2026Effie සම්මාන උළෙලේ දී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය.
Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන වෙළඳ ප්‍රචාරණ සහ අලෙවිකරණ ව්‍යාපෘති ඇගයීමට ලක් කිරීම සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා ඇති සම්මාන උළෙලකි. Effie Worldwide මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල නිර්මාණාත්මක සහ උපායමාර්ගික වැඩසටහන් හරහා සාර්ථක ප්‍රතිඵල පෙන්වන සන්නාම, ඒජන්සි සහ අලෙවි කණ්ඩායම් ඇගයීමට ලක් කෙරේ. එමෙන්ම පාරිභෝගිකයන් අතරට යමින්, ඔවුන්ගේ ආකල්ප සහ හැසිරීම් කෙරෙහි බලපෑමක් ඇති කරමින් සහ මැනිය හැකි ප්‍රතිඵල අත්කර ගන්නා අලෙවිකරණ ව්‍යාපෘති ඇගයීමට ලක් කෙරෙන Effie Awards සම්මාන අර්ථවත් හා බලපෑමක් ඇති කරන ප්‍රචාරණ ව්‍යාපාර නිර්මාණය කිරීමට අනෙකුත් ආයතන දිරිමත් කරයි.
HNB හිමි කරගත් මෙම ජයග්‍රහණයන්ට මූලික වූයේ, ශ්‍රවණාබාධිත දරුවන්ට ශ්‍රවණාධාර ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ HNB Santa Brigade නත්තල් වැඩසටහනේ සාර්ථකත්වයයි. ප්‍රජාව සමඟ ඉතා සමීපව මෙන්ම අවංකව සම්බන්ධ වීමට මෙම ව්‍යාපෘතිය ගත් උත්සාහය සහ ඒ හරහා බැංකුව සහ ජනතාව අතර ගොඩනැගුණු අර්ථවත් සබඳතාවය මෙහිදී ඇගයීමට ලක් විය. එමෙන්ම, නත්තල් උත්සව සමය තුළ බැංකුවේ සන්නාමය ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාව පුරා සිටින ආධාර අවශ්‍ය දරුවන්ට සහය වෙමින් සමාජයට යහපතක් කිරීමටත් මෙම වැඩසටහනට හැකි විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපති – අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන, උපුල් අදිකාරි මහතා පැවසුවේ “මෙම සම්මාන හරහා ඇගයීමට ලක් වන්නේ අපගේ සෑම ප්‍රචාරණ වැඩසටහනක් පිටුපසම ඇති අර්ථවත් දැක්ම සහ උපායමාර්ගික චින්තනයයි. අපි අලෙවිකරණය දකින්නේ හුදෙක් ප්‍රචාරණයක් ලෙස නොව, ජනතාව සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට සහ ප්‍රබල පණිවිඩයක් සමාජගත කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙසයි. ඒ හරහා ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩනැගීමටත්, පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක් ලබා දීමටත්, සමාජයේ ප්‍රගතියට දායක වීමටත් අපි බලාපොරොත්තු වනවා. සමාජීය වගකීමක් සහිත මෙන්ම අනාගතයට ගැළපෙන ප්‍රචාරණ වැඩසටහන් නිර්මාණය කිරීමට මෙම ඇගයීම අපට ශක්තියක් වන අතර මෙම සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ අපගේ සියලුම කණ්ඩායම් වෙත මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.” යනුවෙනි.
Effie Awards Sri Lanka 2026 හිදී HNB ලැබූ මෙම සාර්ථකත්වය, නව්‍යකරණය සහ සාර්ථක අලෙවිකරණය සම්බන්ධයෙන් බැංකුව සතු නායකත්වය මැනවින් පෙන්නුම් කරයි. නිර්මාණාත්මක බව සහ සමාජ වගකීම එකට එක් කරමින්, ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ නව මං සලකුණු තැබීමට HNB සමත්ව සිටින අතර බැංකුකරණය යනු හුදෙක් ගනුදෙනු පමණක් නොව, එය මිනිසුන් දිරිමත් කරන සහ දෛනික ජීවිතයට යහපත් බලපෑමක් කරන සේවාවක් බව ද මෙයින් තහවුරු වේ.

