April 2, 2026
Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජනගැනීම හා 6G සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙල හඳුන්වාදෙයි
පුවත්

Huawei තාක්ෂණයේ උපරිම ප්‍රයෝජනගැනීම හා 6G සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් නවතම U6GHz නිෂ්පාදන පෙල හඳුන්වාදෙයි

Apr 2, 2026

බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම් පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන් ලබා ගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

අද වන විට දියුණු ලෝකයක ප්‍රමුඛතම සාධකයක් බවට පත්ව ඇති කෘත්‍රිම බුද්ධිය බව සඳහන් කළ හැකිය. IDC දත්තයන්ට අනුව පසුගිය වසරේ AI යෙදුම් සහ උපාංගයන්හි සුවිසල් වර්ධනයක් දක්නට හැකි වූ අතර ගෝලීය වශයෙන් මාසිකව බිලියන 1කට වැඩි සක්‍රීය පරිශීලකයින් ප්‍රමාණයක් ඉක්මවීමට ඊට හැකි වී තිබේ. අද වන විට අලුතින් නිකුත් කරන ලද ස්මාර්ට් ජංගම දුරකථනයන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් AI තාක්ෂණය සහිත වන අතර ඇස් කණ්ණාඩි වැනි නව උපාංගයන්හි වාර්ෂික වර්ධන වේගයද 50% ඉක්මවා ගොස් ඇත. ක්ෂේත්‍රය තුළ වඩාත් ඉහළ යමින් පවතින මෙම තත්වය හමුවේ ජංගම දුරකතන ක්ෂේත්‍රයට උදා වී ඇත්තේ ඉතා විශාල අවස්ථාවකි.

දැනට ලොව පුරා සන්නිවේදන සමාගම් අතර 5G-A (5G-Adianced) තාක්ෂණය ප්‍රමුඛ වාණිජ තාක්ෂණය බවට පත්ව ඇති අතර, එය අනාගත දියුණුවේ සුවිශේෂී අවධානය දිනාගෙන ඇත. U6GHz සංඛ්‍යාත පරාසය, එහි ඇති ඉහළ දත්ත ධාරිතාව සහ පුළුල් ආවරණය නිසා 5G-A තාක්ෂණයේ ව්‍යාප්තියට ඉතා වැදගත් වේ. WRC-23 සමුළුවෙන් පසුව, U6GHz ජංගම සන්නිවේදනය සඳහා වන ප්‍රධාන සංඛ්‍යාතයක් ලෙස නම් කර ඇති අතර චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් කිහිපයක් දැනටමත් මෙම සංඛ්‍යාතය ලබාදීමට සහ පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. 2026 වසරේදී මෙම තාක්ෂණය සහිත ස්මාර්ට් ජංගම දුරකථන සහ උපකරණ වෙළෙඳපොළට පැමිණීමට නියමිත අතර, හරහා U6GHz තාක්ෂණය මහා පරිමාණයෙන් භාවිත අවස්ථාව උදා වනු ඇත.

Huawei සමාගමේ U6GHz නිෂ්පාදන අතරට macro sites, micro sites සහ microwave equipment උපකරණ ඇතුළත් වන අතර එමඟින් සතු ඉතා ඉහළ දත්ත ධාරිතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලැබේ. ජංගම AI යෙදුම් සඳහා අවශ්‍ය ඉහළ වේගය සහ ප්‍රමාදයෙන් තොර (low latency) සේවාවන් සැපයීමට මෙය සමත් වන අතර, 5G-A ජාලවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමටත් අවශ්‍ය විසඳුම් ලබා තුලින් ලබා දෙයි.

එළිමහන් ප්‍රදේශවල ජාල ආවරණය සහ ධාරිතාව වැඩි කිරීම සඳහා Huawei සමාගම නව AAU නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. මෙහි ඇති U6GHz 256 TRX AAU පද්ධතිය මගින් ඉතා විශාල ඇන්ටනා ජාලයක් (ELAA) සහ බුද්ධිමත් දත්ත සම්ප්‍රේෂණ තාක්ෂණයක් (beamforming) භාවිතා කරයි. එමගින් දැනට පවතින 5G (C-band) ජාලයන්ට සමාන පුළුල් ආවරණයක් ලබා දිය හැකිය.

මීට අමතරව, මෙහි ඇති ඉතා ඉහළ දත්ත ධාරිතාව (400 MHz bandwidth) නිසා දත්ත බාගත කිරීමේ වේගය 100 Gbps දක්වාත්, දත්ත උඩුගත කිරීමේ (uplink) වේගය 10 Gbps දක්වාත් ඉහළ නැංවිය හැකිය. මෙය අනාගතයේදී විශාල වශයෙන් භාවිත වන AI උපාංග සහ මෘදුකාංග නිසා ඇති වන ජාල තදබදයට සාර්ථක විසඳුමකි. විවිධ අවශ්‍යතා අනුව වෙනස් කළ හැකි ඇන්ටනා පද්ධති Huawei විසින් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත අතර, එමගින් ඕනෑම ප්‍රදේශයකට ගැලපෙන පරිදි 5G-A ජාලයන් මහා පරිමාණයෙන් ස්ථාපනය කිරීමට සන්නිවේදන සමාගම්වලට අවස්ථාව උදා වේ.

මෙහිදී ගොඩනැගිලි ඇතුළත භාවිතා වන AI යෙදුම් සඳහා අවශ්‍ය ඉහළ දත්ත ප්‍රමාණය සහ එකවර විශාල පිරිසකට සම්බන්ධ වීමේ හැකියාව සඳහා Huawei සමාගම U6GHz small cell නිෂ්පාදන හඳුන්වා දී ඇත. මෙමගින් U6GHz සතු 400 MHz දක්වා වූ ඉතා ඉහළ දත්ත පරාසයකට සහය දක්වන අතර, එය දැනට පවතින අනෙකුත් සියලුම 6 GHz අඩු සංඛ්‍යාත පරාසයන් සමඟ මනාව සම්බන්ධීකරණය කරයි. ඉතා සරල සැලසුමක් යටතේ මෙම උපකරණ පහසුවෙන් සවි කළ හැකි බැවින්, ගොඩනැගිලි ඇතුළත මෙන්ම පිටතදීත් එකම මට්ටමේ උසස් AI අත්දැකීමක් සහ ගුණාත්මක සම්බන්ධතාවක් ඕනෑම වේලාවක ලබා ගැනීමට පරිශීලකයන්ට හැකි වේ.

දත්ත සම්ප්‍රේෂණයේදී Huawei U6GHz සන්නිවේදන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව සැපයිය හැකි නවතම මයික්‍රෝවේව් නිෂ්පාදන හඳුන්වා දී ඇත. මෙහි ඇති සුවිශේෂීFull-duplexතාක්ෂණය මගින් transport networks හි වේගය සහ ධාරිතාව විශාල ලෙස වැඩි කරන අතර, එමගින් 5G-A තාක්ෂණයේ ඉහළම දත්ත අවශ්‍යතා සපුරාලීමටත් 6G දක්වා දියුණු වීමටත් ශක්තිමත් පදනමක් දමයි.

AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වන විට, වර්තමානය සහ අනාගතය යා කරන ප්‍රධානතම සාධකය බවට U6GHz පත්ව ඇත. Huaweiහි සම්පූර්ණ U6GHz නිෂ්පාදන පෙළ දැන් වාණිජමය වශයෙන් ලබාගත හැකිය. මෙමගින් 5G-A ජාලවල ඇති ධාරිතා දුෂ්කරතා ජය ගැනීමට පමණක් නොව, 6G තාක්ෂණය දක්වා පහසුවෙන් ගමන් කිරීමට සහය ලැබේ. මෙය සන්නිවේදන සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදා කරන අතරම විශිෂ්ට ලෝකයක් සඳහා ශක්තිමත් සන්නිවේදන පදනමක් සකස් කරනු නිසැකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close