March 28, 2026
ROKY Holdings තෙවන සංවත්සරය සමරමින් සමාජ සත්කාර හා ජල ව්‍යාපෘති රැසක් අරඹයි.
පුවත්

ROKY Holdings තෙවන සංවත්සරය සමරමින් සමාජ සත්කාර හා ජල ව්‍යාපෘති රැසක් අරඹයි.

Mar 28, 2026

ROKY Holdings පෞද්ගලික සමාගම ජල පිරිපහදු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස තම තෙවන සංවත්සරය මාර්තු 1 වැනි දින ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමඟ සැමරුවේය. සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ඊට ඇතුළත් විය. මෙම වාර්ෂික සැමරුමට සමගාමීව මාර්තු 22 ලෝක ජල දිනය නිමිත්තෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකට සහාය වීමේ විශේෂ ව්‍යාපෘතියක් සමාගම විසින් ක්‍රියාත්මක කරන ලදී. එම පාසලට පිරිසිදු පානීය ජලයට ප්‍රවේශය නොතිබූ අතර ROKY Holdings ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කරමින් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට පිරිසිදු ජල සැපැයුමක් සකසා දුන්නේය.

සමාගම ආරම්භ වී කෙටි කාලයක් වුවද ශ්‍රී ලංකාව පුරා විශාල ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කර ඇත. ඒ අතරින් වව්නියාව ප්‍රදේශයේ දිනකට ජල ලීටර් 100,000ක් බෙදා හැරිය හැකි රිවර්ස් ඔස්මෝසිස් (RO) ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීම ප්‍රධාන වේ. ROKY Holdings ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ සංවිධාන රැසකට සේවා සපයා ඇත. සමාගම පැකේජ් වර්ගයේ (Package-Type), හයිබ්‍රිඩ් (Hybrid) සහ සාම්ප්‍රදායික (Conventional) ජල පිරිපහදු පද්ධති සැපැයීමේ හා උපදේශන සහ ගැටළු විසදීමේ සේවාද සපයයි. ජල පිරිපහදු විසඳුම්වලට අමතරව පයිප්ප ස්ථාපනය ඇතුළු සිවිල් ඉදි කිරීම් කටයුතුද සිදු කරන අතර දිවයින පුරා ව්‍යාපෘති කිහිපයක් දැනට ක්‍රියාත්මක කරමින් පවතී. ROKY Holdings සමාගම ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) සහ මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ලියාපදිංචි වී ඇති අතර RO, Nano, UF සහ මාධ්‍ය පෙරහන් තාක්ෂණය වැනි උසස් ජල පිරිපහදු තාක්ෂණ‍ය භාවිතයෙන් තම සේවා තව දුරටත් ව්‍යාප්ත කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close