික නායකත්වයට සැබෑ වටිනාකමක් එක් කළ පුද්ගලයින්ගේ දිගුකාලීන පැවැත්ම සහ අඛණ්ඩ නවෝත්පාදනයන් මෙලෙස හඳුනා ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close