April 11, 2026
සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා CMA ගෞරව සම්මාන ලබයි
පුවත්

සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා CMA ගෞරව සම්මාන ලබයි

Apr 11, 2026

මූල්‍ය විනය, යහපාලනය සහ තිරසර වටිනාකම් නිර්මාණය කිරීම උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය සඳහා සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් පිරිනමන ගෞරවනීය වූ ‘කළමනාකරණ ගිණුම්කරණ වෘත්තියේ අග්‍රගණ්‍ය උපහාරය’ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

නූතන ආයතනික කළමනාකරණය තුළ ඒකාබද්ධ වාර්තාකරණයේ රාමු සහ පාරිසරික, සමාජයීය හා යහපාලන (ESG) මූලධර්මවල වර්ධනය වෙමින් පවතින වැදගත්කම විදහා දක්වමින් පැවැත්වූ ඒකාබද්ධ වාර්තාකරණය හා තිරසර ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිබඳ පැවැත්වූ වැඩමුළුවක සමාරම්භක අවස්ථාවේදී මෙම ගෞරවනීය සම්මානය රෙන්ගනාදන් මහතා හට පිළිගන්වන ලදී.

වෘත්තියෙන් වරලත් ගණකාධිවරයෙකු වන රෙන්ගනාදන් මහතා, සෙලින්කෝ ලයිෆ් සමාගමේ ආරම්භයේ දී සමාගම හා සම්බන්ධ වී ඇති අතර එදින සිට මේ වන තෙක් ම සමාගමේ මූල්‍ය හා පාලන රාමුව හැඩගැස්වීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරමින් සිටී. 1988 දී ජීවිත රක්ෂණ මෙහෙයුම් ආරම්භ කළ දින සිට හා එම අංශය පෞද්ගලීකරණය කිරීමෙන් පසුව ද සමාගම සමඟ රැඳී සිටිමින් ඔහු විනිවිදභාවය, වගවීම සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීමේ මුලධර්ම නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට කැපවූ අතර, නිරන්තරයෙන් විකාශනය වන වාර්තාකරණයේ හා තිරසරභාවයේ ගෝලීය විශිෂ්ට භාවිතයන් සමඟ සමාගම පෙළගැස්වීමට කටයුතු කර ඇත.

ඔහුගේ නායක්තවය යටතේ, සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා ලෙස තම ස්ථානය අඛණ්ඩව වසර 22ක් පුරාවට ශක්තිමත් ව රඳවා ගැනීමට සමත් විය. ඔහුගේ මූල්‍ය ඥානය හා උපායමාර්ගික දූරදර්ශීබව නිසා ම සමාගමේ ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 200 කටත් වඩා වර්ධනය කිරීමට හැකි වූ අතර, නව්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම මගින් රට පුරා මිලියනයකට අධික ආදායම් උපයන්නන් සඳහා ජීවිත රක්ෂණ ආරක්ෂාව පුළුල් කිරීමට සමාගමට හැකි විය.

මූල්‍ය කළමනාකරණය සහ තිරසරභාවය සම්බන්ධයෙන් මනා චින්තනයක් සහිත නායකයෙක් ලෙස රක්ෂණ කර්මාන්තය තුළ ප්‍රමිතීන් ඉහළ නැංවීමට, විශේෂයෙන් ම, ශක්තිමත් යහපාලන පිළිවෙත් හා සදාචාරාත්මක හැසිරීම් ඇතුළත් කරවමින් ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසර වර්ධනය ඔප්නැංවීමට, රෙන්ගනාදන් මහතා දැක්වූ පුළුල් දායකත්වය මෙම ගෞරවනීය උපහාරය මගින් මනාව පිළිබිඹු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close