2025 වසරේ දී Chevron Lanka සියවසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි
කොළඹ කොටස් වෙළඳපොලේ (“CSE”) ලැයිස්තුගත ප්‍රමුඛ සමාගමක් වන Chevron Lubricants Lanka PLC (LLUB), 2025 වසරේදී තම ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරමින් සුවිශේෂී මූල්‍ය සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
CSE වෙත නිකුත් කරන ලද සිව්වන කාර්තුවට අදාළ අතුරු මූල්‍ය ප්‍රකාශන වලට අනුව Chevron Lanka සමාගම රුපියල් බිලියන 24.39 ක වාර්තාගත පිරිවැටුමක් (Topline) හිමිකරගෙන ඇති අතර සමාගමේ ශුද්ධ ඉපැයීම් පළමු වරට රුපියල් බිලියන 4 සීමාව ඉක්මවා යමින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද සමත්ව තිබේ. මෙය එම සමාගම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ වසර 32ක කාලය තුළ වාර්තා කළ ඉහළම ඉපැයීම ලෙස සැලකේ.
2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සමාගම වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, විකුණුම් පරිමාවේ වාර්තා වූ ඉහළ ප්‍රතිශතාත්මක වර්ධනය ඒ සඳහා මූලික විය. මෙම විශිෂ්ට මූල්‍ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් වසර නවයකට පසු වාර්තා වූ ඉහළම කොටසකට ලාභාංශය (Dividend per share) වන රුපියල් 16ක් සහ වසර පහකට පසු වාර්තා වූ ඉහළම ලාභාංශ ගෙවීමේ ප්‍රතිශතය percentage) වන 95%ක් සිය කොටස්හිමියන් වෙත ලබා දීමට සමාගමට හැකියාව ලැබී ඇත.
Chevron Lanka සමාගම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය තහවුරු කරමින්, Business Today වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම ලැයිස්තුගත සමාගම් 40 අතරට අඛණ්ඩව ඇතුළත් වී තිබේ. එසේම, වත්කම් මත ප්‍රතිලාභ (ROA), කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ (ROE) සහ වත්කම් භාවිතය වැනි ප්‍රධාන මූල්‍ය දර්ශකයන් මත පදනම්ව LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සමාගම් 10 අතරටද මෙම සමාගම පත්ව ඇත. මීට අමතරව, ඔවුන්ගේ ‘කැල්ටෙක්ස්’ (Caltex®) සන්නාමය මෙරට තෙල් හා ගෑස් ක්ෂෙත්‍රයේ වඩාත්ම ජනප්‍රිය සන්නාමය ලෙස ඇගයීමට ලක්ව ඇති අතර, 2025 වසරේ ලංකා සේවායෝජක සම්මේලනය මගින් මෙරට හොඳම සේවායෝජකයින් 15 දෙනා අතරටද චෙව්රොන් ලංකා සමාගම තේරීපත්වීම සුවිශේෂීජයග්‍රහනයකි.
1992 වසරේ සිට (වසර 32කට අධික කාලයක්) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන Chevron Lanka සමාගම, මෙරට ලිහිසි තෙල් ක්ෂේත්‍රයේ නොසැලෙන වෙළඳපොළ ප්‍රමුඛයා වේ. දැනට මෙම ක්ෂේත්‍රය තුළ තරඟකරුවන් 35 දෙනෙකු සිටියද, සිය ප්‍රමුඛත්වය රැක ගැනීමට සමාගම සමත්ව ඇත. දිවයින පුරා විහිදුණු ඉතා පුළුල් බෙදාහැරීමේ ජාලයක් සතු මොවුන්, Caltex, Havoline සහ Delo යන සුප්‍රකට සන්නාම යටතේ ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කරයි. තවද ශ්‍රී ලංකාවේදී සිය ලිහිසි තෙල් මිශ්‍රණාගාරය මඟින් දේශීය අවශ්‍යතා සපුරාලනවාට අමතරව, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවලටද නිෂ්පාදන අපනයනය කරනු ලබයි.

