නිෂ්පාදන ක්‍රියිවලියේදී පිටවෙන කාබන් අගය ශුන්‍ය කිරීම (net zero) සඳහා වැවිලි ක්ෂේත්‍රය මාර්ග සැලසුමකට ඒළැඹෙයි
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමට සහ දේශගුණික විපර්යාසයන් මත ඇති වෙන ව්‍යසනයන්ට මුහුණ දීමට සහ ඒම තත්වයන්ට අනුගත වීම සඳහා වසර 172 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය මට්ටමකක් දක්වා ක්‍රමිකව අඩු කිරීමේ නව වැඩපිලිවෙලකට එළැඹ ඇත.
ගෝලීය තේ ගැණුම්කරුවන්, අරමුදල් සම්පාදකයින් සහ නියාමන ආයතනයන් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවම කාබන් පිටකිරීමක් (net zero) සඳහා දැඩි අවධානයක් යොමු කරන ලෙස තේ නිෂ්පාදකයින්ට අවධාරණය කරන පසුබිමක මෙම තත්වයට අනුගත වීම සසඳහා හැකි උපරිම උත්සාහය ගැනීම එක් අතකින් පාරිසරික වගකීමක් මෙන්ම වානිජමය අවශ්‍යතාවක් ද වී ඇත.
කලාපීය වැවිලි සමාගම් විසින් මෑතකදී සිදු කරනු ලැබූ සමීක්ෂණය මගින් හෙලිදරව් වන කරුණු වලට අනුව තේ නිෂ්පාදකයින් කාබන් විමෝචන ක්‍රියාවලියෙන් ඔබ්බට යන පරිදි සිය නිෂ්පාදන තීරණ සහ එම තීරණයන් ක්‍රියාවෙහිද යොද වා ඇත. සමූහිකව මෙම සමාගම් විසින් වතුයායන් 100කට අධික සංඛ්‍යාවක් පාලනය කරන අතර ලංකාවේ පවතින දේශගුණික තත්වයට ඔරොත්තු දිය හැකි පරිදි වර්තමාන වැවිලි භෝගයන් වන තේ පොල්, රබර්, ඔයිල් පාම්, වගාව තිරසාරව පවත්වාගෙන යෑමට සිදු කල යුතු පරිවර්තනය වීම් දේශගුණික තත්වයන්ට අනුගතව සිදු වෙමින් පවතී.
පුනර්ජනනීය බලශක්ති භාවිතය හා කාබන් විමෝචනය ශුන්‍ය කිරීම
කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වන ගමනේ දී බලශක්ති ප්‍රභවය පරිවර්තනය කිරීම වඩාත් සංකීර්ණ අදයර ලෙස සැලකේ. සමීක්ෂණ දත්තයන් පෙන්වා දෙන අන්දමට කලාපීය වැවිලි සමාගම් විසින් මේ වන විටත් මෙගා වොට් 30කට ආසන්න පුනර්ජනනීය බලශක්ති උත්පාදන හැකියාවකින් යුතු වන බැවින් මෙම ක්ෂේත්‍රයට අදාල ප්‍රභවයන් වන සුර්ය බලශක්ති, කුඩා ජල විදුලි බල ව්‍යාපෘති, ජෛව වායු භාවිතය, ජෛව ඉන්ධන සහ අපද්‍රව්‍ය දහනයෙන් ලැබෙන තාප ශක්තිය යන ක්ෂෙත්‍රයන් සඳහා රුපියල් බිලියන 5කට අධික මුදලක් ආයෝජනය කර ඇත.
තලවකැලේ වැවිලි සමාගම, අගරපතන වැවිලි සමාගම, යන සමාගම් කුඩා ජලවිදුලි උත්පාදනය සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇති අතර මෙම ව්‍යාපෘති හරහා වඩාත් විශ්වසනීය විදුලි බල උත්පාදනයක් වතු ආශ්‍රිතව පවතින ජල මාර්ගයන් ඔස්සේ ලබා ගනී. ක්ෂේත්‍රය ගෙන බැලීමේදී ඇතැම් කර්මාන්තශාලාවන් මුලුමනින්ම පුනර්ජනනීය බලශක්ති මත කටයුතු කරන අතර අනෙකුත් වැවිලි සමාගම්ද වාර්ෂිකව විදුලිය කිලෝවොට් පැය මිලියන ගණනක් උත්පාදනය කර ඇති අතර මේ සඳහා වැඩි වශයෙන් කුඩා ජලවිදුලිය සහ හිරු එලිය භාවිතා කරයි.
ජෛව ඉන්ධන තාප බලශක්ති උත්පාදනයේ කොඳු නාරටිය වේ. මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින බ්‍රවුන්ස් වැවිලි සමාගම, අගලවත්ත වැවිලි සමාගම, පවසන ආකාරයට ඔවුන්ගේ නිෂ්පාදන බොයිලේරුවල ඉන්ධන අවශ්‍යතාවෙන් 85%සිට 95% දක්වා ජෛව බලශක්ති හරහා භාවිතයට ගන්නා බැවින් දැවි තෙල් සඳහා වන යොමු වීම හැකි තාක් අවම කරමින් සිටී. වහලය මත ඉදිකරන සූර්ය පැනල සමාජයෙහි ප්‍රචලිත බැවින් කර්මාන්තශාලා, කාර්යාල සහ සේවක නිවාසයන්හි වහල මත මෙම උපකරණයන් සවිකිරීමට පියවර ගෙන ඇත. මීට සමගාමීව බලශක්ති ඵලදායීතාව ගණනය කිරීම තුල වැවිලි සමාගම්වලට හිමිවන ප්‍රතිලාභය ප්‍රමාණිකව පෙන්නුම් කර ඇත. නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතයට ගනු ලබන පීඩන පොම්ප සහ විදුලි මොටරයන්හි වේගය අවශ්‍යතාව මත වෙනස් කිරීමට අදාල උපාංගයන් සහ අපද්‍රව්‍ය තාප නිවාරක පද්ධති, වැඩිදියුණු කරන ලද වියලන යන්ත්‍ර, LED අලෝක පද්ධතිවලට මාරු වීම සහ වැඩිදියුණු කරන ලද බොයිලේරු භාවිතය යන මෑතකාලීන් වෙනස්කම් පෙන්වා දිය හැක. තනි තනිව සමාගම් වශයෙන් මෙවැනි වෙනස් කම් සිදු කලද සමුච්චිතව මෙම ක්‍රියාමාර්ගයන් හරහා සැලකිය යුතු මට්ටමක කාබන් මුදාහැරීමක් අවම කර ගැනීමට මහා පරිමාණයේ වැවිලි සමාගම් වලට හැකියාව ලැබී ඇත.
විමෝචන ඉලක්කයන් සහ තහවුරුකර ගැනීම
මෙම සමීක්ෂණය මඟින් කාබන් පරිසරයට මුදා හැරීම ගණනය කිරීම සහ පාලන පද්ධතිවල වැඩිදියුණු වූ වෘත්තීයමය මට්ටමක් වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දිය හැක. කලාපීය වැවිලි සමාගම් කිහිපයක් දැන් Scope 1 සහ Scope 2 මට්ටමේ කාබන් පරිසරයට මුදාහැරීම මැනීම ආරම්භ කර ඇති අතර, තලවකැලේ වැවිලි සමාගම වැනි සමාගම් නැව්භාණ්ඩ ප්‍රවාහනය සහ වටිනාකම් දාමය තුළ ඇති බලපෑම් ඇතුළුව Scope 3 විමෝචන ද ඇතුළත් කරමින් එම ආවරණය ව්‍යාප්ත කර ඇත. එමෙන්ම සමාගම් කිහිපයක් ISO 14064-1 හරිතාගාර වායු ගණනය කිරීම සහ ISO 50001 ශක්ති කළමනාකරණය වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ තම ක්‍රියාකාරකම් සමපාත කරගෙන ඇති අතර, ඇතැම් සමාගම් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5° මට්ටමකින් සීමා කිරීමේ ඉලක්කය සමඟ අනුකූල වන විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්කයන්ද පිළිගෙන ඇත.
මෙම පරිවර්තනයේදී ඩිජිටල්කරණය වැදගත් භූමිකාවක් ඉටු කරයි. වතු සහ කර්මාන්තශාලා මට්ටමේ සජීවී නිරික්ෂන පුවරු පද්ධති, ERP පද්ධති සමඟ සම්බන්ධිත ශක්ති පරිභෝජන නිරීක්ෂණ ක්‍රම, සහ ස්වයංක්‍රීය වාර්තාකරණ පද්ධති මඟින් කලාපීය වැවිලි සමාගම් ස්ථිතික වාර්තාකරණයෙන් ඉදිරියට ගොස් ක්‍රියාකාරී විමෝචන කළමනාකරණයකට මාරුවීමට හැකියාව ලබා දී ඇත. කෙසේ වෙතත්, Scope 3 විමෝචන, විශේෂයෙන් අදාල යෙදවුම්, ප්‍රවාහනය සහ පහළ වෙළඳපොළ සමඟ සම්බන්ධ විමෝචන, තවමත් කර්මාන්තය පුරාම පවතින අභියෝගයකි. එය සමාගමක් වශයෙන් වෙන වෙනම ක්‍රියා කිරීමකට වඩා සමූහ වශයෙන් ක්‍රියාත්මක වන වැඩ රාමුවක අවශ්‍යතාව මතු කරයි.
දේශගුණික ක්‍රියාමාර්ග සමග සම්බන්ධ වෙමින් ප්‍රජා සහ සංරක්සණ කටයුතු සඳහා යොමු වීම
වැවිලි ක්ෂේත්‍රය කාබන් අගය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීම, භූමි භාවිතය සහ ප්‍රජා සුවසම්පන්නභාවය සමඟ වෙනස්කල නොහැකි ලෙස සම්බන්ධ වී සිටි. මෙම සමීක්ෂණයේ ප්‍රතිචාර අනුව ජෛව විවිධත්ව සංරක්ෂණය, ජලධාරා ආරක්ෂාව සහ කාබන් සංකලනය සඳහා වතු සමාගම් විසින් ආයෝජන වර්ධනය කරමින් සිටින බව අවදාරණය කෙරේ. කලාපීය වැවිලි සමාගම් එක්ව සංරක්ෂණ කලාප, ගඟා ගංගා ද්‍රෝණි ආරක්ෂිත කලාප සහ ජෛව විවිධත්ව මාර්ග යටතේ භූමි ප්‍රදේශ කළමනාකරණය කරමින් සිටී. කාබන් අවශෝෂණය වැඩි කිරීම, පස් සංරක්සණය හා ස්ථාවර කිරීම මෙන්ම ප්‍රදේශීය ක්ෂුද්‍ර දේශගුණය වඩා ප්‍රශස්ත මට්ටමකට ගෙන යෑම සඳහා වන වගා කිරීම සහ කෘෂි වන වගා වැඩසටහන් පුළුල් ලෙස ක්‍රියාත්මක කර ඇත. තවද, සමාගම් කිහිපයක් ඉන්ධන දර සඳහා වෙන් කළ වගා වතු ස්ථාපිත කර ඇති අතර, එමඟින් ස්වභාවික වනාන්තර මත ඇති පීඩනය අඩු කරමින් ස්ථාවර ජෛව ස්කන්ධ සැපයුමක් සහතික කරයි.
කලාපීය සමාගම් විසින් වැවිලි ප්‍රජාවන් අතර බලශක්ති කාර්යක්ෂම උදුන් බෙදා හැරීම, නිවාසයන් හි බලශක්ති පද්ධති වැඩිදියුණු කිරීම, සහ ජල සංරක්ෂණ යටිතල පහසුකම් ස්ථාපනය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, ඒවා මගින් කාබන් විමෝචන අඩු කිරීමත් සමඟම සමාජ සුබසාධන ප්‍රතිලාභ ද ලබා දී ඇත.එමෙන්ම දර භාවිත කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම, වාහන කාර්යක්ෂමතා වැඩසටහන්, සහ උපකරණ නිතර නඩත්තු කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා වක්‍ර විමෝචන ද තවදුරටත් අඩු කර ඇත.
තවද සබරගමුව විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යයන ආයතන සමඟ ඇති සහයෝගිතාව මගින් කාබන් පාදසටහන ඇගයීම්, ජෛව විවිධත්ව අධ්‍යයන, සහ ප්‍රතිජනන කෘෂිකර්ම පරීක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහය ලබා දී ඇති අතර, එය දිගුකාලීන තීරණ ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි පදනම ශක්තිමත් කිරීමට උපකාරී වී ඇත.
වැවිලි ක්ෂේත්‍රය වඩාත් තර්කානුකූල මාර්ග සිතියමක් වෙත යොමු වීම
ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය ශූන්‍ය තත්වයක සිට ගොඩනැංවෙමින් ආරම්භ වන කර්මාන්තයක් නොවේ. කෙසේ වෙතත්, ප්‍රගතිය තවමත් සමාන නොවන ආකාරයෙන් දක්නට ලැබේ. එය ප්‍රාග්ධනයට ප්‍රවේශවීමේ පරතරය, විදුලි ජනන පද්ධතියේ යටිතල පහසුකම් සහ තාක්ෂණික දැනුමට ඇති ප්‍රවේශයේ ඇති විෂමතා මගින් සකස් වී ඇත. ඉහළ මුල් ආයෝජන වියදම්, පුනර්ජනනීය ශක්තිය ජාලයට ඒකාබද්ධ කිරීම සම්බන්ධ නියාමන අස්ථාවරතාව, සහ සහනදායක හරිත අරමුදල් සඳහා වන සීමිත ප්‍රවේශය තවදුරටත් මෙම පරිමාණය වර්ධනය වීම සීමා කරනු ඇත.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ලෙස ඔවුන්ගේ මතය වන්නේ කාබන් අගය ශුන්‍ය කිරීම කරා සංක්‍රමණය වීම ජාතික මට්ටමේ ඒකාබද්ධ උත්සාහයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි. එය සාර්ථක කර ගැනීමට ප්‍රතිපත්ති ස්ථාවරත්වය, රජය මගින් ලබා දෙන ඉලක්කගත ආර්ථික සහනයන් සහ බහුවිධ අරමුදල් සම්පාදනය යන ක්‍රමවේද අවශ්‍ය වන අතර, එමඟින් වැවිලි ක්ෂේත්‍රය නිර්කාබනීතෘත ඉදිරි පියවර කරා ගෙන යා හැකිය. එමෙන්ම සම්මත කරන ලද විමෝචන වාර්තාකරණ ප්‍රමිතීන් සහ කර්මාන්තය පුරා සම්මත දර්ශක ස්ථාපිත කිරීම, විසිරී ඇති ව්‍යාපෘතිවලින් ඉදිරියට ගොස් පද්ධතිමය පරිවර්තනයක් (systemic ලබා ගැනීම අත්‍යාවශ්‍ය වනු ඇත.
තිරසාරභාවය වෙළඳපොළ ප්‍රවේශය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වෙමින් ඇති ගෝලීය වෙළඳපොළක් තුළ, ක්‍රියාත්මක නොවීමේ වියදම ද ඉහළ යමින් පවතී. විශ්වාසනීය දත්ත, ක්‍රියාත්මක කළ ආයෝජන සහ වගකීම පිළිබඳ වර්ධනය වන සංස්කෘතිය සමඟ, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට ඔවුන්ව තරඟකාරී, ප්‍රතිරෝධශීලී සහ දේශගුණික අරමුණු සමඟ අනුකූල කර්මාන්තයක් ලෙස ස්ථාපිත කර ගැනීමේ අවස්ථාවක් තිබේ.
කාබන් අගය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීම සංකීර්ණ සහ මූල්‍යමය වශයෙන් දැඩි ආයෝජන අවශ්‍ය කරන ගමනක් වනු ඇත. කෙසේ වෙතත්, එම ගමන සඳහා අවශ්‍ය පදනම් දැනටමත් ස්ථාපිත වී ඇත. සම්බන්ධීකරණය වූ ක්‍රියාමාර්ග සමඟ, වැවිලි කර්මාන්තයට දේශගුණික අභිලාෂයන් දිගුකාලීන ආර්ථික සහ පාරිසරික වටිනාකමක් බවට පරිවර්තනය කිරීමට හැකි වනු ඇත්තේ කර්මාන්තය, එහි ප්‍රජාවන් සහ සමස්ත රටටම ප්‍රතිලාභ ලබා දෙමින්ය.

