April 2, 2026
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි
පුවත්

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

Apr 2, 2026

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ.

ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක් බව IASL මෙම නව වෙබ් අඩවිය හරහා මැනවින් පෙන්නුම් කරයි- ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වේගයෙන් ඩිජිටල්කරණයකට ලක්වෙමින් සහ රක්ෂණ සේවා ව්‍යාප්ත කිරීමේ අරමුණු කරා ගමන් කරමින් සිටී. එබැවින් අනෙකුත් සාමාජික රක්ෂණ සමාගම්, රක්ෂණ ඔප්පුහිමියන්, නියාමන ආයතන සහ ආයතනික හවුල්කරුවන් යන සියලු‍ දෙනාටම විශ්වාසනීය සහ පහසුවෙන් පිවිසිය හැකි තොරතුරු මූලාශ්‍රයක් ලෙස IASL වෙබ් අඩවිය ක්‍රියා කළ යුතුව ඇත.

පැහැදිලි බව, පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහ වැදගත් බව යන මූලික කරුණු තුන පදනම් කර ගනිමින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. එහි ඇති සරල බව සහ ජංගම දුරකථනවලට ගැළපෙන (mobile-responsive) සැලසුම නිසා ඕනෑම අයෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඉතා පහසුවෙන් සොයාගත හැකිය. රක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, නියාමන යාවත්කාලීන කිරීම් සහ සාමාජික සේවාවන් වැනි වැදගත් අංශ පිළිබඳ අන්තර්ගතයන් මෙහි දක්වා ඇති අතර, එම කරුණු වෘත්තිකයන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවටද එකසේ තේරුම් ගත හැකි සරල භාෂාවකින් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. තවද තොරතුරු මධ්‍යස්ථානයක්, නිරන්තරයෙන් යාවත්කාලීන වන පුවත් අංශයක් සහ SEO මෙවලම භාවිත කිරීම හරහා මෙම වෙබ් අඩවිය සැමවිටම සක්‍රීය සහ කැපී පෙනෙන තොරතුරු මූලාශ්‍රයක් බවට පත් කර ඇත.

නව මුහුණුවරකින් එළිදක්වන ලද IASL වෙබ් අඩවිය පිළිබඳව අදහස් දක්වමින් සභාපති සහ HNB Assurance විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ලසිත විමලරත්න මහතා පැවසුවේ ‘’මෙම වෙබ් අඩවිය රක්ෂණ සමාගම්, නියාමන ආයතන සහ අප සේවය කරන මහජනතාව එකට සම්බන්ධ කරන මධ්‍යස්ථානයක් ලෙස අප ඉටුකරන කාර්යභාරයේ තවත් එක් වැදගත් පියවරක්. රක්ෂණ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු හෝ ප්‍රථම වරට රක්ෂණයක් මිලදී ගන්නෙකු හෝ නැතහොත් රක්ෂණ ඔප්පුහිමියෙකු හෝ ඕනෑම අයෙකුට වුවද තමන්ට අවශ්‍ය තොරතුරු මෙහිදී පහසුවෙන් සොයා ගැනීමටත්, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය ලබා දෙන සුවිශේෂී දායකත්වය වටහා ගැනීමටත් අපට අවශ්‍යයි.’’ යනුවෙනි.

අප තොරතුරු සන්නිවේදනය කරන ආකාරය සහ අදාළ පාර්ශ්වයන්ට එම තොරතුරු කෙතරම් පහසුවෙන් ලබාගත හැකිද යන කරුණ මහජන විශ්වාසය ගොඩනැගීමට බෙහෙවින් වැදගත් වනවාග අපගේ රක්ෂණ ක්ෂේත්‍රය වඩාත් විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතුව පවත්වා ගැනීමටත්, අප ආරක්ෂා කරන ජනතාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටීමටත් IASL දක්වන කැපවීමේ එක් කොටසක් ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වා දිය හැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම වෙබ් අඩවිය නවීකරණය කිරීම හරහා ශක්තිමත් සන්නාමකරණයක් සහ ස්ථාවර සැලසුමක් සහිතව IASL හට වඩාත් සුවිශේෂී පෙනුමක් ලබා දී ඇත. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සමඟ පවතින සහයෝගීතාවය, රක්ෂණ ඔම්බුඩ්ස්මන් ක්‍රමය (Insurance Ombudsman Scheme) පිහිටුවීමට ලබාදුන් දායකත්වය සහ රට පුරා සිටින රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට ඉටුකරන කාර්යභාරය ඇතුළු සංගමයේ සමස්ත ක්‍රියාවලියම මෙහිදී එක් ස්ථානයකින් පහසුවෙන් ලබාගත හැකිය.

සංගමයේ සියලු‍ම සාමාජික සමාගම්වලට, කර්මාන්ත හවුල්කරුවන්ට, රක්ෂණ ඔප්පුහිමියන්ට සහ මහජනතාවට www.iasl.lk ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිසෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close