කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා UNGC ජාලයේ ක්‍රියාකාරී කණ්ඩායම් දෙකක අනුග්‍රාහකත්වය ලබාගනී
එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) ශ්‍රී ලංකා ජාලයේ ප්‍රධාන තිරසර ප්‍රමුඛතා ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වයේ පෙරමුණ ගනිමින් කොමර්ෂල් බැංකුව, ‘විවිධත්වය හා අන්තර්ගතකරණය’ සහ ‘ජල හා සාගර භාරකාරත්වය’ යන ක්‍රියාකාරී කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයෙකු බවට පත් වී ඇත.
තිරසර ජල කළමනාකරණය සහ අන්තර්ගත ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කරන මුලපිරීම් වලට මඟපෙන්වීම ලබාදෙන මෙම ක්‍රියාකාරී කණ්ඩායම් දෙක වෙත ලබාදෙන අනුග්‍රාහකත්වය කොමර්ෂල් බැංකුව හා එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ ශ්‍රී ලංකා ජාලය අතර අත්සන් කරන ලද වසර දෙකක අවබෝධතා ගිවිසුමක් (MoU) මගින් විධිමත් කරන ලදී.
මේ අනුව, විවිධත්වය හා අන්තර්ගතකරණය සහ ජල හා සාගර භාරකාරත්වය යන ක්‍රියාකාරී කණ්ඩායම්වල අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය හා උපදේශනය කොමර්ෂල් බැංකුව විසින් ලබා දෙනු ඇත. අදාල වැඩසටහන් හා අවස්ථා සංවිධානය කිරීම, සංවාද හා හවුල්කාරීත්වයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, මෙන් ම තම පාරිසරික සමාජයීය හා යහපාලන (ESG) භාවිතයන් ශක්තිමත් කිරීමට උත්සාහ කරන සමාගම්වල සහභාගීත්වය දිරිමත් කිරීම ආදී කටයුතු වලදී බැංකුව, ශ්‍රී ලංකා UNGC ජාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ මූලධර්ම දහය මෙන් ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරාලීමේ ප්‍රගතිය වේගවත් කරන මුලපිරීම් කෙරෙහි, එනම් විශේෂයෙන් ම තිරසර ජල කළමනාකරණය, සාගර භාරකාරත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ අන්තර්ගත වූ ආර්ථික සහභාගීත්වය යන ක්ෂේත්‍ර කෙරෙහි ද මෙම සම්මුතිය තුළින් අවධානය යොමු කරනු ඇත.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ ශ්‍රී ලංකා ජාලය සමඟ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන සම්බන්ධතාවය මගින් පිළිබිඹු වන්නේ වගකිවයුතු ව්‍යාපාරයක් තිරසර අනාගතයක් ගොඩනැගීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ යුතු බවට අප තුළ ඇති විශ්වාසයයි. තිරසරභාවය පිළිබඳ භාවිතයන් අපගේ ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමේ සිට අනෙකුත් සංවිධානවලට ඔවුන්ගේ තිරසර ගමනාන්ත කරා යාමට සක්‍රියව සහය වීම හා මඟ පෙන්වීම දක්වා අපගේ දායකත්වය, මෙසේ විවිධත්වය හා අන්තර්ගත කිරීම, සහ ජල හා සාගර භාරකාරත්වය, යන ක්‍රියාකාරී කණ්ඩායම්වල අනුග්‍රාහකත්වයට පත්වීමෙන් අපි තවදුරටත් පුළුල් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව, අන්තර්ගතකරණය වූ සංවර්ධනය හා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සඳහා තීරණාත්මක දායකත්වයක් දක්වන ක්ෂේත්‍රවල අර්ථවත් ප්‍රගතියක් දැකීම වෙනුවෙන් දායක වීමට අපට මෙම හවුල්කාරීත්වය තුළින් හැකියාව ලැබේ.”
අනුග්‍රාහකයෙකු ලෙස, කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා UNGC ජාලය සමඟ සමීපව කටයුතු කරමින්, ව්‍යාපාර උපාය මාර්ගවලට තිරසාරභාවය ඒකාබද්ධ කරගන්නා අතරතුර, ජල කළමනාකරණයේ ඉහළ ප්‍රමිතීන් සහ සේවා ස්ථානවල අන්තර්ගතකරණයේ වත් පිළිවෙත් අනුගමනය කරවීම සඳහා අනෙකුත් සමාගම්වලට මඟ පෙන්වනු ඇත. ජල හා සාගර භාරකාරත්ව ක්‍රියාකාරී කණ්ඩායම මගින් ජල සම්පත්වල දිගුකාලීන පැවැත්ම හා ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික, සමාජයීය සහ පාරිසරික අවශ්‍යතා සපුරාලන තිරසර ජල කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. රැකියාවට බඳවා ගැනීමේදී, නායකත්ව අවස්ථා ලබා දීමේදී මෙන් ම සමස්ත ආයතනික සංස්කෘතිය තුළ ද පුදගලයින්ට අයුතු ආකාරයෙන් වෙනස් ලෙස සැලකීම අතහැර සැමට සමාන අවස්ථා ලබා දීමට, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට, ස්ත්‍රී පුරුෂ භාවය, පුද්ගලයාගේ පසුබිම හෝ අනන්‍යතාවය නොසලකා ඔවුන්ට ලැබිය යුතු නිසි ඇගයීම ලබා දෙන සාධාරණ සේවා ස්ථාන ඇති කිරීමට, ආයතන දිරිමත් කිරීමේ කාර්යභාරය ඉටු කරන්නේ විවිධත්වය හා අන්තර්ගත කිරීමේ ක්‍රියාකාරී කණ්ඩායම මගිනි. තවද විවිධ අවස්ථා, සේවාවන් සහ මූල්‍යාධාර ලබා දීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට ම සමාන හා සාධාරණ ලෙස සැලකීම සහතික කරමින්, කාන්තා ව්‍යවසායකයින් හා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර බලගැන්වීම ඇතුළු ආර්ථිකය වෙනුවෙන් තම සහභාගීත්වය දක්වන ස්ත්‍රී පුරුෂ පුද්ගල ප්‍රමාණය සමතුලිත කිරීමේ මුලපිරීම් වලට සහය වීමේදී ද බැංකුව මැදිහත් වනු ඇත.
තිරසර ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සාමූහික ප්‍රයත්න දැරීම දිරිමත් කරමින්, සහ ශක්තිමත් රාජ්‍ය අංශය – පුද්ගලික අංශ හවුල්කාරීත්වයන් ඇති කරමින්, මෙම මුලපිරීම් සඳහා බැංකුවේ මැදිහත් වීම තුළින් ආයතනික අංශය, තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් සහ ව්‍යාපාර සංවර්ධන සංවිධාන අතර සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරයි.
ශ්‍රී ලංකා UNGC ජාලය විසින් මෙම අනුග්‍රාහක ධූරය පිරිනමන්නේ ක්‍රියාකාරී කණ්ඩායම්වල ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමේදී ශක්තිමත් නායකත්වයක් පෙන්නුම් කරන ආයතන හා සංවිධාන සඳහා යි. එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ මූලධර්ම දහය තම ව්‍යාපාරිත භාවිතයන් තුළට සක්‍රීයව ඇතුළත් කරන, සහ තම තිරසාර කාර්යයන්වලදී අනෙකුත් සංවිධානවලට සහය වීමට කැපවී සිටින සමාගම් එමගින් ඇගයීමට ලක් කරයි.
ජල හා සාගර සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කොමර්ෂල් බැංකුවේ පාරිසරික භාරකාරත්වය බහුවිධ වන අතර, වෙරළ පිරිසිදු කිරීම හා වෙරළ නඩත්තු කිරීමේ ව්‍යාපෘති, කොරල්පර ප්‍රතිසංස්කරණය, සමුද්‍ර අභයභූමි කළමනාකරණය, කඩොලාන හා සමුද්‍ර පරිසර පද්ධති පුනර්ජනනය සහ ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති ආදී ඉහළ බලපෑමක් ඇතිකරන මුලපිරීම් මාලාවක් එයට ඇතුළත් වේ. මෙම මුලපිරීම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වන අතර, සමාජයීය හා ආර්ථිකමය වශයෙන් නොසැලී සිටීමේ හැකියාව සමඟ පාරිසරික ප්‍රතිසංස්කරණය ඒකාබද්ධ කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කෙරේ.
ජාතික ආර්ථිකයේ සමස්ත පද්ධතියට ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවට නම් දරා ඇති බැංකුවන් ලෙස, සැබෑ ආර්ථික ක්‍රියාකාරකම් සහ මූල්‍යමය ගැඹුරු බව ශක්තිමත් කරන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින්, එම ක්ෂේත්‍ර අන්තර්ගත කරගනිමින් භෞතිකමය, ඩිජිටල් ආකාරයේ හෝ සේවා සම්බන්ධ බාධක අවම කළ හැකි ආකාරයේ පුළුල් වූ මුලපිරීම් එකතුවක් දියත් කරමින්, කොමර්ෂල් බැංකුව විසින් මූල්‍යමය අන්තර්ගතකරණය යන්න මූලික බැංකුකරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය දෙයක් බව පෙන්වා දී ඇත. සේවා හා අවධානය අඩුවෙන් ලැබෙන පාර්ශවයන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම ඉලක්ක කරගත් ප්‍රවේශයන් සඳහා ප්‍රමුඛතාවය දීමෙන් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, මූල්‍ය අතරමැදිකරණය වැඩි වී, අවිධිමත් භාවය අඩු වී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ජීවනෝපායයන්, ක්ෂුද්‍ර ව්‍යාවසායකයින් සහ කාන්තාවන් වැනි එවන් පාර්ශව කෙරෙහි බැංකුව තම අවධානය යොමුකර ඇත්තේ, එම පාර්ශවවලට සම්පත්, අවස්ථා හෝ සේවාවන් වෙත ප්‍රවේශ වීම වළක්වන්නේ හුදෙක් ම භෞතිකමය බාධක වීම සහ, මූලික බැංකු ක්‍රියාකාරකම් හරහා ඔවුන්ව අන්තර්ගතකර ගැනීම, තිරසර සහභාගීත්වයට සහයක් ලැබීම හේතුවෙනි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා සහභාගී වූ අතර එතුමා සමඟින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය, හස්රත් මුණසිංහ මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී – අලෙවිකරණය, අෂානි සේනාරත්න මහත්මිය යන අය සහභාගී වූහ. ශ්‍රී ලංකා UNGC ජාලය නියෝජනය කරමින් ඩිල්මා තේ සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී, සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ ශ්‍රී ලංකා ජාලයේ සභාපති, දිල්හාන් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

