BYD ශ්‍රී ලංකාව තුළ වාහන 10,000ක් බෙදා හැරීමේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරයි
BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව, වාහන 10,000ක් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ සුවිශේෂී සන්ධිස්ථානය තුඩැල්ලේ පිහිටි BYD හි විශාලතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය. දිනකට වාහන 100ක් දක්වා බෙදාහැරීමේ හැකියාව පවතින මෙම මධ්‍යස්ථානය හරහා, ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ සීඝ්‍ර වර්ධනය මෙන්ම BYD වාහන වෙත පාරිභෝගිකයින්ට වඩාත් සමීප කරවීමට සමාගමේ ඇති කැපවීම මනාව පෙන්නුම් කරයි. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ BYD පාරිභෝගිකයින් මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට එක් විය.

