Textrip සමාගමට කර්මාන්ත හා අපනයන විශිෂ්ටත්වය සඳහා ජාතික සම්මාන රැසක්
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ සාක්ෂියකි. එසේම ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2025 CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී Textrip සමාගමට පළාත් මට්ටමේ රිදී සම්මානයක් සහ ජාතික මට්ටමේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම සම්මාන Textrip සමාගම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවත්වා ගෙන යන උසස් කාර්යසාධනය සහ නිෂ්පාදන ප්‍රමිති නැවත තහවුරු කිරීමකි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) සංවිධානය කළ PRISL 2025 සම්මාන උළෙලේදී Most Outstanding Exporter of the Year ලෝකඩ සම්මානයද Textrip සමාගමට හිමි විය.
ලෝකයේ රටවල් 30කට වැඩි ප්‍රමාණයකට (ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය වෙළඳපොළ ඇතුළුව) නිෂ්පාදන අපනයනය කරමින් Textrip සමාගම ගෝලීය වෙළඳපොළේ විශ්වාසය දිනා ඇත. මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් Elasto සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මංගල ගුණසේකර මහතා ප්‍රකාශ කළේ සමාගම කෙරෙහි විශ්වාසය තැබූ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට සහ කැප වීමෙන් කටයුතු කරන සේවක මණ්ඩලයට සිය කෘතඥතාව පිරිනමන බවයි. Textrip සමාගම ලොව ප්‍රකට ක්‍රීඩා හා ශාරීරික සුවතා සන්නාම 100කට වැඩි සංඛ්‍යාවකට නිෂ්පාදන සපයමින් ගෝලීය වෙළෙඳපොළේ ශක්තිමත් ස්ථානයක් ගොඩ නඟා ගෙන ඇත. TEXSTRETCH Progressive Exercise Resistance Band නිෂ්පාදන පෙළ සමාගමේ ප්‍රමුඛ නවෝත්පාදනයකි. Textrip සමාගම ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, CET සහ REACH වැනි ජාත්‍යන්තර ප්‍රමිති යටතේ ක්‍රියාත්මක වේ. Textrip නිෂ්පාදන www.elasto.lk වෙබ් අඩවිය හරහාද මිල දී ගත හැකිය.

