ඩාර්ලි බට්ලර් සමාගම “අපි වෙනස් විය යුතුමයි” වැඩසටහන සමඟින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ දැවැන්ත පියවරක් තබයි
E B Creasy & Co. PLC හි ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන අංශය (FMCG) වන ඩාර්ලි බට්ලර් සමාගම, “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව ඔස්සේ දියත් කරනු ලබන වැඩසටහන සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා සිදුකළේය. මෙම වැඩසටහනට සමගාමීව දේශීය පාරිභෝගිකයන්ගේ ඉහළම විශ්වාසය දිනාගත් ගෘහස්ථ සන්නාම වන Teepol, Bio Clean, Softny සහ Bubble All Out යන නිෂ්පාදන සඳහා නැවත පිරවුම් ඇසුරුම් (refill pouches) හඳුන්වා දෙනු ලැබීය. ප්ලාස්ටින් භාවිතය අවම කිරීමේහිලා පුළුල් සහ ප්‍රායෝගික විසඳුමක් සැපයීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ පාරිභෝගිකයන් හට දැනට භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන ඇසුරුම් සඳහා අදාළ පිරවුම් පහසුකම ලබා දීම සිදුකෙරේ.
වර්තමානයේ පාරිභෝගිකයන් තුළ ප්ලාස්ටික් භාවිතයේ ඇති අහිතකර බලපෑම් සම්බන්ධයෙන් පුළුල් අවධානයක් සහ අවබෝධයක් ඇති පසුබිමක, ඔවුන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමේ කාර්යය සඳහා ඇසුරුම්කාරක ප්‍රබල බලපෑමක් සිදු කරයි. ඩාර්ලි බට්ලර් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නැවත පිරවුම් ඇසුරුම්පෙළ තුළින්, පළමු බහාලුම ඇසුරුම් (original container) දිගටම භාවිත කරමින් නැවත පිරවුම් පහසුකම ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත. මෙමඟින් දෛනිකව මිලදී ගන්නා ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරනු ලබන අතර, සමස්ත ප්ලාස්ටික් පරිභෝජනය 70%ක පමණ ප්‍රමාණයක් දක්වා මෙයින් අඩු කරගත හැකි වනු ඇතැයි සමාගමේ අපේක්ෂාව වේ.
“අපි වෙනස් විය යුතුමයි” වැඩසටහන ගොඩනැඟී ඇත්තේ ‘නැවත මිලදී ගැනීම වෙනුවට, නැවත පිරවීම’ (refill instead of replace) යන සරල ක්‍රියාව ඔස්සේය. 2026 මාර්තු 06 වැනිදා සිට දිවයින පුරා පිහිටි සුපිරි සෑම වෙළෙඳසැළකින්ම මෙම නැවත පිරවුම් ඇසුරුම් පහසුකම ලබා ගත හැකි අතර, පාරිභොගිකයන් හට ඉතා පහසුවෙන් සහ ගුණාත්මක බවින් යුතුව මෙම නිෂ්පාදන පරිභෝජනය කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් E B Creasy & Co. PLC හි අධ්‍යක්ෂ, සංජීව ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. “ප්ලාස්ටික් භාවිතය අවම කිරීම කියන කාර්යය අපිට එක කාලයකට හෝ විශේෂ පිරිසක් ඉලක්ක කරගෙන සිදුකළහැකි දෙයක් නොවේ. දිනපතා සිදුවිය යුතු දෙයක්. විශේෂයෙන් නිෂ්පාදන ඇසුරුම් කිරීමේ කාර්යය, විකිණීමේ හා භාවිතා කිරීමේ ක්‍රමවේදයටම ඇතුළත් විය යුතු දෙයක්.‘අපි වෙනස් විය යුතුමයි’ වැඩසටහන සහ Teepol, Bio Clean, Softny, Bubble All Out යන නිෂ්පාදන සඳහා නැවත පිරවිය හැකි ඇසුරුම් සේවාව හඳුන්වා දීම තුළින්, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට තමන් විශ්වාස කරන සන්නාම දිගටම භාවිත කරන අතරතුරම, තමන්ගේ ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන බලපෑම සැලකිය යුතු මට්ටමකින් අඩුකර ගැනීමට අපි අවස්ථාව සලසා දෙනවා. භාවිත කරන බෝතලයම නැවත පිරවීම වැනි පහසු සහ සරල පුරුද්දක් ඇති කිරීම මේ වැඩසටහනේ මූලික පදනම නිසා, මෙය ඉතා වේගයෙන් ව්‍යාප්ත කළ හැකි විසඳුමක් විදිහට මම දකිනවා. ඒ නිසාම මේක ඉතාමත් සාර්ථක වගේම ප්‍රායෝගික විසඳුමකුත් වෙනවා.”
මෙම වැඩසටහන ඩාර්ලි බට්ලර් සමාගමේ ප්‍රධාන ඇසුරුම් නිෂ්පාදන කාණ්ඩ හතරක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, එම නිෂ්පාදන එදිනෙදා භාවිතයට වඩාත් යෝග්‍ය අයුරින් නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි. තවද සමාගමක් ලෙස කිසිදු තේරීමකින් තොරව සමස්ත පාරිභෝගිකයින් හට වගකීම් සහගත නිෂ්පාදනයක් ලබාදීම, දිනපතා පරිභෝජන කාර්යයට සුදුසු ආකාරයෙන් සැකසීම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම ආදී අරමුණු සපුරා ගැනීම මෙමඟින් සිදුකෙරේ.
පාරිභෝගිකයින් ලෙස ඔබට ප්‍රතිලාභ රැසක් අත්කරදෙන මෙම සුවිශේෂී වැඩසටහන, ඔබගේ එක් තේරීමක් තුළින් ඔබගේ ජීවිතට විශාල ධනාත්මක බලපෑමක් අත්කර දීමට සමත්ව ඇත. එබැවින් පාරිභෝගික ජනතාව ලෙස ඔබ සැම මෙම වැඩසටහනේ ගෞරවණීය මෙන්ම සක්‍රීය කොටස්කරුවන් බවට පත්වීමට ඩාර්ලි බට්ලර් සමාගම මෙහින් ආරාධනා කර සිටීයි.

