March 28, 2026
CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි
පුවත්

CINEC CAMPUS මෝටර්රථ සහ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි සඳහා IESL කොන්දේසි සහිත පිළිගැනීම හිමි වෙයි

Mar 28, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු උපාධිධාරීන්ගේ කණ්ඩායමේ සිට බලපැවැත්වෙන මෙම ඇගයුම, සිසුන් හට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය (Associate Membership) හිමිකර ගැනීමටත්, පූර්ණ සාමාජිකත්වය (Corporate Membership) දක්වා පෙරට යාමටත්, වොෂින්ටන් සම්මුතිය පුරා පිළිගැනීමට ලක්වන වරලත් ඉංජිනේරු මට්ටම හිමිකර ගැනීමටත් අවස්ථාව උදාකර දෙයි. තවද, ශ්‍රී ලංකාවේ IESL පිළිගැනීම ඇති එකම Automotive Engineering උපාධි පාඨමාලාව ද මෙය වීම තවත් සුවිශේෂී කාරණාවකි.

පීඨාධිපති ආචාර්ය ජානක ලියනගම ප්‍රමුඛ ඉංජිනේරු සහ තාක්ෂණවේද පීඨය සඳහා මෙය සුවිශේෂී සංධිස්ථානයක්වන අතර, වෘත්තීය මට්ටමේ ඉංජිනේරු ගමන්මගක් පිරිනමන මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC නාමය තවදුරටත් එමගින් තහවුරු කෙරේ. තවද මේ හරහා, CINEC අධ්‍යාපනික රාමුවේ විශිෂ්ටත්වයත්, එය ජාත්‍යන්තර ප්‍රමිතිවලට කෙතරම් අනුකූලද යන්නත්, ක්ෂේත්‍රයට අවශ්‍ය ඉංජිනේරු ශිල්පීන් බිහි කිරීමට ඊට ඇති හැකියාවත් පිළිබිඹු වේ.

CINEC Campus හි ඉංජිනේරු සහ තාක්ෂණවේද පීඨයේ පීඨාධිපති ආචාර්ය ජානක ලියනගම මහතා මෙම ඇගයුම පිළිබඳ අදහස් පළ කළේය. “ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ කොන්දේසි සහිත පිළිගැනීම යනු අනුකූලතා ඇගයුමක් පමණක් නොවේ. එය, ගෝලීය වෘත්තීය ප්‍රමිතිවලට අනුකූලව ඉංජිනේරු ශිල්පීන් බිහි කිරීම සඳහා අප දක්වන කැපවීම ඇගයුමට ලක් කිරීමක් වනවා. වොෂින්ටන් සම්මුතියේ අත්සන්කරුවෙකුවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය හේතුවෙන් අපගේ උපාධිධාරීන් හට ජාත්‍යන්තර පිළිගැනීම හිමිවන අතර විවිධ රටවල ඉංජිනේරු රැකියා අවස්ථා සඳහා සෘජු ප්‍රවේශය ද හිමි වනවා. ඉහළ කුසලතා මට්ටමකින් යුතු, ගෝලීය වශයෙන් තරගකාරී ඉංජිනේරු ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා CINEC ආයතනය සිදුකරන කාර්යභාරය මෙමගින් වඩාත් තහවුරු කෙරෙනවා.”

සිවිල්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික සහ මෝටර්රථ සහ අන්තර්ක්ෂේත්‍ර ලෙස CINEC ඉංජිනේරු පීඨය, අධ්‍යයනාංශ හතරකින් සමන්විත වේ. එම පීඨය විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අනුමත වසර හතරක BSc ඉංජිනේරු උපාධි, එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්වවිද්‍යාලයේ BEng (ගෞරව) උපාධි, MSc පශ්චාද් උපාධි, එක්සත් රාජධානියේ Pearson ආයතනය මගින් පිරිනමන උසස් ජාතික ඩිප්ලෝමා සහ ඉංජිනේරු උපාධි පදනම් පාඨමාලා පිරිනමනු ලැබේ. එම පිළිගත් උපාධි පාඨමාලා අතර මෝටර්රථ වැනි විශේෂඥ අංශ තුළ ද උපාධි පිරිනැමීමට CINEC කටයුතු කරන අතර එය, මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අධ්‍යාපන ක්ෂේත්‍රයේ Automotive Engineering උපාධියක් පිරිනමන එකම ආයතනයයි.

මෙම නවතම පිළිගැනීමත් සමග, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළට පිවිසීමටත්, උසස් වෘත්තීය අවස්ථා හිමිකර ගැනීමටත් ශ්‍රී ලාංකේය ඉංජිනේරු ශිල්පීන් හට මග විවරකර දෙන අතරම, සිසුන්, දෙමාපියන් සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් අතර ගොඩනගාගෙන ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත්කර ගැනීමට CINEC ආයතනය සමත්ව සිටී.

තවද එම ආයතනයේ ‘Beyond a Graduate’ සංකල්පය යටතේ, සමුද්‍රීය විද්‍යා, ඉංජිනේරු, කළමනාකරණ, අධ්‍යාපන, ඉංග්‍රීසි, සෞඛ්‍ය විද්‍යා, පරිගණක, රසායන විද්‍යා, ගුවන් ප්‍රවාහන වෘත්තීය පුහුණු, ගුවන්යානා නඩත්තු ඉංජිනේරු සහ හෝටල් පාසල් ආදී ක්ෂේත්‍ර තුළ ලෝක මට්ටමේ රැකියාවට සුදුසු උපාධිධාරීන් සහ වෘත්තිකයින් බිහි කිරීමට ද කටයුතු කෙරේ.

CINEC ආයතනය, වසර පහක් (2018/19, 2021/22, 2022/23, 2023/24, 2024/25) විශිෂ්ටතම අධ්‍යාපන සේවා අපනයන ආයතනය ලෙස ජනාධිපති අපනයන සම්මානය හිමිකරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close